ප්‍රතිචාර 3

හෘද ස්පන්දන



වසන්තය ඇවිත් තිබුනා මතකයි
නෑ
ඒ වසන්තය නෙවෙයි "හෙණ ගහන වසන්තය" වහිනවා හයියෙන්
තාම පොඩි එකා මං
මතකයි මට
හයියෙන් වැහැපු දවසක  
අහස ගුගුරන හවසක
උඹට පැරදුන හැටි මම
වැස්ස යට තෙමි තෙමී 
වීදි කොන සුනඛ් පෝතකයෙකි 
වෙව්ලනවා සීතලේ

සීතල අස්සේ උනු වෙලා වැටුනු හැටි උඹ 
පුදුමයි හදවත

"මැරිලා යයි මූ තෙමිලා සීතලේ ඇරන් පලයන් ගෙදර"
කිව්ව උඹ එහෙම
ඉතිං ඇරන් ගියා මම ගෙදර 
ගෙදර ගෙනියලා
කවලා
පොවලා 
නාවලා 
හදලා ගත්තම 
පැනලා ගියා ඌ 
මගේ අත විකලා 
නික්ශේපන දාහතරයි - උඹට හරි සනීප ඇති නේද හදවත 

උඹ තමයි කිව්වේ මට ඌව ගෙදර ඇරන් එන්න
 
******************************************** 


ආයෙමත් වසන්තය ඇවිල්ලා තිබුනා මතකයි 
නෑ මේපාර

හෙනගහන වසන්තය නෙවෙයි
වසන්තය වසන්තය 
ඉහිරුනු හිරිකඩ - සීතල මදනල -තදම තද මීදුම 
පාර පේන්නෑ මට 
වැස්සකට දියවෙලා - මීදුමෙන් අතරමං වෙලා
යන පාර වැරදිලා - හුළඟකට අහුවෙලා 

කිරිල්ලියක් ආවා 
අහම්ඛෙන් පියඹලා 
වහ වැටිලා උඹ ඒකිට 
"දිපන් මාව මේකිට
 බලාගනීවි මාව උනුහුමට 
ඒ අත්තටු මැද තියාගෙන"
 
දැන දැනම මං පැරදුනා අයෙමත් උඹට
නිල්පාට ඇස්ලු 
රෝසපාට තොල්
සිසිවන උවනලු 
දුඹුරු පාට කොන්ඩේ
එක එක විකාර 
දෙඩ්ව්ව හැටි උඹ 
වැස්ස ඉවරයි
ඉරත් පායලා 
මිදුමත් අතුරුදහන් 
කිරිල්ලි කෝ
දැන් 
ඒකිත් අතුරුදන් 
සින්දු කියපු කිරිල්ලි 

ගියා ඒකි ඉගිල්ලී 
දැන් වෙන කාගෙද කූඩුවේ
ඉන්නවාලු පාඩුවේ 
නෑ ඇඩුවේ නෑ මං 
හොයාගෙන ගියා මං 

මෙච්චරමයි ඇහුවේ 
නැද්ද උඹට හදවතක් 

"හදවතක්...?" 
"නෑ" 
ඒකිගේ අලුත් කුරුල්ලා 

ඇවිදින් මට හිනා උනා 
"මූට හදවතක් තියෙනවලු" 
රංචු පිටින් කුරුල්ලෝ - ඇවිදින් මට හිනා උනා 
කින්ඩි සිනා කෝටියයි - හදවත ඒ උඹ නිසයි 
ගැහෙන 
දඟලන 
රැවටෙන හදවත 
රෑ වැටුන වලේ දවල්ටත් වැටෙන
මට නම් එපා ආයෙමත් 
යන තැනක පලයන්
ඔය හෘද ස්පන්දනත් 
ඇරගෙන
 - පිටස්තරයා-
Advertisements

3 comments on “හෘද ස්පන්දන

  1. අකුරු පොඩි වැඩියි. කියවීමට අපහසුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: