ප්‍රතිචාර 4

සිංඤෝරේ


සිංඤෝරේ

ඉඳලාම ඇතිවෙලා ලංකාවේ

එපා වෙනවා සංසාරේ

කවුරුත් නෑ “ අමෝරේ”

හැමදාමත් ඉන්න බෑනේ මහපාරේ

“කාර් නෝ

බාර් ගෝ

තෑගි ගන්න සල්ලි නෝ”

ඉන්නව කියල එකටම මුලු සංසාරේ

එයත් ගියා නෑ කියලා “අමෝරේ”

ඉතාලියට යන පාරේ

සල්ලි පඳුරු තියෙනවාලු සිංඤෝරේ

යන්න පාර දන්නවාද

මාව ගිහින් දානවාද

සිංඤෝරේ

සිංඤෝරේ

ඉතාලියෙද තියෙන්නේ කතරගම දේවාලේ

මෙහෙ කඩවල කොත්තු රොටිත් ගහනවාද සිංඤෝරේ

පිස්සු හැදෙයි සඳ බැබලෙයි

ලංකාවෙම කෑල්ලක්ද ඉතාලියත් සිංඤෝරේ

වීසා ඕනේ නෑ එහෙනම්

හැංගෙන්නේ නෑ මම නම්

හිතේ බයක් නෑ දැන්නම්

බස් එකෙන්ම ඉතාලි යං

වැනිසියේ පොලීසිනේ පැන්නුවානේ මගේ පස්සෙන් සිංඤෝරේ

බැරිම තැනයි බෝට්ටුවට පැන්නේ මං සිංඤෝරේ

දවස් දෙකක් හබල් ගාලා එකතැනමයි මං වතුරේ

බොට්ටුවේ ලනුව ලිහුවේ නැද්ද සිංඤෝරේ

මං හබල් ගෑවේ අපරාදේ

ඉතාලියට ගිහින් මලත් සැපයි සිංඤෝරේ

සැප ගන්න ඉතාලියට යන්න ගිහින් මං මැරිලද සිංඤෝරේ

කියනවාද මට දැන්වත්

මං දන්නෑ මටම හොරෙන් මං මැරිලද සිංඤෝරේ

මං මැරිලද බලලා මාව ඇරන් යන්න සිංඤෝරේ

ගිහින් මාව අම්මලාට බාර දෙන්න සිංඤෝරේ

හැමදාමත් ඉන්න බෑනේ අයිස් පෙට්ට් ඇතුලේ

සීතලේම මං මැරේවි සිංඤෝරේ

සීතල උහුලන්න බැරුව තවපාරක් මැරෙවි මං

සිංඤෝරේ

-පිටස්තරයා-

Advertisements

4 comments on “සිංඤෝරේ

  1. මම දන්නේ නෑ. මොන ලෝකෙන් උඹට මේ අයිඩියා එනවද කියලා..!! ඒත් මම මාර ආසයි මේ කවියට..!! :))
    මරු සමාජ විද්‍යාවක් මේක ඇතුලේ හැංගිල තියෙනවා

  2. නියමයි මචං! ලස්සනයි වචන ටික සහ රයිම් එක!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: