ප්‍රතිචාර 6

මට තහනම් මලක් , අහිමි ප්‍රේමයකට පසු වදනක්


by Pitastharaya on Sunday, February 6, 2011 at 10:48pm

පුර්ව අපර සන්ධි හිතාගන්න  නොදී ඔබව අතරමං කරන්න මට උවමනා නෑ. මේක  සින්දුවක් ගැන ලියපු සටහනක්. විශේෂණ පදය අමතක උනා.සින්දුවක් ගැන ලියපු අයාලේ ගිය සටහනක්. මට තහනම් මලක් ගැන කිව්වාම එක එක  අයට  එකේ අයට එක එක දේවල් මතක් වේවි.  හැමෝටම නැතත් ගොඩක් අයට එහෙම මතකයක් තියෙනවා…… ඇත්තම කිව්වොත් මේක “මට” තහනම් මලක් ගැන ලියවුන සින්දුවක් නිසා ඇවිස්සුන හිතකින්ලියපු බොළඳ සටහනක්…. මේ සටහනේ ඒ මල නිසා මමම පාරවා  ගත්ත තුවාලෙන් ගලපු ලේ ගෑවිලා ඇති කෙටියෙන්ම කිව්වොත් සින්දුව ” මලක් උනේ ඇයි නුඹ මට” ඒක යන්තමට වැහිබර රාත්‍රියක්.. මැදියමත් පහුවෙලා තිබුනත් මං හිටියේ අවදියෙන්. ජීවිතේ, ජීවිතේ මං දැකපු එකම හීනෙන් මං ඇහරිලා. මගේ ඇස් හොඳටන රතුවෙලා.. නිදිමතට නම් නෙවෙයි..  හිස් කම පිරෙන්න මොනව හරිම වත්කරගන්න උවමනාඋන මොහොතක මං රෙඩියෝ එක දැම්මේ ඒ හිස් කම සින්දුවකින්වත් යාන්තමට පුරවාගන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා එක සිදුවක් ගියා, දෙකක්, තුනක්..  එකම එක සින්දුවක් මහෙ හිත ආයෙමත් හිරිවට්ටව්වා

“මලක් වුනේ ඇයි නුඹ මට

ජීවිතයට සුවඳ සලන එනමුදු

සිපගන්නට තහනම්”

හීන සමහර වෙලාවකට උනුහුම්, තවත් වෙලාවකට අපිව හිරිවට්ටවන්න තරම් සීතලයි. මහේ ඒ හිස් උන හීනේ ඇතුලෙ ඔය මලක් වෙලා පිපෙවි කියලා මම හිතුවා.. ඒක හීනයක් ඇතුලේ දැකපු හීනයක්. මගේ ඇස් වලින් ගැලවිලා වැටෙන හැම ඇස් පිහා‍ටුවක්ම අල්ල උඩ තියාගෙන මං කරපු හැම ප්‍රාර්ථනාවකම ඔයා නිදියගෙන හිටියා ජීවිතේ කියන උයනේ මලක් හොය හොයා මං කොයි තරම් දුර ඇවිද්දද..? මලක් පිපෙවි,  කවදා හරි වසන්තයක් ඒවි කියල මම බලන් හිටියා. ඒ වෙනකොට මගේ ජීවිතේ තිබුන ඍතුව මොකක්ද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ.. , ඒක ගිම්හානය උනා නම් මම කොයි තරම් සතු‍ටු වෙනවද.? ගිම්හානයට පස්සෙ එන්නේ වසන්තයනේ… ඒත් ඒ ගිම්හානහ නෙවෙයි.. නමක් නැති කාලක්න්ණි ඍතුවක් කම එක  මලක් වත් කවදාවත්ම නොපිපුන උයනක් බලාගන්න උයන්පල්ලේක්ට දැනෙනෙවා ඇත්තේ කොහොම හැඟීමක් ද..? මටත් ජීවිතේ ගැන තිබුනෙ එහෙම හැඟීමක්…

ඒ තනිකම පාලුවත් එක්කම තවත් දවසක් උදාවුනා.. ඒත් එදා හැමදාමත් වගේ නෙවෙයි. අහසේ පාට වෙනස්.. මොකක්දෝ අමුතු සුවඳකින් ලෝකෙම බරවෙලා තිබුනා.. මලක් පිපිලා.. මට පුදුමාකාර හදිස්සියක්, ලෝබකමක් තිබුනේ ඒ මල නෙලා ගන්න ( තාමත් නැතුවා නෙවෙයි ඒත් හීනවලටන්ම ආදරේ කරලා මට දැන් ඇති වෙලා) මම ඒ අලුත් සුවඳ දිගේ පියමෑන්නා.. අවාසනාවක තරම. ඒ කැලෑ රෝසමල පිපිලා තිබුනේ මගේ උයනේ නෙවෙයි.. මගේ වැටට එහායින්.. අත පොවන මානෙට යන්තම් එහායින්.. මට හීලලුනා… කල්පයක් විතර දිග සුසුමක් විතරයි.. “ඔයාට නොපිපී ඉන්න තිබුනා… පිපෙන්නම ඕනේ නම් මට නොපෙනෙන මානෙක, මට සුවඳ නොදැනෙනෙ මානෙක පිපෙන්න තිබුනා.. නැත්තම් මගේම උයනේ පිපෙන්න තිබුනා.ඔයාට කොයිතරම් නම් ‍තෝරාගැනීම් තිබුනාද..? ඒත් ඔයා ඒ එකක්වත් කලේ නෑ.  ඇත්තටම ඔයා එහෙම කලේ නෑ නෙවෙයි ඔයා දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියත් ඔයාට මගෙ උයනෙම පිපෙන්න හේතුවක් එකක් වෙන එක නෑ ඒක.ඔයා පිපිලා තියෙන උයන වෙන කාටහරි අයිති එකක්ද කියලා මම දන්නේනෑ. මම් දන්නේ ඔයව නෙලාගන්න මට අයිතියක් නෑ කියලා. මට ඔයාව නෙලා ගන්න තියෙනම්.. බැරි බව ඇත්ත.. සමහර වෙලාවට අහිමිකම අදරේ තවත් සාන්ද්‍ර කරනවා.. ” ඔයාව ඉඹින්න මටම ඇයි තහනම් උනේ”

“විලක් උනේ ඇයි නුඹ

මට ජීවිතයට සිසිල ඉසින

දිය දෝතක් බොන්නට තහනම්”

තව කවුරුහරි ඇවිත් දවසක ඔයාව නෙලාගනීවි.. මටනම් තහනම් ( ආත්මාර්තකාමී කමක් වෙන්න පුලුවන්, ආදරෙකට පරාර්ථකාමීවෙන්න අමාරුයි)ඔය මගෙ ජීවිතෙ විඩා නිවන විල්තෙරක් වෙලා. ඒ ඒකපාර්ශික ආදරෙන් මාව තෙමනවා.. මම හොඳටම ඒ ආදරෙන් හොඳටම තෙමිලා.. ඒත් ඔයාට දැනෙන්නේ නෑ මම කොයිතරම් පිපාසිතද කියලා..  ඔයාට ඕනේ නම් දියවෙලා යනතුරුම මාව තෙමන්න.. කමක් නෑ.. ඒත් ඊට කලින් මට එකම එකම එක ” දියදෝතක්” බොන්න දෙන්න. නැත්තම් මට වේලිලා මැරෙන්න ඉඩ දෙන්න.. විලක් නොවී සීතල විතරක්ම දෙන.. ඒ සීතල මට නිදාගන්න දෙන්නේ නෑ, මම ඇස් දෙක පියාගත්ත ගමන් ඔයා ඇවිත් ඔය සීතල අත් වලින් මගේ නහය වහගන්නවා.. මට හුස්ම ගන්න බෑ.. ඒත් ඇස් දෙක ඇරලා බැලුවාම ඔයා කෝ……. අංශුමාත්‍රීය සලකුනක්වත් හොයාගන්න හුළඟේවත් නෑ.. වෙලාවකට හිතෙනවා මැරුනත් කමක් නෑ කියලා ඇස් දෙක පියාගෙනම ඉන්න.. මොකද ඒ සීතල ඇඟිලිතුඩුවල පහසට මම හරිම ලෝබයි “පහන් තරකාවක් සේ ජීවිතයට මඟ කීවද ඒ එලියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්” පහන් “තාරකා”, ජීවිතේ හිමිදිරියට පායපු දිලිසෙන තරු ඇස් දෙකක්. අහසටත් වඩා දුරින් ඉඳන් උනත් ඇස් පිහා‍ටුවක්වත් ඉතිරි නොකර මාව අලුකරලා දාන්න තරම් ඒ බැල්ම උනුසුම්.. ඒත් ඒ නයනතාරා මට කොයිතරම් ඈතද… ඈත් ක්ෂිතිජයටත් එහා, වලාකුලුවලටත් එහා, ඉර හඳටත් එහා, අහසේ ඈතම කොනේ.. මම කොයි තරම් හයියෙන් කෑගෑහුවත් නෑහෙන තරමට..  ඒත් එයා හැමදාමත් නිදාගන්නේ මගෙ ඇස් පියන් වලට යටින්.. මගේ ආරාධනාවක් නැතුවම ඇවිත් රෑ පුරාවට මාව ඇහැරවලා තියලා උදෙන්ම මීදුම අස්සෙන පිනි බිංදුවක් වගේ අතුරුදහන් වෙනවා ජීවිත කුටියේ අන්ධකාරයට මගේ ඇස් හුරුවෙල දැන් හුඟක් කල්.. මම ඒ අන්ධකාරෙට ඔයගෙන් අහේතුකවම ආලෝකයක් බලාපොරොත්තු උන එක මගේ බොලඳ කම.. ඒත් බොලඳ කම කියන්නේ ආදරේ ඉදිරියේ අමුත්තක් නෙවෙයි…………….

“සහන් ගීතිකාවක් සේ ජීවිතයෙ

ගිම් නිව්වද ඒ ගීයේ

සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්”

ඔයා උදෙකට අහෙන භජන් එකක් වගේ ලයාන්විති කියලා මම කියන්නේ නෑ. ඔය  සිම්පනියක් තරම් හැඟීම්බරයි කියලත් මම කියන්නෙ නෑ.. ඔය හරියට ………………….. මං දන්නේ නෑ.. මට කියගන්න දෙයක් හිතගන්න බෑ… සමාන කිරීමක් තියා ආසන්න කිරීමක්වත් මට නෑ… තාමත් පද ලියවිලා නැති, තනුව දන්නෙත් නැති සින්දුවක් මොන වගේද කියලා කාටද කියන්න පුලුවන්….. මට තාමත් ඈතින් ඒ සින්දුව ඇහෙනවා…   ඒත් වචන පැහැදිලි නෑ.. තාලේ හිතාගන්නවත් බෑ.. හැබැයි ඒක ලයාන්විතයි, හැඟීම්බරයි, ආදරණීයයි.. එත් මට පදයක්වත් මුමුනන්න විදිහක් නෑ.. මම වචන දන්නේ නෑ.. දැනගන්න විදිහකුත් නෑ…

සින්දුව ඉවර වෙලා.. රේඩියෝ එකම ඌනපූර්ණයක් කලා

” ආදරේ හීනයක් නම් ඇස් දෙක පියාන ඒ හීනේ දකින්න පුලුවන්.., ආදරේ ගීතයක් නම් මුලු හිතින්ම ඒ ගීතේ ගයන්න පුලුවන්.. ආදෙරේ පාරමිතාවක්නම් සත් සිතින් ඒ පාරමිතාව පුරන්න පුලුවන්… ඒත්  ඒ ආදරේම මිරිඟුවක් වෙනවානම් අහිමි බව දැනදැනම පස්සෙන් පන්නගෙන යන්න වෙනවා

-පිටස්තරයා-

මලක් වුනේ ඇයි නුඹ මට සින්දුව අහන්න

http://www.mediafire.com/?zrnmnjjdkvy
Advertisements

6 comments on “මට තහනම් මලක් , අහිමි ප්‍රේමයකට පසු වදනක්

  1. ඇඩෙනවා බං
    මේ දවස් වල මම උපරිමේ විදිනවා
    anyway great work

  2. හ්ම්ම්…….

    කියන්න.. “මලක් වුනේ ඇයි නුඹ මට

    ජීවිතයට සුවඳ සලන එනමුදු

    සිපගන්නට තහනම්”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: