ප්‍රතිචාර 2

“ පාඩුවේ මට ඉන්න දිපන්”


එකම එකම එක දවසක
දුකම දුකම දුක හවසක
තනියේ, සීතල අහසක
තෙතම තෙතම තෙත වැස්සක

සීතල හරිම උනුසුම්
පණ ගැහෙන හදවතක සැනසුම්
තිබුන මුත් නෙක පැතුම් පැවසුම්
සුසුම් පමනකි මතක සැමරුම්

හිතක් නැති හිතක් ගැන

හිත වැටුනු හින්දා
හීන මල් නෙලපු හිත
තාම හිරිවැටිලා
හිම මිදුන හීතලට
හිත හුඟක්  රිදුනා
හිස් අතින් යන්න
මට පුලුවන්ද මන්දා…?

තිබුතත් ආදරේ තරමට සාගරේ
ආයෙමත් ගිලෙන්නෑ ඒ හීන සාගරේ
වැරුද්දක් වුනා නම් නුඹට මගෙ ආදරේ
පුදන්නෑ ආයෙමත් පුරා සංසාරයේ

නෙත් මානේ – හිත් අරගත්
හිතවත් වත – හිත මත් කල
හිතන්නවත් හිත නොතියම
හිරිමල් හිත පොඩි කල හැටි

හිතාගන්න බෑ තාමත්…..

දුක වැඩියි හුඟක්.
කියාගන්නම බැරි තරම්…..

සිනහවක කඳුලැල්ල සඟවම්
මැකී යයි නම් මතක සැමරුම්
එක හිතින් පෙම් පිරූ හිතකට
උරුම ඇයි මේ තරම් රිදවුම්……

දුක වැඩියි හුඟක්.
දරාගන්ම බැරි තරම්……

ඇත්ත….

රිදෙන්න ඇති හුඟක් – ඒත මං කලේ ආදරයක්
රිදුනේ නැද්ද මටත්
කමක් නෑ තවත්
මටත් ඒවි දවසක්

දන්නේ නෑ මට රිදුන තරම්…..

මල් මත්තේ නැහුනා
බෝතල් පිටින් ගැහුවා
සිල් ගත්ත සමනලයා
වල් බඹරෙක්ට හැරුනා….

අද නම් මගේ හිත බිඳුනා…..

මැරුණා, සිහින මැරුණා
වසා සිටි නෙත් පියන් හැරුන‍ා
ආදරේටම දිවිය දියකල
මෝබ බඹරා මැරුණා……

රිද්දන තරමට නුඹ මට
රිද්දන්න ඕනේ නෑ මට
නුඹට රිද්දන තරමට
ආයෙමත් රිදෙන්නේ මට……

හයිය නැති හිතකට
තවත් නම් බෑ ලඟ රැඳෙන්නට…..

නොඉඹපු මලක සුවඳට
ආදරේ උනත් තවමත්
(නො)බැඳුනු බැඳුමක දුක
දරාගන්න බෑ මට

හිත තිබුතක් මැරෙන්න තරම්
ආයෙමත් එහෙම නෑ මං

යන්නම් අතැර යන්නම්…
නුඹේ ලස්සන හීන ලෝකේ

ආදරෙන් නුඹ දමා යන්නම්…..

එන්නේ නෑ ආයෙමත් මං
මට ආදරේ නැත්තම්

ආදරේ මට නැත්තම්
මගේ හීනෙට ඇයි එන්නේ එහෙනම්
නේරෙන්නම කියන්නම්

“ පාඩුවේ මට ඉන්න දිපන්”

______________________________________________________________

Advertisements

2 comments on ““ පාඩුවේ මට ඉන්න දිපන්”

  1. “ පාඩුවේ මට ඉන්න දිපන්“ කිව්වට ඉන්න පුලුවන්ද බන්?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: