ප්‍රතිචාර 3

lab assistant ඇයගේ අවක්ෂේප



කොහෙන්ද නුඹ..???
අහම්බෙන්ද පාවෙලා ආවේ
මෙහෙට
හුරුපුරුදු වගක් ඇනුනේ ඇයි මට..???
දැකපු පලවෙනි දවසෙම…
එදා හිටිය හැටි ඔයා..
ප්‍රතික්‍රියාවත් නැතුවම
”සීතලයි” “තනුකයි”

කියලයි දැනුනේ මට
මම හිනාවුනාට හිනාවුනේ වත් නැතුව
දන් නැද්ද
එදා රෑ හීනෙනුත් පෙනුනේ ඔයාව

දවස් තුනකට පස්සේ
කෙමිස්‍ට්‍රි ප්‍රැක්ටිකල් අස්සේ

සසම්භාවී චලිතයක් වෙලා
මගේ අත ඔය බදේ  වැදුනාම
හිතුනා මට විලීන වෙලා යාවි කියලා මම
අමුතුවට හිනා වුනාම විදුලි කෙටුවා මගේ හදවත…

ඔය ඕනේ වුනේ නෑ
ඔයාට වහ වැටෙන්න
ඒත් එහෙම වුනා..
මම ආදරෙත් කලා නොකිව්වට

ඉස්සරම කට්ටි පැනලා ප්‍රැක්ටිකල් වලින්
කැන්ටිමට යන මම
එදායින් පස්සේ
ලැබ් එකෙමයි හමවෙලේම…

බන්සන් දාහකය විතරයි අනික් අයට උණුහුමක් ගෙනාවේ
ඒත් මට
දැනුනා මොකක්දෝ අමුතුම උණුහුමක්…
දැනුනේ නැද්ද ඔයාටක් ඒක

හිතුවේම මම නොදැනුනා කියලමයි..
ඒත්…..
ඒදා..
”මට දැන් ඔයාට මල්ලී කියන්න ලෝබයි” කිව්වම නම්…
දැනුන වගේ මගේ අමුත්ත දැන ගත්ත මම
අකමැති වුනේ නැනේ නුඹත්..
හිනේ හීනයක්ම විතරක් නෙවෙයි
මමත් අක්කා කිව්වේ නෑ එදා ඉදන්
” රසදියේ දියවුනා රත්තරං”

මුලදිම කිව්වේ “මිස් “
පස්සේ “ අක්කා”

තවත් කල් ගියාම “ රත්තරං” වුනේ කොහොමද..??

වැන්ඩවාල් බන්ධන
සිග්මා බන්ධන වුනේ කොහොමද..???

රිදී කැඩපතක් වගේ සිනාවට
ඌර්ධෝපාතනය වුන මගේ හිත
ඝණිභවනය වෙනවට
ඔය ඇහිපිය යට
කැමති වුනා නුඹ
මමත් හිටයේ හරිම ආසාවෙන්
ඔය ජැස්මින් සුවදට
අපි අපේ නොවන වග දැන දැනම

දාහක් දෙනා මැද.
පෙම් පිරූ හැටි රහසෙම
කතා කලා ඇස්
කිවා දාහක් රහස්
එකම බැල්මක
තිබුනා හැගුම් කෝටියක්

මටත් වෙන කෙල්ලෙක් හිටියා
ඔයා ඒක දැනන් හිටයා
ඔයත් හිටියේ
වෙන කෙනෙක්ව බදින්න නේ

අන්තිම දවසේ ඉස්කෝලේ
ආවහම මම සමුගන්න
තුරුලු කරන් මාව
උණුහුම ඔය පපුවට
ඊඹගෙන ඉඹගෙන ගියේ
එදා හිටපු සීතල තනුක ඔයාමද…???

මට ඕනේ වුනේ නෑ ඔයාට රිද්දන්න
ඔයත් දැනන් හිටියා ඒ වග
අපි අපේ නොවනා වග
ඒ හාදු වැස්සේ තෙමිලා
තාමත් අසනීපෙන් මම

අපේ අන්තිම හාදුව..
පලවෙනි එකත් වුනේ ඇයි..???

ඔයා දැන් කොහෙද..??
ඔයාට දැන් කොහෙමද..??
තාමත් ඒ වගේද..??
එයත් මං වගේද..??

ඇත්ත.. දියවෙන්නේ නෑ මතක අවක්ෂේප
ඒත්
කාටවත්ම පතුල නොපෙනෙන තරමට
අපැහැදිලි  දැන් මගේ ජිවිත ද්‍රාවනය..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: