එක් ප්‍රතිචාරයක්

වර්ණ



කෙල්ලෙක්ද ?  කොල්ලෙක්ද ?
කොල්ලෙක්.
නිල්පාට
ඇරඹුනේ එහෙමයි ඒක පාට ගැන හැඟීමක් වත් නැතුව.
සුදුපාට මව් කිරෙන්.
රතුපාට ලේ සුදුපාට කරන
ආ ද රෙ න්.
පින්සාර පෙම්පාට මව් තුරුල .
රන් කිරි කටගෑ
පෙම්සාර උණුහුමට.
රොසපාට කම්මුල් ඉඹින.
සංසාරේ මනින තප්පර කටුව.
හිතා ගන්න බැරිතරම් දුර ගිහින්
ඡීවිතේ ගෙවුනාම.
එක එක පාටයි අපි දාන කන්නාඩි.
වෛවර්ණ ජීව්තේ ඉතින්.
කෙලිලෝල පාට පුංචි කාලේ.
නිල්පාට කලිසම 
දුඹුරු පාට වෙනකල්
පෙරලිලා මඩ ගොඬේ.
වගක් නෑ ඒක.
වැදගත් පාට 
වැදගත් නැ අපිට.
කාලයක් ගියාම නම් වැදගත් පාට වැදගත්.
නිල්පාට කලිසම උනාම සුදුපාට.
මඩපාට වෙයි කියා බයටම
පොලවටත් නොදැනෙන්න අඩි තියෙන.
ඉලනදාරි පාට.
නිකට යට යන්තමට
දැලි පාට.
ඊට පස්සේ පෙරලුනාම
පිටුවක් අමුතු පාට.
රතුපාට රෝස මල් ආදරේ.
(දැන් නම්  නිල් පාට අලුතම පැහැය ආදරේ)
රැුලි වගේ සාගරේ. 
නන්නාඳුනන පාට හැඟීමක්.                                                                          
පාට පාට මල් පිපිලා.
වසන්තය ඇවිල්ලා ජීවිතේ.
පොලව ඉර වටේ තවත් රවුම් ගානක් ගියාම - වයසට ගිහින් තව ටිකක් ජීවිතේ.
වෙනස් වෙලා අහසේ පාට.
දවස් දෙකක් නොකැපුවොත 
මූණ පුරා කලුපාට.
ලොකු මිනිහෙක් පාටයි දැන්.
නැද්ද ඉතින් පිලිවෙලක් වෙන පාටක්.
හැමෝම අහයි.
ඔන්න ඉතින් රෝසපාට පිටුවක්.
අලුත ජෝඩුව පින් පාට.
රන්පාට මාල ඇත්දල පාට සේල
දවස් දෙකකින් ඉවරයි ඒක.
එක්කෙනා දෙන්නා වෙලා
දෙන්නා තුන්දෙනා උන දාට.
තව එක්කෙනෙක් ඇවිත්
බලන්න ලෝකේ පාට.
ආදරණීය පාට ජෝඩුවට
කාලයේ ඉර අව්ව වැටුනාම.
පිච්චිලා පාට.
පරණ  පාටයි ආය.
එකම පාටට එපාවෙන ජීවිතේ
හැමදාම.
හැමදාමමත් නෙවෙයි.
කලුපාට කෙස් වල කලුපාට අඩුවෙලා
රිදී පාට උන දාට.
පේන්නෑ ආයෙමත් අහසේ පාට.
අන්තිමට කල් ගිහින් 
නැවතුනාම ආයෙමත් සුදුපාට.
ඛෙිදයකි.....
තිතක්.....ඉරකි....
මල් වැලකි.....
ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි....
සුදු පාට රෙදි කඩක
කලුපාටින් ලියා ඇති 
සාතිහය සංවේගයකි
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: