ප්‍රතිචාර 2

මම……


මම වළාකුලක් වගේ………………. ඒ වළාකුලේ තියෙන්නේ මගෙ තනිකම මගේ පාලුව මගේ සාපිපාසාව වගේ දේවල්………………… මට තියෙන ප්‍රශ්නේ මේකයි…… ඒ වළාකුල හුඟාක් ආසාවෙන් ඉන්නව කවුරු හරි මෙහෙම කියනවා අහන්න….. “මේ ලොකේ ඔයා ඉන්නේ තනියෙම නෙවෙයි …. මං ඉන්නවා ඔයත් එක්ක… ඒ වගේමයි මට ඔයාව දැනෙනවා… ඔයාගේ හද ගැස්ම මටත් දැනෙනවා…. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්…. මමත් ඔයා වගේම වළාකුලක්….. එන්න මාත් එක්ක අපි දෙන්නා එකතු වෙලා කඳු හෙල් මිටියාවත් උඩින් ඈතට ඈ…….තට පාවෙලා යමු…. මිනිස්සුන්ගේ හදවත් විනිවිද ගෙන කො‍ටු පවුරු බිඳගෙන ඈත ලෝකෙකට පාවෙලා යමු….” ඒත් තාමත් කවුරුත් ආවේ නම් නෑ…. තාමත් මම හොයනවා මගේ ජීවිතේ ස්ථානගත කරන්න ඕනේ තැන…. මට උරුම අහස හොයාගෙන මම තාමත් හුළඟට ඕනේ විදිහට පාවෙවී ඉන්නවා…. කවදා හරි දවසක කාගේ හරි අහසක මට ඉඩක් ලැබෙයි….. ඒත් මං දන්නේ නෑ ඒ අහස කොහේ තියෙනවද කියලාවත්…. ඔහේ පවෙලා යන මංමුලා උන වළාකුලකට ඉඩ දෙන අහසක් කොහේ තියේවිද..? එහෙම අහසක් කොහෙන් කියලා හොයන්නද…?

මං මුලා වුන වලාවක් මම මඟ හසර නොම දැන…

සුළඟට ඇවැසි ලෙස පාවෙන….

ලොවට පෙනෙතැයි බියෙන් ඉකිලන තරු කැකුළු නෙත් ඉමෙන් සඟවන

මං මුලා වුන වලාවක් මම

ගිම්හාන හිරු කිරණ කාටවත් නොකියාම විඳවන……

මැදියමක ඇදහැලෙන සඳ දියේ සීතලෙන් වෙව්ලන……

මං මුලා වුන වලාවක් මම ඇවිත් ගිය වග නොකියන…

පිටව ගිය වගට පා සලකුනු නොතියන…..

මං මුලා වුන වලාවක් මම එක් තැනෙක කිසිදාක නො‍රැ‍ඳෙන

තනිකම දැනුනු මොහොතක කඳුලු මල් වැහි වස්සන…..

ස්සානයේ අවසානයේ ආයෙමත්………. දුර ඈත පාවෙන

-පිටස්තරයා-

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: