ප්‍රතිචාර 15

ස්කන්ධය හැමවිටම සන්තතිකද…..?


ස්කන්ධය හැමවිටම සන්තතිකද…..?

අපිට උගන්නන්නේ නම් එහෙම තමයි ඒත් මට හිතෙන්නේ ඒහෙම වෙන්න බෑ

දැන් හිතමු නිකමට උදාහරණයක් විදිහට….

ජල අනුවකට m ස්කන්ධයක් තියෙනවා…

එතකොත ජලය ඕනෑම ප්‍රමානයක් ස්කන්ධය එන්නේ ජල අනුවේ ස්කන්ධයේ පුර්ණ සංඛයෘත්මක ගුණාකාර වලින්..

යම් ජල ප්‍රමානයක් ස්කන්ධය = m * n ( n Є +Z) වෙනවා

එකකොට අපිට ජලය m/2 ව‍ගේ ස්කන්දයක් ගන්න බෑ නේද….?

සරලවම කිව්වොත්

දැන් ඔන්න මෙහෙම හිතමු
හැම දෙයක්ක හැදිලා තියෙන්නේ පරමානු වලින්
ඒක දන්නවනේ

ජල අනූවක් හැදිලා තියෙන්නේ
හයිඩජන් පරමානු 2යි
ඔක්සිජන් පරමානු 1යි
එකතු වෙලා

දැන් නිකමට හිතමු මේ ජල අණුව කිලෝ ග්‍රෑම් 1ක් බරයි

මං පනිට්ටුවක් දිලා ඔයාට කියනවා මේකට ජලය කිලෝ ග්‍රැම් 1/2 ක් පුරවන්න කියලා
කොහෙමද ඒක කරන්නේ

ජල අණු බාගයක් දාන්න බෑනේ

ස්කන්ධය කිව්වේ පදාර්ථ ප්‍රමානය… යම් ද්‍රව්‍ය ප්‍රමානයක තිය‍යෙන අණු ගනන පිලිබද මිනුමක්…
සන්තතිකයි තියන්නේ ඕනෑම අගයක් තියෙන්න පුලුවන් කියන එක…

-පිටස්තරයා-

Advertisements

15 comments on “ස්කන්ධය හැමවිටම සන්තතිකද…..?

  1. මේක පරිකල්පනයක් නේ…ඇත්තම වෙන්න ඕනි නෑ
    ස්කන්ධය කියන දේ සංකල්පයක් විතරයි

  2. අනේ මන්ද ස්කන්ධය සන්තතිකයි කියල උගන්වනවද (පදාර්ථයෙ අසන්තතික භාවයක් ගැන නම් ඉගැන්නුවා වගෙ මතකයි : D ) ? උඹේ තර්කය නම් මගේ ඔලුවට වැටෙන්නෙත් හරි වගේ . විෂය ගැන විද්වතෙක් සෙට් උනා නම් පැහැදිලි කිරීමක් දෙයි නේ .

  3. ඔයා මේ සෙනෝ ගේ පැරඩොක්ස් ගැන කියවල තියනවද?

    http://en.wikipedia.org/wiki/Zeno%27s_paradoxes

  4. An atom has a nearly continuous mass distribution in a Thomson’s model. but has a highly non-uniform mass distribution in Rutherford’s model.

  5. An atom has a nearly continuous mass distribution in a Thomson’s model. but has a highly non-uniform mass distribution in Rutherford’s model.it depend on the model you use.

  6. මේක මෙහෙම නොවෙන අපි ඉගෙනගෙන නැති මොකක් හරි තියරියක් ඇති නේ….

    ඒ වුණාට හිත හිත ඉන්න ඔය තියරි වැඩක් නෑනේ… 😀

  7. මම දන්න උසස් පෙල රසායන විද්‍යාව අනුව නම් නිර්දේශය පටන් ගන්නේම පදාර්ත අසන්තතිකයි කියලා ඔප්පු කරලා.

  8. මට තේරෙන විදිහට මෙතන වෙලා තියෙන්නේ සන්තතික (continues) හා සංස්ථිතික (conservation) යන වචන දෙක පටළවා ගැනීමක්. පදාර්ථය අසන්තතිකයි නමුත් ස්කන්ධ ශක්ති එකමුතුව සංස්ථිතිකයි. උපෙ රසායන විද්‍යාව පළමු පාඩමේ මෙය විස්තර කර ඇත.

  9. මට තේරෙන විදිහට මෙතන වෙලා තියෙන්නේ සන්තතික (continues) හා සංස්ථිතික (conservation) යන වචන දෙක පටළවා ගැනීමක්. පදාර්ථය අසන්තතිකයි නමුත් ස්කන්ධ ශක්ති එකමුතුව සංස්ථිතිකයි. උපෙ රසායන විද්‍යාව පළමු පාඩමේ මෙය විස්තර කර ඇත.
    ඉස්සර මිනිස්සු හිතුවේ පදාර්ථය සන්තතිකයි කියලා. නමුත් පරමාණුකවාදය සමග පදාර්ථය අසන්තතික කියන මතය ජයගත්තා

  10. ස්කන්ධය සන්ස්ථතිකයි ඒ කියන්නේ ස්කන්ධය විනාස වෙන්නේ නෑ. ස්කන්ධය සංථතිකයි කියලා ගන්න පුලුවන් භෞතික වි. අනුව නමුත් රසායන විද්‍යාවට අනුව බෑ. ඒ භෞතික වි. ගන්න මිමි රසායන වි. ගන්න මිමි වලට වඩා විශාල හින්දා. ලෝක තියෙන ඇත්තනම් ස්කන්ධය අසංථතිකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: