ප්‍රතිචාරයක් ලබාදෙන්න

තවත් එක අතරමං වුනු බොලඳ කවියක්…. ” දිගැසී”


” දිගැසී”

නිසල හද  අහස

සසල කර සැනෙකින්

චංචල අහඹු සුලඟක ගිලිහුනු

මකරන්ද පිරි

කැකුලී………………

මුදා දැහැනින්

මා  සිල් බිඳින

උවැසී……………..

ඇස් මානයේ නවතින

වස්සානයේ සිහිනය

නුඹ වග

දිගැසී…………..

නුඹම නොදනී…………..

************************************

සේද දුහුලැල පටලවාගෙන

නාද මනකල් නගන සඳ කිඳුරී

නිහඬ අරණක

හුදකලාවක

කොපුලත මඟ

සොයන

සොඳුරු කඳුලක

දිදුලන

මට ඇවැසි

මා අනැවැසි

මිනැසී…………

************************************

දිවි ගංදෑලමත

පියසටහන් සිතුවම්

අතුරන

අතුරා නික්මයන

හසඟනාවී……………

සීතල සුසුමකින්

ජීවන නදිය සැනෙකින්

හිම අහුරක් කරවන

හිම කුමරී…………

කතරමත යනගමන

අතරමඟ

හිරිවැ‍ටුනු මැදියමක

අකීකරු කෙහෙ‍රැලි

සසලන

රිදී දුහුවිලි කලඹන

පවනී……………..

සඳට පෙර පෑයූ තරුව

අරුන්දතී…..

සඳේ පෙම නොදනී

නුඹ තවම

දිගැසී……

************************************

ඇස් මානයේගල් ගැසුනු

වස්සානයේ කුසුම

අසබඩ  පහන් කල

එකම එක තනි ‍රැයක

නිමේශයක් පවා මට

කල්පයක් ලෙස

මට

දැනුනී

************************************

නිල් අහසේ

මල් අරුණැල් පිපෙනතුරු

රෝම කූපයන් පවා කිලිපොලන

නිශා සීතල උහුලමි……

හිරු මියැදි ඇති වග

දනිමී

දැන දැනම මඟ බලා ‍රැ‍ඳෙමි…..

මම

මිනැසී

************************************

ඇසල අහස

සසල කරවමින්

රොහොඹු තුඩු අග පවා

හිරිවට්ටන

අහඹු සුලඟක

අයාලේ ගිය

අනිර්නීය කැකුලක

මුද්‍රා තැබුනු පෙති තුල

සපිරිගත

අපරිමිත මකරන්ද

සමනල පහස පතා

හඬන හඬ නෑසී

සමනලී දුර ඈත ඇදුනී

දැන් ඉතින්

************************************

සඳට නොකියා

සඳට ලංවී

හොරෙන් සඳ

මකරන්ද උරමී

රෑ පුරා

සඳවතට පෙම්බැඳ

අරුණැල්ල මැද

තුසර අහුරක් මෙන් මියෙමි

අඳුරු රෑ පහන් වන තුරු

තනි නොතනියට

නුඹ ලඟම

‍රැ‍ඳෙමී

අරුණලු කැරලි

අතරින්

නොකියාම නික්ම යන්නෙමි”

************************************

– පිටස්තරයා-

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: