ප්‍රතිචාර 2

සින්තටික් සිහින


ජීවිතේ….. දිගු හීනයක්…..

හිස් අවකාශයේ

ඈතම ඈතම ඈනම කොනේ තනිව

නමක් නැති නිමක් නැති හීනයක්

අනුන් වෙනුවෙන්

අපේ කඳුලින්

අපිම ඔපලන

හීනයක්

අල්ලාගත්තත් තදින් කොයිතරම්

නොකියාම නික්මෙන

සුලඟ වෙස් ගෙන නික්මෙන

අහඹු නිමේෂීය සුසුමකිනුත් සසැලෙන

අස්ථාය් හීනයක්

සාරඅසංඛයිය

කල්ප ලක්ෂ හතක්

පෙරුම් පුරාගෙන

පෙරුම් පුරාගෙන

අහුලගත්ත

පිණි කැට වලින්

පාට පාට දියකර

අපේ හිත තියා පැත්තක

අනුන් කියන් විදිහට

පින්තාරු කරන නිසාම

හිටපු හැටියෙම අපිටම පිටස්තරවෙන

හීනයක්

ඈත නම් සඳ

වලාකුලු වලට වැඩියෙන්

අතැර වලාකුලු

සඳට ආදරේ දෙන

ඈත නම් ඉර

සඳ අතහැර

ඉරට පෙම් පුරන

ඉරටත් වඩා දුර

ආලෝක වර්ෂ කෝටියක් දුර

දිලිහෙන

පුංචි තරුවක

පරණම පරණ එලියෙන්

පාර හොයන

අතෘප්තිකර හීනයක්

ඉනිමඟ දිගේ

ගොඩවී හඳට

ඉනිමඟට පයින් ගහන

ආයෙමත් එන්න හිතුනාම

ඉනිමඟ නැතුව දඟලන

විසේකාර හීනයක්

පොලවට ලංවෙලා ඉන්න තරමටම හොඳ

අහසට ලංවෙලා ඉන්න තරමට

පරිස්සමි කරන්න වෙන

බිම වැටෙන්නම බලන

බිම වැටුනොතින් බි‍ෙඳන

සින්තටින් හීනයක්

-පිටස්තරයා-

Advertisements

2 comments on “සින්තටික් සිහින

  1. Yes of course
    ආයෙමත් එන්න හිතුනාම

    ඉනිමඟ නැතුව දඟලන

    විසේකාර හීනයක්

    adatath hithenawa ayeth apassata gihilla varaduna than hadaganna but Ladder ඉනිමඟ?

    GOOOd.sory i dont have sinhala fonts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: