ප්‍රතිචාර 2

අතැර ගිය මගේ සඳ



ඳහිට හිනැහී නිතරම වැලපෙන වැහිබර ආකාසේ

පැයු පුරහඳ මා හැර ගිය යුරූ මට නොකියම රහසේ

තවත් හඳක් යලි නැතුවට කම් නෑ මින් මතු සංසාරේ

 නිදිබර නෙත් යුග එලා යහන් ගැබ වැතිරෙන විට සිතුනේ

ආයෙත් පාරක් දකින්න ලැබේවි කියලා නුඹේ සිහිනේ

සිහිනෙන් ඇවිදින් මගේ ලඟින නුඹ වැතිරෙන විට යහනේ

හිතේ හිනා හංගාගෙන වැලලෙමි මගේ සිහින සොහොනේ

සමනලික පෙම පතාන ඉකිලන නොපිපි මලක රේණු

පියඹා ගියාම සමනලියට ඒ මල අමතක වේලු

පෙරුම් පිරූවට මගේ පෙමට ඈ හිතේ ඉඩක් නෑලු

නොපිපුනු මල ගෙන නුඹ දුර ගියාම ඇයි මේ හැටි පාලු

හැමදාමත් ඒ පැතුම තුරුල් කර ඉන්නම් සිතින් දරා

නුඹ මගේම වෙන මතු අත්භවයක් එන්නම් පෙරුම් පුරා

යන්තම් ඇවිදින් නුඹ ලඟ දැවටෙන සිහිනෙට තුරැල් වෙලා

උදෑසනම යලි සැඟවී යන්නම් පිණි බිංදුවක් වෙලා

ඉඳහිට හිනැහී නිතරම වැලපෙන වැහිබර ආකාසේ

දේදුනනක් වී රටා මෑවූ හැටි මටත් හොරෙන් රහසේ

අරුණැල් ගිලිහී කඳුලින් දියැවී මියැදුනු දේදුනනේ

ඉහිරැනු සායම මැකී යයිද කවදාවත් සංසාරේ

ඉඳහිට හිනැහී නිතරම වැලපෙන වැහිබර ආකාසේ

තවත් හඳක් යලි නැතුවට කම් නෑ මින් මතු සංසාරේ


Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: