ප්‍රතිචාර 5

විභාග අපේකෂකයාගේ පෙම් හසුන


ලක්ෂයක් විතරද මම
අනන්තය වගේ දැනුනත් මට උඹ

ජීවන රේඛාව සමච්ඡේදනය කරන උඹ

ආදරේ, ඔක්සිටෝන් ශ්‍රාවය කරවන
තාම හිතා ගන්න බෑ

උපරිමයක්ද
අවමයක්ද
අනන්තයටම ගියාට පස්සේ හම්බවෙන
ස්පර්ශෝන්මුඛයක්ද…?

පරිපූරකයක් තියෙනවද…?

ඛණ්ඩාංක මොනවද…?

අනූපූරකයක් වෙයිද මම….?

එහෙමනම් ඇයි අනුකලනය කරන්නේ මාව…..?

දන්නැද්ද මගේ ආදරේ හරස්කඩ වර්ගඵලය

බලාපොරොත්තු වල අනුක්‍රමනය
ඇයි මේ තරම් සංකීර්න කෙල්ලේ උඹේ මූල

වැඩි උනාට ලම්භ දුර
ඇයි අඩුවෙන්නේ නැත්තේ ආකර්ෂනය

නිව්ටන් කිව්වේ බොරුද

සංක්‍රමනය වෙන්නේ නැත්තේ

කුසන්නායකද උඹ

නැත්තම් පරිවාරනව කරලද…..?

ස්ඵෝටනය වෙන්න කලින්

අඩු කරපන් උෂ්ණත්ව අන්තරය

දෙන්නේ නැත්තම් සමපාත වෙන්න

ඉඩදියන් මට සමාන්තරවත් වෙන්න

කැමති වෙනවා නම් මට

බහුවලයක් පරාවලයක් නෙමෙයි

සයින් වක්‍රයක් වෙන්නම් මම

සමපාත උනොත් ප්‍රතිබිම්භ

ප්‍රතිවර්ත වෙයි ජීවිතය

ප්‍රේරනය කරන්න විදිහක් හිතාගන්න බෑ මට තාම

ආරොපනය කරන්නේ කොහොමද

මම තාම උඹ ලඟ ת /   2 නිසාද

අර්ථ දැක්වෙන්නේ නැත්තේ ටැංජනේ

පූර්න ප්‍රත්‍යස්ථ නිසා වෙන්න ඇති මම

පෙන්නන්නේ මට මාපාංක

දන්නැද්ද තාම උඹ ඉන්නේ වර්ගමූල ඇතුලේ වග

එලියට ආවම අඩු වෙලා යයි උඹේ අගය
එහෙම දවසක් ආපුවාම

උඹව ඇරගෙන අල්ලලා බන්සන් දාහකයට

විලීන කරලා උඹව

දාගන්නවා මම උඹව මගේ

ජිවන ප්ලාකුවට….

දාලා සීල් කරලා තියාගන්නවා කවදාවත් යන්න බැරිවිදිහට

Advertisements

5 comments on “විභාග අපේකෂකයාගේ පෙම් හසුන

  1. හ්ම්ම්

    නියමයි ඈ… 🙂

    ඉතිං ඔයා සීල් කලාද..?

  2. නියමයි ඈ… 🙂

    සිරාවට අයියත් සිල් කලාද…….?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: