ප්‍රතිචාර 2

ඇත්තම කතාවක්……


මේක ගොඩක් අවුරුදු දෙකකට විතර කලින් ලියපු කවියක්(2009)… කොහේදෝ තිබිලා අදයි හම්බුනේ(2011 ජූනි 11 ).. ඉතින් පොඩි එඩිට් පාරක් එහෙම දාලා අලුතින් ලියුවා… මේක ලියුවේ පත්තරේක තිබුනු කතාවක් දැකලා.. ඒ කතාවත් මට තාම මතකයි..කතාවත් කියන්නම්… “ලස්සන පුංචි ලෝකයක් තිබුනු ජෝඩුවක්… කොල්ලා රස්සාවක් විදිහට කරලා තියෙන්නේ මූදු යන එක.. කෙල්ලත් වෙරලේම ජීවත් වුන කෙල්ලක්.. පත්තරේ තිබුන හැටියට නම් දෙන්නා ඉක්මනින්ම බඳින්න තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඉතින් පුරුදු විදිහට කොල්ලා එදාන් රෑ මුහුදු ගිහින්. පහුවදා එන්න බැරිවෙලා තියෙනවා.. බෝට්ටුවේ එන්ජිමේ අවුලක් නිසා. මේ අය අතරමං වෙලා මුහුදේ අතරමං වෙලා සතියක් විතර ඉන්න වෙලා තියනවා. කැමක් බිමක් නැතුව මැරෙන්න වැටිලා ඉද්දී තමයි නැවකට හම්බවෙලා තියෙන්නේ. කොහොම හරි කොල්ලට පන පිටින් එන්න වාසනාව තිබුනා… ඒත්…… කොල්‍ලා එනකොට කෙල්ල මුහුදට පැනලා සියදිවි නසාගෙන.. ඒ අර කොල්ලා මැරිලා කියලා හිතලා.. කොල්ලා දාහක් බලාපොරොත්තු පුරාගෙන මරණයෙන් ජිවිතේට එනකොටම මරණයක්.. කොල්ලට මොනවා හිතෙන්න ඇද්ද…? ”

මේ ඒ කවිය

මහරු සයුරු දළ රළ පෙල නැගෙන රැය

සොඳුරු මියුරු කවි පද වැල් ගෙතුව ඇය

දුරුව ගියත් පවනක් ලෙස අඳුරු රුය

සොඳුරු සමරු තවමත් ඇත මගේ ලය

සඳවත නැගෙන ගුවනත තරු කැන් අතර

ඇය වත දෙනෙත මා සිහියට එයි නිතර

නොම එන ලෙසින් ගිය මුත් දුර අත අතැර

සිහිනෙන් වත් ඇවිත් ලඟ රැඳියන් සොඳුර

සමුදුරු රඟින් මත්වී ඈ ගැයු ගීත

තාමත් මගේ සවනත පාරන ගීත

ඈ පෙම් කලා ඇසුමම සමුදුරු ගීත

මා පෙම් කලා ඇසුමට සමුදුරු ගීත

රන් හිරු නැගෙන හිමිදිරියක වෙරල කොන

හිමවත අනත සුව මාවෙත දි අනත

මල හිරු බසින හැන්දෑවක වෙරල

ඉම සැඟවී ගියේ ඇයි නුඹ මා අත අතැර

නුපුරුදු ලයෙන් සමුදුර රෑ නගයි හඬ

නල බල සසළ දළ රළ පෙල නැගෙයි උඩ

පවනින් පාව එයි ඈගේ මියුරු හඬ

නුවනග දිලේ හිම සීතල කඳුලු කැට

ගිනිගෙන දැවෙන ගිම්හානේ උමතු නොවී

මොහොතක් රැ‍නේනට තිබුනා සඳ සාවී

මුහුදු හතක් පීනා නුඹ වෙත පාවී

එන වග නොදැන සිටියෙද නුඹ වෙත යාවී

පරවුන මලක් යලි දලුලා නොයේ නම්

සැමදා සිහිනයෙන් නුඹ හා දැවටෙන්නම්

මිහිරි මතක අමතකවී නොයේ නම්

මියෙන තුරාවට නුඹ ලඟ තනිවෙන්නම්

Advertisements

2 comments on “ඇත්තම කතාවක්……

  1. බොද ම්දුම් ඉවරයි දෑන් ගිනි අව් සහ ගිනි කෙලි වලට කාලයයි අද සිටන් නපුරු අතිතය අමතකකොට දමා මාරක කාතා සහිතව මාගෙ සොහොයුරාගෙ බොලොග් එකට සහය දිමටත් මින් පසු පිස්සුව්කාර නාකි කාතා අවසනන් කිරිමටත් බලාපොරොත්තු වෙම් එමෙන්ම මා තව ට්ක කාලයකින් පසුව සිංහල බොලොග් සිංන්ඩ්යට එකතු කිරිමටත් සිතෙන ඩෙයක් ලියා යන්න……….. කලින් බොද මිදුම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: