ප්‍රතිචාරයක් ලබාදෙන්න

මලක මළගම නිමයි , අමතකයි සුවඳ දැන්


by  Pitastharaya on Monday, February 7, 2011 at 2:13pm

ඉගිලෙන්න තටු විදා, කුමට තව රැඳෙනු දැන්

මලක මළගම නිමයි , අමතකයි සුවඳ දැන්

දල්වා නුවන් පහන් වැහි වැටෙන තුරු බලන්

නිල සොයනු මන්ද දැන් වැහි වැටෙන අහසකින්

 

ඇදහැලෙන වැස්ස යට දල්වා රුවන් පහන්

සදා දැල්වෙන ලෙසින් පල කිමද පැතුමකින්

අලුත් අත්තටු වලින් ඉගිලෙන්න හිතේනම්

සිතුවිල්ල හිරකරන් ඉකිගසනු ඇයි හොරෙන්

 

නැත කඳුලු, හැරයන්න ඵල කිමද කඳුලකින්

අහස අවුරනු හැකිද දෑත විහිදා ඉතින්

වලා නැති නිල් අහස වෙනස් වෙන්නට කලින්

ඔබ යන්න ඉර හඳත් මගේ අහසත් අරන්

 

වැහි වලා පායාවි හෙටත් අහසට යටින්

නැගුන හිරු බැස යාවි මුවාවී බටහිරින්

පිණි කැකුලු අන්ධකාරෙට කලින් වැ‍ටුනොතින්

දේදුන්න පායාවි හෙටම කන්දට උඩින්

 

වස්සාන වස් දඬුව බිඳදමා ඔය අතින්

මඟහැරුනු මියුරු සර සොයනු කිම දැන් ඉතින්

“නෙතු” කඳුලු එපා දැන් දේදුන්න මත ඉඳන්

දේදුන්න දියවේවි කඳුලු පිනි දිය වලින්

 

මතක මල් පෙති වලින් පාට හොරකම් කරන්

ඇගේ සිහින දේදුන්න හිනාවෙයි මලට දැන්

අහසකට පුද දුන්නු සුවඳ ඉතිරියකරන්

පන සිඳී මතක මල ගිලිහේවි මුකුටයෙන්

 

හෙටත් මම මේ ලෙසම විල්තෙරේ ‍රැදෙන්නම්

මුකුටයෙන් වෙන්ව ගිය මලක රුව සොයන්නම්

හීනයට පාට දුන් මතක මල් පෙතිවලින්

දේදුන්නකට වඩා පාට මම දකින්නම්

 

පිස්යා

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: