ප්‍රතිචාර 12

සු‍‍පෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා


පිස්සු හැදෙන් සිංදුවක්… ලස්සනයි.. පට්ට.. ඩුවට් එකක්.. කමත්වා…. යුග ගීතයක්…..

ගැ –  සු‍ෙපම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

පි –   තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අපි හමු නොවන බව දනිම්
සිහිනය මියයා  යුතුය මේ ලෙසින්

ගැ –  දිවයුරු සැඟවෙන  මොහොතක තනිවී
ඉකිබිඳිමිනි වියරුවී පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකින තුරැ දුරින්

ගැ –  සු‍ෙපම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා

පි –    නෞකාවකි මාඈත සමුදුරේ

ගැ –  මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

සුපිරිද මන්දා.. මට නම් එහෙමයි පුදගලික අත්දැකීමකුත් තියෙන නිසා අහනකොට කදුලු එන විදිහේ සිංදුවක් මේක.. මට නම්… කියන්නේ “ ප්‍රදීප  ධර්මදාස එක්ක ලක්ෂ්මන් වීරසේකර” මට මතක වවිදිහට.. පරන උනත් පරණ නොවෙන සිංදුවක්… ඉතිං එහෙනම් පටන් ගමු

සු‍ෙපම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

අනේ දෙවියනේ.. මං හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක්.. ඔයා මට යාලුවෙක් විතරයි.. මට බෑ මගේ යාලුවෙක්ට ආදරේ කරන්න… මගේ හිතේ ඔයා ගැන එහෙම සිතුවිල්ලක් නෑ.. හැඟීමකින් තොරව ආදරේ කරනවා කියලා බොරු කියලා ඔයාව රවට්ටන්න මට බෑ… ඔයා කොහෙම ඊල්ලුවත් කොහොමද මං ඔයාට මං ගාව නැති දෙයක් දෙන්නේ… මං කොහෙමද ඔයාව රවට්ටන්නේ… අත්‍නික් එක ගැලපීම… මං හිතන්නේ නෑ අපි දෙන්නා ගැලපෙනවා කියලා.. ඔයා දඟකාරයි හිතුවක්කාරයි… මුහුදේ පාවෙන නැවක් වගේ එක තැනක් නෑ… මට ඕනේ එහෙම ජීවිතයක් නෙවෙයි.. අපි දෙන්නා අතර දුර වැඩියි ගොඩාක්.. අනික් එක ඔයා මගේ හීනේ හිටපු කුමාරයා නෙවෙයි..

පටන් ගත්ත ගමන් සිංදුව මොකක් ගැනද කියලා හිතාගන්න පුලුවන්…ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා… මේ සිංදුවේ තියෙන්නේනෞකාව  හුඟාක් දුර හින්දා ආදරේ ප්‍රතික්ෂේප කිරීමක්ද..? එමෙමත් නැත්තම් නෞකාව එක තැනක නැති  නිසා ආදරේ ප්‍රත්ක්ෂේප කිරීමක්ද..?

ඒ කියන්නේ ආදරේ තිබුනත් නෑ වගේ ඉන්නවද..? හොද අවසානයක්  දැකගන්න නැති නිසා ආදරේ පටන් ගන්නේ නැතුව හංගගෙන ඉන්නවද..?

නැත්තම් ආදරේ ඇත්තටම නැද්ද..? තමන්ට සහෝදරයෙක් වගේ දැනෙන කෙනෙක් දිහා ආදරෙන් බලන්න බැරි නිසා අසරණ වීමක්ද..?

ඒක පැත්තකින් තියමු…

ඇත්ත නෞකාවක් වගේ ඔහේ පාවෙන හිතුවක්කාර කොල්ලෙක්ට කොල්ලෝ කැමති නැ ගොඩක් වෙලාවට… ඒ අයට තියෙනවා ඒ අයගෙම රාමුවක්.. කොල්ලා ඒ රමුවට ගැලපෙන්නේ නැත්තම් ඒ කොල්ලා මැරෙන්න තරම් ආදරේ කලත් ඒ ආදරේට කෙල්ලගේ ලෝකේපුංචිම වටිනාකමක්වත් නෑ… ඒකේ වැරුද්ද කාගෙද..?

තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අපි හමු නොවන බව දනිම්
සිහිනය මියයා  යුතුය මේ ලෙසින්

ඉතිං ඔයා එය එලියෙන් මට හැමදාමත් පාර පෙන්නන්න කැමකි නැත්තම් කමක් නෑ මගේ හිතේ තරහක් නැ.. ඒත් මං ලොකු හීනයක් දැක්කා ඔයා හැමදාමත් මට පාර පෙන්නාවි කියලා… මට නවතින්න විදිහක් නෑ.. මලානික තරැ එලියෙන පාර හොයාගෙන මම යන්නම්.. හිත තදකරගෙන එයාට නොපෙනෙන ඈතනට ගිහින් තනියම අඩන්නම්.. සමහර විට මේ කරැවලේමම ගල් පරයක හැප්පිලා විනාශ වෙලා යාවි…. ඒත් ඉතිං ඒ තියලා රැදෙන්න මට අවසරයක් නෑ නේ. එයා මට ගොඩාක් ඈතයි.. ඒත් තාමත් මගේ හීනේ මැරිලා නෑ.. මං දන්නවා ඒ හීනේ මැරෙන්න ඕනේ මෙහෙම තමයි.. එත් තාමත් ඒක මැරිලා නෑ

 අන්න තවත් ප්‍රශ්නයක්.. තමන් ගාවට එන්න එපානම් ඇයි දෙවියනේ  ඈත පාවෙන නැවට ලයිට් ගහලා ඉගිබිගි පෑවේ…නෑ එහෙම නෙවෙයි ඒක තමයි ප්‍රදීපාගාර වල යුතකම.. නැව් ගල්පරවල හැප්පිලා විනාශ වෙලා යන එක නවත්තන එක… ඒක තමයි  නෞකාවකුත් පහන්ටැඹකුත් අතර තියෙන සම්බන්ද කම්.. එතැනිත් එහා සම්බන්ද කමක් හදාගන්න නැවට ඕනි කරනවා නම් ඒක නැවේ මෝඩකම… නෞකාවකුත් පහන්ටැඹකුත් අතරේ වෙන බැදීමක් නෑ…නැවට පාර පෙන්නවේ යුතුකමක් නිසා.. ඒක යාලුකමක් වෙන් ඇති.. සහෝදර බැම්මක් වෙන් ඇති ඒත ඒක ආදරයක් නෙවෙයි.. එහෙම හිතනවා නම් ඒක මෝඩ කමක් … කොහේවත් යන අවාසනාවන්ත කාලකන්නි නැවක් ඒ පහන්ටැඹට ආදරේ කරා නම්… දැන් ඉතිං දුක් විදපන්… ඈතට ගිහින් ගල් පරයක හැප්පිලා මැරියන්.. එහෙම වුනා කියලා පහන් ටැඹට දශමයක වෙනසක් දැනෙන්නේ නෑ

දිවයුරු සැඟවෙන  මොහොතක තනිවී
ඉකිබිඳිමිනි වියරුවී පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකින තුරැ දුරින්

“අපි කවදා හරි දවසක් අපේ ජීවිත දිගේ ගොඩාක් දුර ගිහින් හමුවුන දවසක ආවොත්.. එදාට මට ‘දැන් මේ කොල්ලා හොදට ඉන්නවනේ’ කියලා හිතෙන් වැඩ කරන්න.. මං නිසා ජීවිතේ විනාස කරගන්න එපා.. ජීවිතේ පුරාවට පුසු තැවෙන්න කරුණු ගොඩගහගත්ත මට තවත් එහෙම වෙන් දෙන්න එපා”

මේ පහන් ටැඹේ ලෙංගතු කම… නෞකාව ගොඩා..ක් දුර ගියාට පස්සේ පුලුවක් නොදැනෙනවා නෙවෙයි.. ආදරයක් නොවුනක් ඒ නැව ගැන අහිතක් නෑ තුන් හිතකවත්…ඈතින් හිටියත් හොදින් ඉන්නවානම් බලාගෙන් ඉන්නම්.. කවදාවත් අමතක් වෙන්නේ නෑ

අනේ මංදා මාව කරකවලා අත ඇරියා වගේ මේ පද ටික ඇහුවම්… ආයෙමත් පැටලීමක්… කෙල්ලලේ ගිතේ කොල්ලා ගැන පොඩි ලෙංගත් කමක් නැතුවාම නෙවෙයි නේද… ඒක් නිසානේ නෙතු වෙහෙසන්නේ “ යල් දකින තුරු දුරින්” ඒ ලෙංගතු කමේ හැඩය මොකක්ද කියලා නම් මං දන්නේ නෑ…

ඒ නැව තමන් තිසා අයාලේ ගිහින් විනාශ වෙයි කියන බයද..?

නැත්තම් කියාගන්න බැරි වුන ආදරයක්ද..?

එහෙමත් නැත්තම් තමන්ට පසු තැවෙන්න වෙයි කියලා හිතන ආත්මාර්ථකාමී කමද…?

මං දන්නේ නෑ.. ඒත ඒ පහන් ටැඹ තාමත් නෞකාව දකින්න ප්‍රාර්ථනා කරනවා.. හැබැයි ඈතින්… ඒක මොන විදිහ බැදීමක්ද කියලා දන්නේ එයාම තමයි….

“ඇත්ත කෙල්ලේ ඔයා මට පහන් ටැඹක් වුනා.. මං කරුවලේ ඔහේ පාවි පාවි ඉද්දි ඔයා මට පාර පෙන්නුවා.. මාව විනාශ වෙන් නොදි බලාගත්ත.. එත් දැන් ඔයා මට යන්න කියනවා… ඉතිං යන්නම්.. සමහර විට මං ගල් පරයක හැපිලා විනාහවෙලා යාවි… ඒකට ඔයා පලි නෑ… එක මගේ මෝඩකම්… ලඔයාව නොලැබුන එක මගේ ලැබීම…නෞකාවකි මාඈත සමුදුරේ මම ආයෙමත් ඉස්සර වගේ අදුර අස්සේ නොපෙනි යන්නම්…ඈත මුහුදේ ඔහේ පාවි පාවී ඉන්නම්…මට බැරිවුනත් කවදා හරි වෙන නැවක් ඔය එලියෙන ගොඩබිමකට යාටි.. ඒ වාසනාවන්තයා මම නෙවෙයි……….. ඉතිං මං යනවා.. හොදින් ඉන්න හැමදාමත්.. මැරුනත් ආදරෙන්.

Advertisements

12 comments on “සු‍‍පෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා

  1. //නැත්තම් කියාගන්න බැරි වුන ආදරයක්ද..?
    නෑ.එත් මිතුරුකමයි අාදරයයි අතර තියෙන නමක් නැති බැදීමක්. ඔයා මගෙ යාලුවෙක් විතරක් නෙමේ.ඊට වඩා වැඩි මට නොතේරෙන දෙයක් අපි අතර තියෙනවා.එහෙම නේද?.එත් එක අාදරය නෙමේ.මම හොදටම දන්නව මේ ආදරය නෙමේ කියල.මම කොහොමද ඔයාට ආදරේ කරන්නෙ මගෙ තුන්හිතකවත් එහෙම හැගීමක් නැතිව?මම ආදරය කරන මට ආදරය කරන මගෙ හීනේ ඉන්න කෙනා ඔයා නෙමේ.එහෙනම් අැයි ඔයා වෙන කෙනෙක්ට අාදරය කරද්දි මට දරාගන්න බැරි දුකක් දැනුනෙ?????????????මගෙ යාලුව මගෙන් අෑත් වෙයි කියලද?එහෙම නැත්තම් මටත් නොදැනිම මගෙ හිත ඔයාට ආදරය කරලද?

    (සමහරවිට post එකට ගැලපෙන්නෙ නැද්ද මන්ද.කියවද්දි හිතට ආව දේවල් ලිව්වෙ.මම මේ සිංදුවට ආසයි.මගෙම අත්දැකීමක් හින්ද.)

  2. බොහොම සංවේදී විදිහට සින්දුව අර්ථ දක්වලා තියෙනවා. මේ සිංදුවම අපේ මල් වාලුවත් එක විදිහකට විචාරයක් දීල තිබුනා. 😀

  3. ඔය සින්දුවට මම ආසයි….අහන්න දුකයි….මම ඔය අත්දැකීමට සමාන දෙයක් මේ දවස් වල විඳිනව…..‍යාලුවෙකුට ආදරය කරන එක වැරැද්දක් වෙන්නෙ කෝමද කියල මට තේරෙන්නෙ නෑ…..මේ සිංදුවෙ මම හිතන්නෙ “ඒ නැව තමන් තිසා අයාලේ ගිහින් විනාශ වෙයි කියන බය”—-එකයි තේරුම….එල.

  4. මේ පහන් ටැඹේ ලෙංගතු කම… නෞකාව ගොඩා..ක් දුර ගියාට පස්සේ පාලුවක් නොදැනෙනවා නෙවෙයි.. ආදරයක් නොවුනක් ඒ නැව ගැන අහිතක් නෑ තුන් හිතකවත්…ඈතින් හිටියත් හොදින් ඉන්නවානම් බලාගෙන් ඉන්නම්.. කවදාවත් අමතක් වෙන්නේ නෑ

    ඒක තමා මන් ආසම කොටස ඔයගේ පොස්ට්1න්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: