ප්‍රතිචාරයක් ලබාදෙන්න

සංසාරේ…………..


……………..සංසාරේ…………….

ලක්ෂයකට
සම දුරින් චලනයවන
ලක්ෂයක පථය..

සංසාරේ…………...

හයිකුවක් ලියන්න් හිතාගෙන හිටියේ ගොඩක් කාලෙකට කලින් ඉඳන් උනත් තාමත් බැරි උනා…. මේ මගේ පලවෙනි ඒත් මේක හයිකුවක්ද කියලා නම් මම හරියටම දන්නේ නෑ… “සංසාරේ”, කව්ද දන්නේ මේකත් හරියටම හයිකුවක්ද කියලා….සමහර විට  මේක කුනුහරපයක් වගේ කියලා කාටහරි කියන්න පුලුවන්…. ඕන එකක්… මං මේක ලියුවෙ මගේ ආත්ම සන්තුෂ්ඨිය උදෙසා…..ඒත් දැන් මේක කියවන කෙනා අනුව මට ලැබෙන ප්‍රතිචාර වෙනස් වේවි

ජීවිතේ සමහර අවස්ථාවලදී කවදාවත්ම දැකලා නැති න් ඇස් දෙකක් දැක්ක  ගමන් අපිට ගොඩක  හුරුපුරුදු  ගතියක් දැනෙන්නේ ඇයි….? කාටහරි කියන්න පුලුවන්ද …? ඒක සංසාරික බැඳීමක්ද…? එහෙමත් නැත්තම් අපි කිසිම හේතුවක් නැතුව හිතින් හදා ගන්න දෙයක්ද..? මං ගාව මේ ප්‍රශ්නෙට උත්තර නෑ කවුරු හරි ලඟ තියෙනවනම් මටත් කියන්න…

අපි නොහිතුවට මේ ජීවිතේ හුඟක් දිගයි. ඒ ජීවිතේ අතරතුර අපිට හුඟක් අයව හමුවෙනවා.  එහෙම හම්බවෙන සමහර අයට අපි ආදරෙයි… හේතුවක් ඇතුව හෝ හේතුවක් නැතුව. හේතුවක් ඇතුව ආදරේ කරන එක පැත්තකින් තියමු.. අපි කාටමහරි හේතුවක් නැතුව ආදරේ කරන්නේ ඇයි…? මං දන්නේ නෑ…

නන්නාඳුනන.. දැකපු ගමන්ම අමුතු ලෙන්ගතු කමක් හිතේ ඇති උන.. ආදරණිය ඇස් දෙකක් කවදා හරි හම්බවෙලා තියෙනවනම් මම කියපු ප්‍රශ්නේ ඔය හැමෝටමත් ඇති වෙලා තියෙන්න පුලුවන්…. මට නම් එහෙම අත්දැකීමක් තියෙනවා… ඒ නිසාම තමයි මං මේක ලියන්නේ….

සමහර විට ඒ ලෙන්ගතුකම නන්නාඳුනන කම නිසාම දෝ මන්දා අපි හංඟගන්නවා…..සමහර විට ඒ ලෙන්ගතුකම අපිට කාලයත් එක්කම අමතක වෙලා යනවා….. ඒත්…….. සමහර විට ඒ නන්නාඳුනන ඇස් දෙක නිසා කිති කැවුන හදවත ගොඩක් දුර යනවා…  මම දන්නේ නෑ මේකට හේතුව සංසාරික බැඳීමක්ද නැත්තම් වෙන මොකක් හරි එකක්ද කියලා….. අනික සංසාරයක් තියෙනවාමයි කියලා කාටද කියන්න පුලුවන්…. අනික් පැත්තට බැලුවාම සංසාරයක් නෑ කියලා හරියටම ඔප්පු කරන්න පුලුවන් කාටද…?

කමක් නෑ….  සමහර විට අපි සංසාරේ කවදාක හරි මීට කලින් හමුවෙලා ඇති… නැත්තම් මම ඔය හැමෝටම සම්පූර්ණයෙන්ම පිටස්තර ඇති… ඒ කොහොම උනත් මගේ හිත මොහොතකට නවත්තන්න පුලුවන් උන ඒ ඇස් දෙක මට තාම මතකයි

-පිටස්තරයා-

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: