ප්‍රතිචාර 4

මිස් කෝල් වස්සන ඉන්ස්ටන්ට් ආදරී


by  Pitastharaya on Wednesday, February 23, 2011 at 5:29pm

සඳ

ඩියුටි අහවර වෙන්න ආසන්නයි දැන්………

පොලොවට උඩින්

අහසට යටින්

වායු ගෝලය තුලින්

පියඹන්න සිහිනෙන්….

හදිස්සියෙන්  ම

සයනය දෙදරවාගෙන

උඩ ගිහින් උඩම නවත්තන

අකුරු එකසිය හැටකින්

පතරංග ජාතකය ලියන…

ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර ත්‍රිව්‍රතාවය

ශූන්‍යටම ආසන්න කරවන

මන්තරේ

ඇගේ ආදරේ………….

LHS හිස්

ඒ කිව්වේ

බිංදුව කුඩායි තුන

ප්‍රත්‍යක්ෂය

යලි යලිත්

ටයිප් කරන

උල් පැත්ත තබා

හදවත උඩ

එකින් එක

ටිකින් ටික

බර කරමින්

ඉන්බොක්ස් එක

හදවත පතුලටම

කිඳාබස්සවන

මන්ලොල්

කෙලිලොල්

🙂 ට

මාවත් ලොල් කරවගෙන්

save උන

setting එක

බස් ටිකට් එකක

අහසක් අඳින

ඩිජිටල් ආදරී….

හිස් අහසේ පාවෙන

වස්සනයෙ ලස්සන

3 වලායහනක

මධුසමය විඳිනට

ඇස්  😉  කරනු වෙනුවට

මිස් කෝල් වස්සන

වැටෙන වැහි බිංදුවකිනුති

මුහුඳක් මවන

ඉමෝටිකන් මැජික්  පෙන්නන

ආදරි…………………..

බයිනරි සාගරේ

පීනන ආදරේ

ඔක්සිජන් මීටරේ

කවදාවත් පහලනොයේ……..

කරමල් තියෙන අපේ කිඳුරු ආදරේ….

සංසාරේ

නිරන්තරේ

හමුවුනා

වරින් වරේ….

ඉස්සෙල්ලම වනන්තරේ

ඊට පස්සේ මහපාරේ

දැන්

මූනුපොතේ පි‍ටු අතරේ………..

ඉන්ස්ටන්ට්ව ඇතිවෙන..

ඊට වඩා ඉන්ස්ටන්ට්ව නැතිවෙන

මනකල්

දුහුලැල්

සිහිලැල්

සිහිවිකල්

බැඳීමක්

ඩිජිටල්…….

නැව පෙරලෙනකල්

කුනා‍ටුවක් ඒනකල්

සිම්පල්

ආතල්

මල්

පිපෙයි මන්කල්

උයනේ ඩිජිටල්….

-පිටස්තරයා-

Advertisements

4 comments on “මිස් කෝල් වස්සන ඉන්ස්ටන්ට් ආදරී

  1. මේ කවි ටික ඔක්කෝම ලස්සනයි.Maxxa.Extremely Creative !!

  2. මේ කවි ඔක්කොම ලස්සනයි.Maxxa.Extremely Creative!!

  3. It’s a fabulous pity you actually don’t enjoy a donate link! I’d most likely donate to this exceptional site! Document presume in the meantime i’ll are satisfied with book-marking and additionally putting any Rss feed to make sure you great Google and bing membership. Document check forwards to make sure you new posts all of which publish this approach site by means of great Youtube group: )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: