ප්‍රතිචාරයක් ලබාදෙන්න

________මලක් වෙනුවට මලක්________


දැක්කා ලොකු හීනයක්
පිපෙයි කියලා මලක්
තිබුන නිසා අතලඟම කැකුලක්
නටබුන් අස්සේ ආයෙමත් දැනුනා ජීවිතයක්

“ කැකුලක්………ඒවි එක දිනක්
වෙලා පිපේවි මලක්”
මල් පිපුන වලක්
ඒ කියන්නේ විලක්
වල වුනා විලක්
හැබෑවෙන හිනයක්
මාර ලස්සන ලෝකයක්

කැකුල පිපෙනකම්
රොන් ගන්න මඟ බලන්
ලඟම රැඳුනු මම මෝඩ බඹරෙක්

පෙරුම් පිරෑ තරම්
හිතා ගන්නත් බැරි තරම්

සිල් බිඳපු මත් බඹරු
අත්හැර
මල් කැකුල ලඟම රැඳුනු
මම මෝඩ බඹරෙක්

තවත් එක දවසක්
පො.. ද වැ.. ස්.. ස.. ක්

ටිකකින්

මහ වැස්සක්……..

සැඩ සුලඟක්……..

කුනාටුවක්……..

දුර පාවුන කැකුලක්

කල්පයක් විතර දිග………………..
සුසුමක්

දැන් ඉතින් ආයෙමත් විල වෙලා වලක්

හැබෑවක් වගේදැනුනත් හුඟක්
ඒකත් හීනයක්….

කෝ මට කැකුලක්
පැතුමක්
හීනයක්
තනියට යාලු බමරෙක්
මහමෙරක් තරම් බර තනිකමක්……………..

බඹරෙක්ට ඕනිමයි මලක්……

මලක් සිඹිනට පෙම් පිරූ හිත
හොයාගත්තා
අමුතුම මලක්………….

අහසේ පාවෙන දුමක්
ලෝකෙම අමුතු පාටක්
රමුම් ලොකේ හතරැස් වෙන විදිහක්
දුකක් අස්සේ මාර සතුටක්
පාවෙන….
“මලක්”

තබුනු කැකුලත් නොවුන නිසා මලක්
හිත හදාගන්නවක් “මලක”

මලක් වෙනුවට වෙන “මලක්”

-පිටස්තරයා-

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: