ප්‍රතිචාර 2

උයන්පල්ලා


ඉමක් කොනක් නැති උයනකි
මලක් නැති
දිනක් එක පිපී තනි මලක්
නිමක් නැත් සුවඳැති
නමක් නැති මලක්
උයන්පල්ලා දැක එමල
ප්‍රමෝදිත විය මලේ සුවඳින්
වහීකෘත විය මලේ පැහැ‍‍ෙයන්
පැහැදුල් සරින් පැහැසර
බ්ඳගත් හෙතෙම බඹසර
වැද අනඟ හීසර
බැඳුනි හදවත පෙම්බර
දිවා රෑ ඔහු එතැනම වීය
නියඟයට පැන් පහස ඔහු විය
සැඩ හිරුට සෙවනැල්ල ඔහු විය
බඹර මී මැසි සමනලුන් හට
ඉඩ නොදුන් හේ රැකවලෙත් විය
මේ මල් කැකුල ගැන බියවිය
නෙලාගන්තැයි එය යනෙන “ මහජනතාව” උයනට
නොපිපුනි නිසා මල්
ගලවා බොහෝ කල්
ගතවුනු
බෝඩ් ලෑල්ල නැවත එල්වීය
එමල අසලම
“මෙ උයන දස අත නෙක විද සුවඳ පතුරන
අනේක විද පුෂ්පයන් නෙලීමෙන් වලකින්න”
කලකින් පිපුනු මල
අමුත්තක් විය ඔහු හට
මල පරවෙන දිනය ගැනසිතා
සිහින‍ෙයනුදු ඔහු ඉකි ගැසුවේය
දිනක් එක් මහධන සිටුපුත්
පැමිනීය උයන්කෙලියට
“Wow what a beautiful
මට මේ මල ඕනි”
“ඒත් සර්………………….”

අවසානය කථාව
නැත යමක් ඉතිරිව
මල ලඟ තනියට හිඳිමුදු
උයන්පල්ලාම පමනකිය ඔහු
හිමිකරු නොවේ උයනෙහි
යනු කෙලෙස ඉහලින්
සිටු පුත්ට මහධන
දිවි හිමියෙන් රැකුවද
උයන අන්සතු
නැත අවසන හිමිකමක් එහි

Advertisements

2 comments on “උයන්පල්ලා

  1. විඳින්නට ඇතිදෙය විඳපන් අයිති කර ගන්නට තෘෂ්ණා නොවී….කියනවනෙ…..ඇත්තටම මලේ සැබෑ අයිති කාරයා කවුරුද ?

    අපූරු නිර්මාණයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: