ප්‍රතිචාරයක් ලබාදෙන්න

සින්ඩරෙල්ලා


සින්ඩරෙල්ලා ඇවිත් සුලඟක් වෙලා ‍

නොකියාමගියේ ඇයි ඉගිලිලා

අලුත් අත්තටු ඇවිල්ලා

පියාඹන්න හිතිලා

පරණ හීන ගියාද අමතකවෙලා

ඉස්සර කිව් කවි තාමත් නෑ මැකිලා

“සින්ඩරෙල්ලා සින්ඩරෙල්ලා

 මම තමයි  උඹෙ පැණි කුරුල්ලා
 වැටුනු සපත්තු අහුල අහුලා
 එනවා ඔය ඇස් පස්සේ ඉගිලිලා”

මං කියපු කවි අහල ඇතිවෙලා

ආව හැටි මං ලඟට පියඹලා

හිටිය හැටි මං ලඟ දැවටිලා

පුදුමයි තාමත් ගිය හැටි අත අතහැරලා

රජ කුමාරයෙක් ඇවිල්ලා
ඔය අත ඉල්ලලා

අලුත් සුවඳට වහ වැටිලා

උඹට සින්ඩරෙල්ලා

මාව අමතකවෙලා

ඔය දෑතින් අල්ලලා

කී කථා සුලඟේ ඉහිරිලා

පිපුනු මල් පෙති ගිලිහිලා

සඳ පායන කල් තරුකැට ගැනලා
අමාවද දා බලන් ඉඳලා
පලක් නෑ තව දෑස දල්වා
මට දැන් මේක ඇතිවෙලා

එන්න කිව්වේත් නැතුව ඇවිල්ලා
යන්නම්වත් නොකියා ගිහිල්ලා
ඒත් ඒ මතම නෑ තාම වැලලිලා

හීන නම් දැන් මියැදිලා –  තාම නෑ සමුගන්න හිතලා

හීනෙන් වත් වරෙන් පියඹලා

සින්ඩරෙල්ලා……..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: