ප්‍රතිචාර 3

දෙනෝදාහක් නොදත් පරම සත්‍යය..


by Mac Eins on Saturday, May 28, 2011 at 9:18pm

මෙය පහත දැක්වෙන අන්තර්ජාල සම්බන්ධකයෙහි(web link) පවතින කරුණු හා සබැදි බව කරුණාවෙන් සලකන්න. මෙහි මාගේ ස්ලාම් මිතුරු කැළ වෙත

http://www.facebook.com/home.php?sk=group_160873837299916&view=permalink&id=176497519070881

යන අන්තර්ජාල සම්බන්ධකයෙහි(web link) පවතින ගැටලු වලට මට ලැබුණු ප්‍රතිප්‍රශ්ණ කිරීම් සදහා පිළිතුරු වේ. මෙය කියවා අවබෝධ කරගෙන මගේ උක්ත අන්තර්ජාල සම්බන්ධකයෙහි(web link) ඇති ගැටලු වලට තර්කානුකූල පිළිතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

__________________________________________________________________________________

සියල්ලටම පෙර මගේ ප්‍රශ්ණ ඉදිරියේ නිරුත්තර වූ දනන්ගෙන් ලැබුණු උගතෝකොටිකයන් විමසා බලනු කැමැත්තෙමි. මෙම උගතෝකොටිකයන් ලැබෙන්නේ ඔබ මාගේ තර්ක ඉදිරියේ බංකොළොත් වූ නිසාදැයි සැකයක් මට පැන නගී.  ඒ කෙසේ නමුත් මෙහිදි මම මගේම ආරකට හා පිළිවෙලකට උත්තර බදිනු රිසි වෙමි. මාගේ ගැටලු වලට වග උත්තර බදින්නට අපොහොසත් වූ උක්ත චූදිත තෙමේ විටෙක බුදු දහම ඈසුරෙන් මාගේ පිළිතුරු පතන අතර විටෙක නූතන විද්‍යාව ඈසුරෙන් මාගේ පිළිතුරු පතයි. මෙය තොරා බේරාගත නොහැකි නිසා මම දෙ ආකාරයෙන්ම ඔබට කරුණු පෙළහර දැක්වීමට කමැත්තෙමි,,

මිනිස් සිරුරේ සමහර ක්‍රියාකාරකම් විද්‍යුත් ධාරාවක් මගීන් සිදුවන බව සොයාගෙන ඇත. හදවතේ ගැස්ම(Heart Beat) චින්තන ධාරා ඇතිවීම මෙලෙස සිදුවන බව සොයාගෙන ඇත. ධාරාව ඇති වන්නේ (K+) අ‍යණ වේගයෙන් ස්නායු හරහා ගමන් කිරීමෙනි. උදාහරණ හා වැඩි විස්තර සදහා

http://en.wikipedia.org/wiki/Electrical_conduction_system_of_the_heart

ලින්ක් භාවිතා කරන්න. මෙහිදී විද්‍යුත් චුම්භක තරංග ශ්‍රේණියක් ඇතිවේ. මෙය විද්‍යාත්මකව ඕරාව නමින් හැදින්වේ. මෙම විද්‍යුත් චුම්භක තරංග ශ්‍රේණියේ තරංග එකිනෙක අධිස්ථාපනය වීමෙන් මුල් තරංගවල ස්වරූපයන්ට අනුරූප තරංගයක් ඇතිවේ. එනම් කෙනෙක් හොද දෙයක් සිතන්නේ නම් හොද සිතිවිලි වලට අනුරූප තරංග රටාද, නරක දෙයක් සිතන්නේ නම් ඊට අදාල තරංග රටාද ලෙස විවිධ ආකාර තරංග රටා සිතන වාරයක් වාරයක් පාසා ඔහුගේ ජීවිතය මුළුල්ළේම එකතුකරමින්, සංයුක්ත තරංගයක් ගොඩනගමින් ජීවත් වේ.මියයන්නට ආසන්න වූ විට මිනිසෙක්ගෙන් පිටවන මෙම ඕරාවේ ප්‍රභලත්වය ඉතා විශාල වන බව සොයාගෙන ඇත.මෙයද එක් හේතුවක් කරගෙන ඔහුගේ ජීවිතය තුළ ගොඩනැගුණු සංයුක්ත තරංගයේ සංඛ්‍යාතයට ආසන්න පරාසයක පවතින ලොවක් අතර ඇතිවන අනුනාදී කම්පනය හේතුවෙන් එම ඕරාව සහිත වූ ආත්මය එම ලොවට එක්වන බව පෙන්විය හැක. එනම මිනිස් ලොවට වඩා සංඛ්‍යාතය වෙනස් හා මාන වෙනස්ව පවතින ප්‍රේත, අසුර, දිව්‍ය, බ්‍රහ්ම හෝ නිරය හා සමග වුවද සම්බන්ධ විය හැක. නිර්වානය යනු මෙම ඕරාව සිරුරින් ප්‍රහීන කිරීමයි. එනම් කිසිදු ලොවක් හා අනුනාද වීමට සංයුක්ත තරංගයක් ඔහුට ඉතිරි නොවීමයි. එවිට කිසිදු ආකාරයකින් ලොවක් හා එක්විය නොහැකි වනු ඇත. එනම් ඔහු නැවත කිසිවිටක නොඋපදිනු ඇත.මෙහෙදී කිසිදු ආයාසයකින් තොරව පුනර්භවය විද්‍යාත්මකව ඔප්පු වන බව අමුතුවෙන් කිවයුක්තතක් නොවනු ඇතැයි සිතමි. තවද මෙහිදී විවිධ ලෝකයන්ට විෂය වන තරංග සංඛ්‍යාත හා මාන පවතිනවා යන්න ගැටලුවක්  වනු ඇතැයි සිතමි. මෙයටද කෙටි පිළිතුරක් දීමට සිත්විය. එනම් විද්‍යුත් චුම්භක වර්ණාවලිය හා මාන හා අවකාශ පිළිබද හැදින්වීම් සහිත වෙබ් ලින්ක් දෙකකි. වැඩිදුරට විස්තර ගෙන හැර නොදක්වන්නේ ලිපිය වඩා දික්වන නිසා බව කරුණාවෙන් සලකන්න.

විද්‍යුත් චුම්භක වර්ණාවලියhttp://en.wikipedia.org/wiki/Electromagnetic_spectrum

මාන හා අවකාශය

http://en.wikipedia.org/wiki/Dimension

මේවා සදහා බුදු දහම ඇසුරෙන් විග්‍රහයක් ගෙන් එමට කැමැත්තෙමි. බුදු දහමේ අප කුසල් (පින්) හා අකුසල් (පවු) ගැන කතා කරයි. නමුත් ඔබව මවිතයට පත්කරමින් මේ කරුණු මා ඉහත සදහන් කළ ඕරාවේ ඇති තරංග සමග මනාව සැසදේ. එමගින් බුදු දහමේ කුසල් හා අකුසල් නවීන විද්‍යාව හා මනාව ගැළපෙන බව ඔප්පු වේ. බුදු දහමේද එන විග්‍රහයන් වලට අනූව මියයෑමට ආසන්න වූ විට සිත  වඩා ප්‍රභල වන බව කියැවී ඇත. තවද මෙවැනි විග්‍රහයක්ද කිරීමට සිත්විය. එක් දිනක් දෙවි කෙනෙක් බුදු රජානන් වහන්සේ හමුවී දහම් කරුණු දැනගැනීමට පැමිණ ඇත. එම දෙවියා පොළවට බැස්ස විට ඔහු පොළව තුළට කිදාබැස ඇත. එය බලාසිටි බුදු රජානන් වහන්සේ එම දෙවියාට මේ මහපොළොවේ මාන ඔබ ලොවේ මාන හා වෙනස් වන බැවින් ඔහුට මහපොළොවේ රැදීමට නම් ඔබේ ස්වභාවික සංඛ්‍යාතය මහපොළොවට ඔබින ලෙස සකසා ගන්නා උපදෙස් දී ඇත. එම දෙවියන් එසේ කළවිට ඔහු මහ පොළොව මත  රැදී ඇත. මේ අනූව බුදු දහමෙන් නවීන ගණිතයෙන් ඔප්පු වී යන මාන පිළිබදව හා අපට වඩා වෙනස් සංඛ්‍යාතයකින් යුක්ත ජීවීන් සිටිය හැකි බව මනාව විග්‍රහ කර ඇත. එනම් බුදු දහමේ එන සියළුම අසුර, ප්‍රේත, දිව්‍ය හා අපාය යන ලෝකද, දෙවියන්, දිව්‍ය අංගනාවන්, අසුරයන්, ප්‍රේතයන් ආදීවූ සත්වයන් පිළිබදව බොදු ඉගැන්වීම් නූතන විද්‍යාව හා මනාව ගැළපෙන් බව ඔප්පු වේ. තවද එක් විටෙක වසවර්ති මාරයා බුදුන් හමුවට පැමින ” එම්බා ශ්‍රමණය, සියළු සත්වයන්ගේම  මනසින් විහිදෙන, අවකාශයේ ඇසිරී පවත්නා රැහැනක් පව්තී. මම එම රැහැනින් නුඹ බැද තබමි” ලෙස කියා ඇත.  මෙයට ප්‍රතිඋත්තර දෙන බුදු රජානන් වහන්සේ ” එසේය මාරය, එවන් රැහැනක් පවතී, සත්වයා සසරට බැද තබන එම රැහැනින් මා මිදී සිටිමි” ලෙස සීහනාද කළසේක. සිදුවූදෙය අවභෝද වූ මාරයා පළා ගිය බව කියවේ. මෙම රැහැන ලෙස හදුන්වා ඇත්තේ වත්මන් දත්ත අනූව ඔප්පු වී ඇති ඕරාවම බව ඔබට පසක් වනු ඇත. මේ අනූව අප මහා බුදු රජානන් වහන්සේ සියළු කෙළෙසුන් නසා නිවන් අවභෝදකළ විද්‍යාවෙන් වුවද ඔප්පු වේ. එනම් අරහතුන් වහන්සේලා නැවත නූපදින බව විද්‍යාවෙන් වුවද ඔප්පු වේ.

බුද්ධිමතුන් විසින් ඉහන අමුර්තයක් වන් කරුණු පහත පරිශීලකයන් ඔස්සේ වැඩිදුරටත් ගවේශණය කරන ලබත්වා 

  • අයින්ස්ටයින්ගේ මාන හා අවකාශ පිළිබදව ප්‍රකාශයන්,
  • විද්‍යුත් චුම්භක තරංග හා ඒවායේ ලක්ෂණ අඩංගු පරිශීලකයන්,
  • සංයුක්ත නිකාය – දේවදූත සංයුක්තය,
  • සංයුක්ත නිකාය – මාර සංයුක්තය,
  • නූතන පාරමනෝවිද්‍යාව ආශ්‍රිත ග්‍රන්ත,
  • මිනිස් සිතේහාස්කම් ග්‍රන්ත පෙළ,

පසුව උක්ත මිතුරු තෙමෙ බුදුන් වහන්සේ අහසින් වැඩියේ කෙසේද යන්න විමසයි. වෙහෙර කාපු එකාට අග්ගලාව කජ්ජක් නොවන මෙන් ඉහත කරුණු සියල්ල ඔප්පුකළ මා හට එය කජ්ජක් නොවන බව මතක තබා ගැනීම රිසි වේ. පළමුව ගුරුත්වයේ බළපෑම ඇතිවන්නේ ස්ඛන්ධ කෙරෙහි පමණක් බව සිහි තබාගන්න. ස්ඛන්ධයක් නොමැති කිසිදු දෙයක් පොළොවට ඇද ගනු නොලැබේ. ඔබ ඩී බ්‍රොග්ලි නම් විද්වතා සොයාගත් තරංග – අංශු ද්වේතය ගැන දන්නේ යැයි සිතමි. එය මේ ආකාර යෙන් දැක්විය හැක.

l = h/(m*v)

l – වස්තුවේ(සත්වයාගේ) තරංග ආයාමය,

h – ප්ලාන්ක් නියතය(වෙනස් නොවන් නියතයක්),

m – වස්තුවේ ස්ඛන්ධය,

v – වස්තුවේ ප්‍රවේගය,

වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Wave%E2%80%93particle_duality භාවිතා කරන්න.

මෙයට අනූව වස්තුවේ සංඛ්‍යාතය වෙනස් කරන විට ස්ඛන්ධය වෙනස් වන බව ගණිතය බිදක් හෝ දන්නා අයට අමුතුවෙන් කිව යුක්තක් නොවේ. මේ අනූව බුදු රජානන් වහන්සේ දේශණා කළ පරිදි තම සංඛ්‍යාතය පාලනය කිරීමෙන් අහසින් පවා ගමන් කළ හැක. තවද මෙය මා ඉහත ගෙනහැර පෑ උදාහරණයෙන් මනාව තවදුරටත් තහවුරු වේ. එනම් පෙර සදහන් කළ අපට වඩා  සංඛ්‍යාතය වෙනස් තලයක සිට  අහසින් පැමිණි දෙවියන්ගේ සංඛ්‍යාත යාමනයට බුදුන් වහන්සේ උපදෙස් දීම මගීන් බුදුන් වහන්සේ අහසින් ගමන් කිරීම විද්‍යානුකූල බව පෙන්විය හැක.

තවද මා විද්‍යාත්මකව පිළිතුරු බලාපොරොත්තු වූ ගැටලු වලට ඔහු ඒ සියල්ල මැවුම්කාරු යැයි කියන දෙවියන් දන්නා බව කියයි. මිතුර, මම දෙවියන් එය දන්නේ දැයි ඔබෙන් නොඇසුවෙමි. ඔබලා කිසිවෙකුට පිළිතුරු දිය නොහැකි වූ නිසා එය ඔබ දහමේ සැගවූ දෙයක් බව කියාපායි. ඔබ දහම මනාව දේශනා කරන ලද්දක් නොවන බව මනාව ඔප්පු වේ.නමුත් අප නිර්මල බුදු දහම මනාව දේශිත තර්කාණුකූල දහමක් බව සැමටම පිළිබිබු වේ. 

 තවදුරටත් ඔබ, මම දෙවියන් නැති බව ගෙනහැර දැක්වූ බව කියයි. මිත්‍රය මම දෙවියන් නැති බව කිසිවිටෙකත් අදහස් නොකලෙමි. මා සෑම විටම ගෙන හැට පෑවේ සර්වබලධාරී සියල්ලම මවන ලදැයි කියැවෙන දෙවියෙක් නොමැති බවයි. මෙය ඔබගේ වියත් බුද්ධියෙන් මනාව අවභොද කළ යුතු බව අවධාරණය කරමි.

මා ඔබට යොමුකළ ගැටළු හමුවේ ලැබුණු ප්‍රතිප්‍රශ්ණ කිරීම් සියල්ලටම පාහේ මා පිළිතුරු දී තිබේ. එනම් ඔබ බලාපොරොත්තු වූ

  • අපාය,දෙව්ලොව,අසුර හා ඔබ අදහස් නොකළ බ්‍රහ්ම ලොවද,
  • නිර්වාණය පිළිබද සංකල්ප ද,
  • බුදු රජානන් වහන්සේ පමණක් නොව දෙවියන් පවා අහසින් ගමන් කරන ආකාරය ද,
  • ඔබ කිසි විටෙකත් අදහස් නොකළ පින් හා පවු යන සංකල්ප බෝනස් ලෙසද

විද්‍යානුකූළව හා බුදු දහම අනූවද ඔප්පු කර සිටියෙමි. මාගේ මෙම පිළිතුරු දැක් වීමෙන් පසුව හෝ මීට පෙර මා ඉදිරිපත් කළ ගැටලු ඔබ දහමට අනුකූළව විද්‍යාව ඇසුරෙන් ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරමි. නැතිනම් ඔබලාගේ බංකොලොත් බව කියා තර්කනය අවසන් කරන්නේ නම් මැනවි. ඊට පෙර ඔබ නිර්මල බුදු දහමට කර ඇති නින්දා සදහා ප්‍රසිද්දියේ සමාව ගත යුතු බව කරුණාවෙන් සලකන්න.(බුදු දහම දෙස තර්කානුකූලව දැකීම එයට කිසිවිටෙකත් අවමන් හා නිග්‍රහ සිදුනොවන බව මතක් කරසිටිමි.)

__________________________________________________________________________________

පැත්තක සිට වුවද මගේ මිතුරෝ මා හා දොඩමලු වන්නට කැමති බව පෙනේ. මෙහිදී එසේ සිට මා කෙරෙහි ළය කිරි එරී ඇති කාරුණිකයෙක් හමුවිය. මම ඔබට හිස නමා ආචාර කරමි. ඔබ ඔබගේ සෑම කරුණු දැක්වීමකදීම පාහේ කුමන හෝ ඊනියා අයුරකින් මා සදහන් කළ රාමුවෙන් ඔබ්බෙහි පවතින, කිසිදු තර්කානුකූල බවක් අඩංගු නොවන වැල් වටාරම් ගෙනහැර පායි. මම ඉහත පුනර්භවය නිවරදි පියවර සහිතව, ව්සංවාදීව තර්කය ගොඩනැගුවේ තර්කයක් ගොඩනැගීම පිළිබදව මූලික ආකෘතිය ඔබට පෙන්වීමටයි. ඒ කෙසේ නමුත් ඔබ ගෙනහැර පෑ සියලු කාරණයන් මාගේ උක්ත සටහනේ “…දෙවියන් වහන්සේ මහානුභාව සම්පන්න යැයි යන පිළිතුරද මට ගොලුවත වසාගන්නට නොසැහේ….” පාඨය හමුවේ අක්‍රිය බව ඔබට අවධාරණයෙන් යුතුව මතක් කරමි. සැමගේ ඈස් පනාපිට මෙය එසේම වූවත්, මා ඔබට පැරදී කාරණයන් මගහළ බව සිතන්නට ඔබට ඉඩ නොතබමි. අංක පිළිවෙලටම ඔබ පැටලී ඈති පඹගාලෙන් මුදනු කැමැත්තෙමි..

“….ඔබ සදහන් කළ ජළයේම බන්ධන දිග 0.095718nm පමණ නොවී, H-O-H කෝණය 104.474° ක් නොවී, ජලයේ හඩ්රිරජන් බන්ධනත් නොපැවතුනේ නම්, පෘථිවියේ කිසිදු අයුරකින් ජීවයක් නොපවතී, එතරම්ම මෙය සියුම් කාර්යයකි…”

ආදී වශයෙන් මා අණුවක සැකැස්මේ සියුම් බවපෙන්වා දීමේදී ඔබ මෙය උත්තරය බව අවධාරණය කරමින්

“…uththaraya ::::welaawak one netha ….ohuta kaalayak awashaya netha….”Kun” kiyu pamanin eya mewe … ”

ලෙස පෙන්වා දෙයි. නමුත් මෙහි කිසිදු විද්‍යාත්මක පසුබිමක් මගේ දෑහට නම් නොපෙනේ. ඔබ පළමු වරට දෙවියන් මහානුභාව සම්පන්න බව මෙහිදී පෙන්නුම් කර ඈත.

ඔබ සදහන්  කරන පරිදි ඔනෑම දෙයක් මැවීමට “Kun” කියා භාවිතා කළහොත්, ජළය මවන විට තෙල්ද, තෙල් මවන විට මිදි යුෂද මෙන් අහබු ලෙස පැටලෙන්නට පටන් ගන්නේය. උදාහරණයක් ලෙස අපේ ගෙදර බල්ලන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් ඇති කරනවා යැයි සිතන්න, මේ සියල්ලටම නම ලෙස “වයිට්” යන්න යොදාගන්නේනම්, මම ඔව්න්ගෙන් මදක් ඈත, නොපෙනෙන තැනක සිට “වයිට්” කියා කතා කළවිට කුමන බල්ලා පැමිනේද යන්න මා හට ගැටලුවක් වනවා මෙන්ය. මැවීමට කාලයක් අවශ්‍යය නැති බව තවදුරටත් කිසිදු තර්කයක් රහිතවඉදිරිපත් කරන ඔබ “Kun” කියා කීවොත් මැවීම සිදුවන බව සදහන් කළ බව නැවත මතක් කරසිටිමි. මෙහිදී කාළ පමාවක් නොමැතිව “Kun”යන්න වර නගන්නේ කෙසේද යන්න කාටත් ගැටලුවට කරුණක් නොවේද. කුමන හෝ අයුරකින් එය වර නැගීමට කාලපමාවක් අවශ්‍යය බව කාටත් ප්‍රත්‍යක්ෂ කරුනකි. මේ අනුව මැවීමට කාළයක් නොයන බව කිසිදු තර්කයකින් තොරව අසත්‍ය බව කා හටත් පැහැදිළි වේ. තවදුරටත් මෙසේ මවන්නට සිදුවන ප්‍රභේද අනන්ත බව මම කියා සිටියෙමි. මෙසේ මෙම ප්‍රභේද සදහා අර වචනය කී පාරක් කියන්න සිදුවේද යන ගැටලුව තවදුරටත් ඔබ ඉතිරිකර ගොස්ය. මේ අනුව බලන කල අනන්ත වූ ප්‍රභේද හමුවේ “Kun”යන  අර වචනයට ගත වන්නේ සුලු කාලයක් වුවද සමස්තය සදහා ගිනිය නොහැකි තරම් විශාල කාළයක් ගතවේ. මේ අනූව බලන කල දෙවියන් මැවීමක් කර නොමැති බව හෝ මැවීමක් සිදුකරයි නම් තව දුරටත් එය සිදු සිදුකරගෙන යා යුතු බව පැහැදිළි වේ. මතක ඇති කාලයක සිට අලුතින් කිසිවක් පහළ වී / මැවී තිබෙනු අප දැක  නැත්තෙමු. එනම් දෙවියන් වහන්සේ මැවීම සිදුකරගෙන නොයයි,, එනම් දෙවියන් වහන්සේ කිසිදු මැවීමක් කර නොමැති බව මනාව ඔප්පු වේ.ධ්වනි ශක්තිය බල පැවැත් වීම සදහා  මාධ්‍යයක් අවශ්‍යය බව අප හැමෝම දන්නා කරුණකි. කිසිදු දෙයක් මවා නොමැති හිස් ප්‍රදේශයක “Kun” යන ධ්වනි ප්‍රභේදය බල නොපවත්වන බව කා හටත් ප්‍රත්‍යක්ෂ වීමෙන් දෙවීයන් ගේ මෑවුම් වාදය මුලුමනින්ම ප්‍රතික්ෂෙප වී යන්නේය. සියලුම දේ මැවුවේ යන මතයේ එල්බ සිටින ඔබගෙන් අදටත් රික්තක අවකාශයේ නිරීක්ෂනය වන ආන්තරික්ෂ කිරණ ඇති වූවේ හෝ මැවුවේ කුමක් සදහාද අසා අපහසුතාවයට පත් කිරීමට නොකැමැත්තෙමි. පසු දක්වන ලද සටහනක මැවීමත් මැවුවේ දෙවියන් බව සදහන් කරන ඔබගෙන් එම මැවීම යන්න ඈති කලේ කුමන හැකියාවකින් දැයි ගැටලු නොවන්නේ මන්ද. මේ අනූව බලන කල මැවීම යන්න මවා ඇත්තේ දෙවියන් නොව, ඔබ පිරිසම බව කාහටත් පසක් වනු ඈත. මේ අනුව ඔබගේ තර්ක යැයි කියන කරුණු වලින් දෑස් වසා ගොඩ නැගි මැවුම්වාදයම පුස්සක් වී හමාරය..

“…ඔහුට වෙන බලයක් ඕනේ නෑ.ඔහුට වෙන බලයක් ඕන වුනොත් ඈ බලයේ මුලාශ්‍රය ……දෙවියන්ට වඩා බලවත් වෙනවා නේද /??….”

මෙහිද කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොපෙනෙන අතර හුදෙක් මතවාද වලට පමණක් පණ පොවයි. මෙහිදී ඔබ දෙවන වරටද දෙවියන් මහානුභාව සම්පන්න බව පෙන්නුම් කර ඈත. ඔබ සදහන් කරන මැවුම්වාද කරුණු බිදී අති බව තවදුරත් නැවත මතක් කරනු රිසි වෙමි. මෙමගින් ඔබ සදහන් කළ මුල් කොටස ලෝප වී යන අයුරු ඔබටම පෙනෙනු ඇත. මෙහි “…ඔහුට වෙන බලයක් ඕන වුනොත් ඈ බලයේ මුලාශ්‍රය ……දෙවියන්ට වඩා බලවත් වෙනවා නේද /??….” යන කොටසට මම ඔබ හා එකග වෙමි. තවදුරටත් මෙසේද සදහන් කරමි. ඔබ කියන පරිදි දෙවියන් විශ්වයේ සියලුම දේට වඩා බලවත් වී ඇත. නමුත් එම දෙවියන් ඔහු සෑදී ඇති මූලාශ්‍ර වලට වඩා කෙසේ බලවත් වී දෑයි යන්න ගෑටලුවකි. තමන් සෑදී ඇති මූලාශ්‍ර වලට නොදෙවෙනි වන පරිදි කිසිදු දෙයක් පැවතිය නොහැක (භෞතිකව ඈති සතෙක්,පුද්ගලයෙක්, ගසක්, වැලක්, ගමක්, නගරක් හෝ ඕනෑම වස්තුවක් / භෞතිකව නොපවතින නමක් හෝ ඕනෑම දෙයක්). මෙලෙස ඔබ ඊනියා ලෙස පෙන්නුම් කරන දෙවිකෙනෙක් නොපවතින බව සියල්ලන්ටම පසක් වනු ඇත. එනයින්  දෙවියන් යනු ඔබලා විසින් මවා ගන්නා ලද හුදෙක් මතවාදයක් පමණක් බව තර්කානුකූලව ඔප්පු වේ. තවද ලොව සත්‍යය යැයි කියන සෑම දෙයක්ම තර්කික වන නමුත් මැවුම්කාර දෙවියන් තාර්කික නොවීමෙන් සියල්ල මැවූ දෙවි කෙනෙකු සිටීම යනු අසත්‍යයක් බව ලොවටම හඩගා කියන්නකි.

(*) මාගේ “…අඩුතරමින් තමන් මැවූ අනන්ත ප්රරමාණ වූ සංයෝග සියල්ලේ නම් වත් දෙවියන්ට මතක තබා ගැනීමටවත් හැකි වීද..?

(*) මවන ලබන සංයෝගයේ ගති ලක්ෂණ කිසිදු මූලාශ්රැයක් රහිතව කෙසේ සිතන්නට / නිගමනය කරන්නට ඈත්ද..? …”

යන තර්කය හමුවේ ඔබ නොයෙක් ආකාරයේ  අර්ථයෙන් අඩු වචන භාවිත කර තිබේ. ඒ එකින් එක විග්‍රහ කිරීමට මා සූදානම් වෙමි. “…දෙවියන් මනුස්සයට සමාන කරන්න බේරී නිසයි අතීතයේ සමහර මිනිස්සු අමුතු අමුතු පිළිම හදාගෙන වෙන්දේ…” ලෙස ඔබ වාද පිටියට පිවිසෙයි. නමුත් ස්ලාම් වරයෙක් වශයෙන් පිළිම වලට වැදීම පිළිකුල් කරන ඔබලා පිළිම වලට වැදිම ආශ්‍රිතව උදාහරණ ගෙනහැර දක්වන්නේ බංකොලොත් බව ඉදිරියේ නොවේද, එසේ ඔබලා පහත්කොට සළකන වත් පිළිවෙත් හරහා ඔබ ගන්නා උදාහරණ වලින් ඔබද ස්ලාම් දහම සම්පූර්ණයෙන් පිළිනොගන්නා බවට සාක්කි නොවේද. ඔබම නොපිළිගන්නා ස්ලාම් දහම ඔස්සේ ඔබ තවදුරටත් කුමක් තර්ක කරයිද

“…දෙවියන් මේ ලෝකේ ඉන්න/හිටිය/එන්න ඉන්න ඔක්කොම අයගේ බලයන්/ශක්තින්(හෙම බලයන්ටම ,හෙම ශක්තින්ටම ) ඔක්කොම summation වලට වඩා + ඔක්කොගෙම multiply වලට වඩා ඔහු ශක්තිමත්/ඔහු බලවත්ඔබ දන්නෙති තවත් ජීවින් පිරසකුත් ඉන්නවා(ජින්)…”

මෙහිදී ඔබ තෙවන වරටද දෙවියන් මහානුභාව සම්පන්න බව කියාපාන අතර තවදුරටත් ගණිතයේ දෙශික(vectors) සමබන්ධ නීතිද උඩුයටිකුරු කිරීමට උත්සහ දරයි. මිත්‍රය, බලය හා ශක්තිය සංසංදනය කළ නොහැක, මන්ද යත් එවා වෙනස් භෞතික රාශින් වන බැවිනි. කුඩා කළ පාසල් සමයේ මෙය උගන්වන දින‍යේ ඔබ පාසල් නොගොස් කට්ටි පැන “වල කජු” සෙල්ලම් කළේ දැයි නොදනිමි. තවද ඔබ පොළොවේ සිටින අය මත බල ක්‍රියා කරන අයගේ බලවල එකතුව ගැන කතා කරයි. පළමුව ඔබ  බලය යන්න හදුනා ගන්න, බලය යනු, නිශ්චලව ඇති වස්තුවක් චලිත කිරීමට හෝ චලිතවන වස්තුවක ප්‍රවේගය වෙනස් කිරීම සදහා භාහිරින් ඇතිකරන බලපෑමයි. මේයින් නිශ්චල හෝ එකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ශුනය බව පෙනේ. මෙනිසා  පොළොවේ සිටින අය මත බල ක්‍රියා කරන අයගේ බලවල එකතුවේ අගය ශුන්‍යය වේ. මෙය ගණිතය දන්නා අයට සරලතම සිද්ධියක්.(මන්ද යන් පොළොවේ එයටම සාපේක්ෂව නිශ්චල බැවිනි). තවද ඔබ බලයන් අතර ගුණිතයක් ගැන කතා කරයි. මෙය කුමන පදනමක් යටතේදැයි අසනු කැමැත්තෙමි. මන්ද යත් බලයන් අතර ගුණිතයේ එකකයෙන් කියවෙන රාශිය කිසි විටෙක විද්‍යාත්මකව අර්ථ නොදැක්විය හැකි නිසාය. තවද එහි අගය ශුන්‍ය බව වෙනම කිව යුක්තක් නොවනු ඇත (එකතුවද ශුන්‍යය වන නිසා). එබැවින් දෙවියන් සතුව ඔබ අදහස් කරන හැකියාව බින්දුවක් හෝ ඊට ආසන්නව සමානව ඇත. එනම් එම දෙවියන් සතුව කුඩා මැස්සෙක් තරම් වත් කාර්යය කිරීමේ හැකියාවක් නැති  බව මනාව ඔප්පු වේ.  තවද ඔබ ජීන් වරු ගැන මා නොදන්නා බව පවසයි. මිහිපිටම වෙසෙන බව කියාගන්නා භෞතික සිරුරක් නොමැති මොවුන් ගෙන් සමහරක් ස්ලාම් ධර්මයට අනූව, දෙවියන් වහන්සේට ගරු කරන අතර තවත් සමහරක් සාතන් වෙනුවෙන් පෙනී සිටින බව කියැවේ. මොවුන්ට මිනිස් සිරුරු තුළට පැමිණ එම සිරුරද මෙහෙය විය හැකි බවද ඔබලා විස්වාස කරන බව දනිමි. තවද ඔබටද මෙහිදී ඇතුළත් කිරීමට නොහැකි වූ “මලයිකා වරු” ඇතුලුව ඔබ දහම මනා කොට දැන වාද පිටියට පැමිණි බව කියා සීහනාද නංවනු කැමැත්තෙමි..

“…මේ ලෝකෙම ඉන්න ඔක්කොම මිනිස්සුන් එක්කොම බලයන් ඔක්කොම එකතු කරලත් එක ජීවිතයක් එති කරන්න පුලුවන්ද ???(life එකක්)

බේ නේද ???

දෙවියන් කොච්චර බලවත් ද කිව්වොත් ඔහු අපිට challenge කරලා තියනවා “පුළුවන් නම් මුළු මිනිස් සාමාජයම් එකතු කරගෙන/මුළු ජින් සමාජයම එලතු කරගෙන මේ ලෝකයේ තියන ඔක්කොම බලයන් උසේ කරලා පොඩිම පොඩි මෙස්සෙක් මවන්න කියා”

අපිට කරන්න බේ ඊ කියන්නේ අපි හිතා ගන්න බේරී තරම් ඔහු බලවත්…”

මෙහිදී ඔබ සිවුවන වරටද දෙවියන් මහානුභාව සම්පන්න බව ගෙන හැරපාමින් ගැටලුවෙන් පිටපැන තිබෙනවා. මෙයට දිය හැකි සරළම පිළිතුර වන්නේ පුලුවන් යන්නයි. මෙය අප ධර්මයේ මනාකොට දේශනා කරන ලද්දක්. නමුත් ඔබ දෙවියන්ගේ මැවීම් හා ඉන්ද්‍රජාලයන්ට වඩා මෙය වෙනස් වන්නේ විද්‍යානුකූලව තාර්කික වීමයි. විවිධ ප්‍රභේද කිහිපයක් එක් කොට තනි එකක් බවට පත් කළ හැක. මෙය සිදුකරන ක්‍රියා පටිපාටියද මනා කොට දේශිතයි. මනස සතර වන ධ්‍යානය දක්වා වැඩිය යුතුය. මෙසේ යටපත් කරන ලද කෙලෙස් සහිත සිතින් සිදුකරන මානසික අධිෂ්ථානයෙන් ඒවා එකිනෙක එක් වී තනි එකක් වන බව මා කියවා ඇත. මෙය සදහා විද්‍යාත්ම පසුබිම ගෙන හැර පෑමට කැමැත්තෙමි. විද්‍යාවේ තරංග – අංශු ද්වේතය යන සංකල්පය ඔබ අසා ඇති බව සිතමි. දියුණුකළ සිත් වලින් ඒවායේ අනුරූප තරංගය ආසන්න ලෙස සමාන වීමට සලස්වා තරංග අධිස්ථාපන කර එක් තරංගයක් කිරීමෙන් ඒවාට අනුරූප අංශූන්ද අධිස්ථාපනය වී ප්‍රභේදය එක් ප්‍රභේදයක් බවට පත් වේ. අතීත ධ්‍යාන ලාභීන් මැස්සන් මෙන් නොව අලි ඇතුන්ද මවා ඇති බව සදහන්. මේ මැවීම්ද විද්‍යාත්මක වේ. මෙහිදී සිදුවන්නේද ස්ඛන්ද ශක්ති තුල්‍යතාවයට අනූව බව පෙන්වීම සෑහේ  යැයි සිතමි.

“…අපිට කොච්චර දුරට හිතන්න පුළුවන් ..මතක තියාගන්න පුළුවන් කියා ඔබ දන්නවා එති අපි වගේ කෝටි ගානක මිනිස්සුන්ට අ නුවන/ශක්ති ය දීපු දෙවියන් කොච්චර ශක්තිමත් වියයුතුද??… ඔබ දෙවියන් ගෙන ඉගන ගන්න කොට එක මනුස්සයෙක් හිතේ තියාගෙන හිතන්න එපා මේ මුළු මිනිස් සාමජයම මතකයේ තබාගන්න …අනිත් ජීවින්වත් මතක තබා ගන්න(සතුන් +ජින් ) එතකොට ඔයාට ඔය එන ගෙටලුම 90% අඩුවෙයි ,,…”

ඔබ හැමදේටම ඇති හාල්පොත මෙන් මේ කරුණ ව්විධ අයුරින් ගෙන හැර පායි. ඔබ සෑම දේටම හේතුලෙස දක්වා ඇත්තේ මෙම කරුණ විව්ධ අයුරින් බව සියල්ලන්ටම මතක ඇතුවාය සැක නැත. මෙහිදී ඔබ පස්වන වරටද දෙවියන් මහානුභාව සම්පන්න බව කියාපාන බව අකමැත්තෙන් වුවද දන්වා සිටිමි. මෙහි තර්ක යැයි කියන සියල්ල බිදී අවසන් බැවින් වැඩිදුර යමක් කීමට කාළය වැය නොකරමි.

 

“…ඔබ දෙවියන් ගෙන හිතන්නේ ,,,ඔබ කමාරයක් එතුලේ ඉගෙන…”

ඔබ මගේ ජීවිතයේ අතීතයේ ගිලිහී ගිය කාළයක් මෙහිදී මතක් කර තිබෙනවා. ඔබට බොහොම ස්තූතියි. මම පල්ලියේම වූ කාමරක් තුළ හිද මගේ ස්ලාම් ළබැදියන් සමග එකව පල්ලියේ ගුරුතුමාගෙන් ස්ලාම් දහම උගත් අයුරු නිමේශයක් දෑස් අභියස මැවී ගියා. එදා ඒ කාමරය තුළ මිතුරන් සමගින් එකට හිදිමින්  ඉගෙනගත් කරුණු ඔබට අවාසනාව ගෙන ආවාදැයි මට සැක සහිතය.

 “….දෙවියන් එති වුනා නම් ඊට ඉස්සර මොනවද තිබ්බේ ???

දෙවියන් තමයි මෙවීම් කියන දෙයත් මෙව්වේ …ඔහු විතරයි ඉස්සෙල්ල හිටියේ ඊට පසු ඔහු නිත් දේවල් මෙව්වා

…මේ ප්‍රෂන්යෙත් ඔබ දෙවියන්ගේ මෙවීමකට සමාන ආකාරයට දෙවියන් ගෙන චිත්‍රයක් මවා ගෙන තියෙන්නේ …….(ඔයා චිත්‍රය ඉස්සෙල්ල මකන්න ඔක්කොම clear කරන්න)…”

ඔබ වක්‍රාකාරයෙන් ඉල්ලා සිටින්නේ දෙවියන් ගැන අනුකම්පා කර ඔහු දෙස තර්ක ආදී වූ බුද්ධිමත් කෝණයකින් නොදකින ලෙසයි. මේ සදහා කුමක් කරන්නට දැයි නොදන්නෙමි. ඔබ මෙය මුලින්ම කීවා නම් කුමක් හෝ කරන්නට තිබුණා. මම දැන් සියල්ල අසත්‍ය  හා බොරු මායා බව ඔප්පු කර හමාරයි නේ. නමුත් දෙවියන්ට නොව ඔබට එක් අවස්ථාවක් දිය හැකිය. මේ සදහා ඔබ කිසිවක් මැකීමට අවශ්‍යය නොවේ. ටික කාලයකට පමනක් දෙවියන් යනු අසාමාන්‍යය නොවන තර්ක කළ හැකි කෙනෙක් බව සලකන්න ඔබට බුද්ධිය පහළවනු නොඅනුමානයි.

“…අපි හෙම දෙනාම මීට පස්සේ එන්න ඉන්න අයත් “හිටපු ආතම්යන්ගේ ලෝකයේ අපි දෙන ගත්තා දෙවියන්ව දෙවියන් ලෙස පිළිගත්තා”…”

මෙය මමද අසා තිබෙනවා. නමුත් මෙය නබිනායක තුමාගේ ප්‍රකාශයක් පමණයි. ඔහුටද මෙය ඔප්පු කිරීමට නොහැකි වූවා. ඔහුද නොහැකි වූ දෙයක් ඔබ කිරීමට ගන්නා උත්සහයක් මට පෙනේ. නමුත් කණගාටුවෙන් වුවත් ඔබත් මෙහිදී අසාර්ථකයි.

“…ඉස්ලාම් ආගමේ ගොඩක් නබි නබි අආගමක් අදහන්න නෙතුව “හනීෆා “විදියට තමයි හිටියේ නබි මුහම්මෙඩ් නබි තුමාගේ යාළුවන් ගොඩක් අයත් එහමයි.

හනීෆා කියන්නේ -ආගමක් අදහන්න නෙතුව වෙමුම් කරුවෙක් විශ්වාස කිරීම ….ඔවුන් කොහමද කිසිම අආගමක් අදහන්න නෙතුව මෙවුම්කරුවෙක් විතර්ක විශවාස කරගෙන හිටියේ ???..”

මෙහි පිළිතුර ඉතා සරලයි. ලොව සිටි සියල්ලන්ම හනීෆ් වරු නොවේ යන්නයි. මෙය දැනට ලොව සිටින සියල්ල ස්ලාම් නොවේ යන්න හා සමගාමී වේ. මාගේ තර්කය එනම් මිනිසාට ඔහු දෙවියන් මැවුවා යන්න  අමතක වූවේ කෙසේද යන්න තවමත් ඉතිරිව පවතී. ඊට හේතුව හනීෆ් නොවන අය එසේ විශ්වාස නොකල නිසායි. ( වර්තමානයෙ ඔබ අප මෙන්)

__________________________________________________________________________________

පසු වදන : 

වඩා ළාමක බුද්ධියක් සහිත කෙනෙකුට වුවද මා ප්‍රස්තුත කරගත් කරුණ මනා කොට ඔප්පු කරන ලද බව තේරුම් යනු ඇත. එනම්

  • මැවුම්කාරු යැයි කියන දෙවිකෙනෙකුට මැවීමක් කළ නොහැකි බව
  • එසේ මැවුම්කාර  දෙවිකෙනෙක්ද නොපවතින / නොසිටින බව
  • මැවුම් වාදය යනු ස්ලාම් හිතවාදීන් හා අන්තවාදීන් විසින් නිර්මාණය කරන ලද්දක් බව,
  • විශ්වය පිළිබද ස්ලාම් ඉගැන්වීම් ඉතා සුමට හා බොහෝදුරට අසත්‍යය පමණක් බව,
  • ස්ලාම් හිතවාදීන් පවා එම දහමේ බොහෝ කරුණු පිළිබදව කුකුස් සහිත බව දන්නා බව,
  • ස්ලාම් දහම හා මැවුම්වාදය නූතන විද්‍යාව හෝ තර්කනය සමග නොගැලපෙන එකම මාතෘකාව බවත්
  • මෙසේ ස්ලාම් දහම කිසිදු ඊනියා තර්කයකින් තොරව අසත්‍යය බවත්

මනාව ඔප්පු වේ.තවද මා එල්බ සිටි මෙම තර්ක ඉතා නිවරදි පූර්ණ වශයෙන් සත්‍ය බවද මනාව පිළිඹිබු වේ. එනම්

  • බුදු දහම නවීන විද්‍යාව හා තර්කනය හා මනාව ගැලපෙන මුල,මැද,අග මනාව දේශිත ධර්මයක් බවත්.
  • නවීන විද්‍යාව හා තර්කනය මගීන් බුදුදහම පූර්ණ සත්‍යය බව ඔප්පු කළ හැකි බවත්,
  • බුදු දහමේ කිසිදු රහස් බණක් නොමැත් බවත්,
  • විශ්වය  පිළිබදව බුදු දහමේ ඉගැන්වීම් පූර්ණ සත්‍යය හා මනාව දේශනා කර ඇති බවත්,

මනාව සාධනය වේ. තවද මීට පසු එළිදක්වන කිසිදු තර්කානුකූල නොවන ලිපි දෙස හැරී බලන්නට වත් නොකැමැත්තෙමි. නමුත් මා පෙර එළිදක්වන ලද තර්කයන් සියල්ල තවමත් නිදහස්ව යහතින් ඇති බව නැවතත් මතක් කරමි. ඔබ වෙත මම එවා ඉදිරිපත් කළ විට ඔබලා සියල්ලම පාහේ බංකොළොත් බවක් අගවමින් එවාට පිළිතුරු දෙනවා වෙනුවට පෙරලා මා වෙත ගැටලු ඉදිරිපත් කර තිබේ. මම එම ගැටලු සියල්ලටම තර්කානුකූල පිළිතුරු දී තිබේ.

මාගෙන් නැවත පෙරලා ප්‍රශ්න කිරීමට පෙර මුලින් මා ඉදිරිපත් කළ

http://www.facebook.com/note.php?note_id=1719422111372

හි අඩංගු  තර්ක තාර්කිකව හා සාර්ථකව බිද දමා හෝ කා හටත් ඔප්පු වී ඇහි ඔබලාගේ බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කළ යුතු බව කරුණාවෙන් සලකන්න. තවද මෙම සටහන් වල මූලාරම්භයේ ඔබලා බුදු දහමට කර ඇති

මෙවුව ලන්කවෙ ඉන්න බත් කන බූරුවො දන්නෙ නැහැ.. 😛

මෙහෙ ඉන්න පාන් කන බූරුවන්ට සුද්දෙක් පඩයක් ඇරියත් ඒකත් සුවදයි නේ..” 

 

ආදී වූ සියලු නිග්‍රහ හා අවමන් සදහා සමාව ගත යුතුබව තරයේ මතක් කර සිටිමි. (බුදු දහම දෙස තර්කානුකූලව දැකීම එයට කිසිවිටෙකත් අවමන් හා නිග්‍රහ සිදුනොවන බව මතක් කරසිටිමි.). තවද මෙම වාදයේ දී මාගේ බුදු පියානන් දේශිත කාරණයක් මට මතක් විය එනම්,, ලොව පවතින මිත්‍යා දෘශ්ඨි විවෘත නොවී හැංගී, තර්ක නොකරන තාක් කල් බබලන බවත් උන් වහන්සේ දේශිත ධර්මය විවෘතව තර්ක කරන විට මනාව වඩාත් බබළන බවත් ය. මෙය මොන තරම් අපූර්වට විද්‍යාමාන වූයේ දැයි ඔබටම මතක් වනු ඇත.

Advertisements

3 comments on “දෙනෝදාහක් නොදත් පරම සත්‍යය..

  1. hafoi diga wedi ane, monawa unath niyamai ,

    thewana esa poddak kiyawanna (third eye)
    tibet wala kathawak, eketh tinawa ohoma cn ekak

    digatama liyanna

  2. ඇත්ත තමයි.ඔය කොනකපාලලා හදන්නෙ ආයෙත් මේ රටේ ජාතිවාදය අවුස්සන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: