ප්‍රතිචාර 6

ඉරණම් කාරී


ඇත්ත මට හම්බුනා 

ලස්සන සපත්තුවක්

සින්ඩරෙල්ලාගේ වෙන්න ඇති මං හිතුවා

හොයාගෙන ගිහින් – අහිංසක සින්ඩ‍රෙල්ලා

දාන්න බැලුවත් හරිගියේ නෑ

රත්තරං සපත්තුව සින්ඩරෙල්ලගේ නෙ‍වෙයි

රැවටිලා මං රැවටිලා

අයිතිකාරයෙක් නැති සපත්තුව

අතේ තියාගෙන

බලාගෙන මං හිටියා

රත්තරං පාට සපත්තුවේ 

රත්තරං පාට මැකිලා

රතුපාට සපත්තුවක්

රතු හැට්ටකාරිගේ වෙන්නඇති

රතුපාට සපත්තුව

හොයාගෙන ගිහින්

බේරගෙන වෘක්කයාගෙන්

දාන්න හැදුවත් කකුලට 

එයාට ගැලපුනෙත් නෑ

ආයෙමත් මං රැවටිලා

රතුපාට ලේ හෝදලා

සපත්තුව අතින් අරන්

හොයාගෙන ගියේමං

නිදි කුමාරිව

නිදි කුමාරි ඇහැරවලා

අගුටුමිට්ටන්ට හොරෙන් දාන්න හැදුවත් සපත්තුව

හරි ගියේම නෑ

තවත් පාරක් වැරදුනා රැවටිලා මං රැවටිලා

දැන් නම් ඉතිං ඇතිවෙලා

මැජික් කැඩපත්ට ලංවෙලා

“කැඩපත කැඩපත මොකක්ද මේකේ තේරුම රැවටන්නේ ඇයි මං හැමදාම”

කටකොනක් ඇද කොට

ගම්බිර හඩින් බර කොට

පෙන්වා හිනා කට

මෙහෙම ඇහුවා කැඩපත

තමුන් කව්ද..?

මං හිම තුමාරයා

හිම කුමාරයාට හිම කුමාරි

හ්ම් ඇත්ත

සින්ඩරෙල්ලට රැවටිලා

රතු හැට්ටකාරිව බේරලා

නිදි කුමාරිව ඇහැරලා

වස්සිලිස්සාගෙන් පාර අහන්

මං යන්නේ මගේ හිම කුමාරි සොයන්

හිම කුලු අස්සෙන් රිංගලා

පවන් රොදක දැවටිලා

මං යනවා ඈ හොයලා

සින්ඩරෙල්ලා අහිංසකයි

නිදි කුමාරි ලස්සනයි

වස්සිලිස්සා සියුමැලියි

ඔක්කොම හොදයි

ඒති ඉතිං මේ හිම කුමාරයාට හරියන්නේ හිම කුමාරිම තමයි

Advertisements

6 comments on “ඉරණම් කාරී

  1. ලස්සනයි….හිම කුමරිම හිමි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  2. හිම කුමාරයට හරි යන්නෙ හිම කුමාරිම තමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: