ප්‍රතිචාරයක් ලබාදෙන්න

කවියක විදිහක්, මං තාම අමුයිද…?


by pitastharaya on Wednesday, March 16, 2011 at 5:56pm

කියන තරමටම ඔය
වලාවක් කියන්නේ
මුලාවක්ද….?
වෙලාවකට
වහින්නම ඇවිත්
වහින්නම  හිතලා
වහින්නම වගේ පෙන්නලා
වහින්නෙම නැතුව ගියත්
වහින්නම ඕනිද
වලාවකින්
වෙලාවක් නැති
කලාවක් මේක…….
හත‍රැස් උනත්
නිසදැස්…
ලස්සන නැද්ද සඳ ‍රැස්…

වල් කියලා කිව්වේ මං
ගල් තලාවක් උඩ
මල් පිපෙනවා කියපු
හින්දද

ඔය නලාව දැන්
පරණයි….

එක පාරයි මං අහන්නේ…
පැහිලා ඉදිලා
බිමට නැමිලා
බරවෙලා
ඉන්න “අතු”
ඇත්තටම කියනවද..?
මං තාම අමුයිද…?

සඳ සාවියක්
(වේ) සාවියක් උනත්
සඳ කැමති නම් මනමාලි කරගන්න…
ඇයි වද වෙන්නේ කවුරුත්…
සඳේ “පැණි හඳ” ගැන

කාර් එකත් මගෙ නම්
පෙට්‍රල් ගහන්නෙත් මම නම්
ඩ්‍රයිවරුත මමම නම්
ඉතිං
නවතින්න එහෙනම්……..

මේක මාර අවුලක්
පරක්                            තෙරක්

අගක්
මුලක්
නැති
සුදුපාට
පැටලිච්ච නූල් බෝලයක්………

නෑ කමක් නෑ තවත්
දාන දාන් උදැල්ලක්…….
ඉනිමඟක් කියලා
හිතන්නම් මං

ක‍ටු පොකුරු උනත්
පිපේවී හෙට වත් මලක්

කවියකට තියෙන්නම් ඕනිද විදිහක්……..
මටනම් හිතෙන්නේ
කවියක් කියන්නේ
කියන්න තියෙන
තවත්
එක විදිහක්

-පිටස්තරයා-

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: