ප්‍රතිචාර 2

ඈ නැති මැදියම


 
සඳ සෙවනැල්ලේ 
අලුත තුවාල උනු හිතකින්
 ගලායන ලේ 
කොපුලත ඉකිලන
 කඳුලක උනුහුම 
කැටි වුන ලේ 
නල සිහිලැල්ලේ 
හිරිවැ‍ටුනු මැදියමක 
ඇහැ ඇරෙන සිතිවිල්ලේ 
ගෑවුන ලේ 
තරු අරුනැල්ලේ 
පිපෙන්නට බැරිව ලතැවෙන
 අනිර්නීය අරවින්දයක 
සපිරිගත 
අපරිමිත 
මකරන්ද 
සමනලියක පහස පතා ‍
රැය පුරා කඳුලැල්ලේ 
හද ගැස්ම යයි අයාලේ
 තනි රෑට
ඝනඳුරට 
එලියක්ව 
නුඹ එවන 
කෙටිම කෙටි වදනකුත් නැතිව ‍
රැය 
ගි 
ලි 
හි 
ලා 
හුදකලාවේ
අහසින් හොරෙන් 
රහසින් ඇවිත් අහසින් 
සිහිනෙන් ලඟින් දැවටෙන්
 පහසින් දෙතොල් පහසින් 
සිහිනයෙන් මා මුදවන් 
"පුන්‍යවන්ත පෙම්වතී" 
ඉතිං නුඹ නුඹේ ලෝකයට 
මම මගේ හීනයට 
දිසි ගඟුලැල්ලේය නල සිහිලැල්ලේය 
තුරු සෙවනැල්ලේය තරු අරුනැල්ලේය 
මද පවනැල්ලේය සඳ සෙවනැල්ලේය
 නුඹටම ලොල්ලේය හිත ලතැවුල්ලේය 
ඉතින් ‍රැවටෙනු එපා 
" මං තාම පන පිටින්" 
කඳුලු නම් නෙවෙයි මේ 
ආදරේ ..... 
රතුපාට ලේ....... 
- පිටස්තරයා-
Advertisements

2 comments on “ඈ නැති මැදියම

  1. ආදරේ කියන්නෙ සුන්දර දෙයක් කියල බොහෝ දෙනා කියනව. ඒත් ඒක හුදු සිතිවිලි මාත්‍රයක් විතරයි. පොඩි එකකුගෙ වැලි මාලිගාවක් විතරයි. ඉස්සර මාත් හිතුව ඒක සුන්දර දෙයක් කියල . ඒත් ටිකෙන් ටික අත්දැකීම් ලැබෙනකොට මගේ අදහස් වෙනස් උනා. කාලය නැමැති තිත්ත කසාය මගේ අඳ දෙනෙත් සුව කලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: