නිර්ධන පන්තික ප්‍රේමය
පට්ට අව්වට
කට්ට කලු ගැහුන
කෙට්‍ටු හදවත
අවුරුදු ගානක් පට්ට ගහපු
කබල් “කිට්” එකෙන් වහගෙන
කිට්‍ටු නොවී නුඹ ලඟට
බලන් ඉන්නවා මම….
නුඹ දිහා…………………….
තට්‍ටු කලත් ඔය හදට
චුට්ටක්වත් දැනෙන්නෑ නුඹට
හැමදාමත් නුඹ යැයි හිතාන
කොට්ටයක් බදාගෙන
තට්ට තනියෙම නිදියන්නේ කොහොමද මම……
කිට්‍ටු වෙන්න් බැරි තරම් උස
තට්‍ටු ගෙදර සඳලු තලේ ඉන්නවා නුඹ
මාට්‍ටු වෙනවා හැමදාමත්
එහෙමත් දවසක නොගෑවුනොත් නුඹ……
මගේ ඇස්වල…..
කට්ට කලුවර රෑට තනියෙම අඬනවා මම
කට්ට කලුවර රෑට..
පට්ට හීතලට ගැහි ගැහී…..
ලට්ට ලොට්ට එහා මෙහා කරලා……
පට්ට ගැහුන කබල් පැදුරේ…..
නිදාගෙන ඉන්නකොට
නුඹ එනවා මගේ හීනෙට….
මොනතරම් කට්ට කාලා හරි
ජොබ් කට්ටක් හොයාගෙන මමත්
පාරට්‍ටු නොවී කාටවත්
හදනවා තට්‍ටු ගෙයක්
එතකොට නුඹ ඇවිත්
තට්‍ටු ගෙදර දොරට තට්‍ටු කරාවි නුඹ
කිට්‍ටු වෙලා ඉඳීවි හැමදාමත් මට
-පිටස්තරයා-
කවි ටික ඔක්කොම ලස්සනයි.Meaningfull ; and extremely creative !!
දසුන්. thnak you වේවා