ප්‍රතිචාර 2

_____අහස යටම කොතැන හරී________


අහස යටම කොතැන හරී
රහස දන්න කෙනෙක් ඇතී
පාට පාට දේදුනු යට
අන්සතුවූ පෙමක් ඇතී

ගැස්සෙන හිත වස්සනකොට
දෑස් අගින් සුසුම් රැලී
කලුවර රෑ සඳවත වෙත
මගෙ හදවත දිගහරිමි

මලක් වී පිපී සිහිනෙක
විලක් කලා නුඹ හදවත
අන් කෙනෙක් සතුලු මුවරද
හීනයක් වගේ දිවියම

ඈත දිලෙන සීතසඳට
මෑත ඉඳන් කෑගසමී
මට පිස්සුලු හිත බොලඳලු
දහක් දෙනා සිනාසෙති

පිස්සු නෙවෙයි මගේ හැටී

අහන්නත් කෙනෙක් නැතිකොට
ඇහැව්වත් කියන් නැතිකොට
මට කන්දෙන සීත ස‍ඳෙන්
නුඹ කොහෙදැයි මම අසමී

හිතේ තිබුනු පැතුම් පතපු
පෙරුම් පුරපු හීන දැකපු
තාම කියාගන්න බැරිවුනු
දාහක් සිරගත සිතුවිලි
දිලිහෙන ස‍ඳටම කියමී

ඉඩ ලැබුනොත් මතු දවසක
සුදු සඳ ඇවිදින් හෙමිහිට
නුඹ සැඟවූ මගේ රහස්
ඔය සවනට මුමුනාවී

මගේ හීන සරසන්නට
සඳේ රහස් අහුලාගෙන
නුඹ නොඑනා වග දැන දැන
එනතුරු දැඟිලි ගනිමී

සඳත් නැතිව නුඹත් නැතිව
පෙමක් හිතට තුරුලු කරන්
අහස අමාවක වුනු දා
මම මට මුමුනා ගනිමි

“අහස යටම කොතැන හරී
රහස දන්න කෙනෙක් ඇතී”

Advertisements

2 comments on “_____අහස යටම කොතැන හරී________

  1. මම මේ බ්ලොග් එකට මීට කලින් ආවේ නැත්තේ ඇයි කියලා හිතුනා ..

    මාර ලස්සන පදවැල් පිරුනු බ්ලොග් එකක් !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: