ප්‍රතිචාර 4

සඳ (වේ)සාවී


සුපුරුදු රෑ අහස කලුපාටයි තදට

සදවත දිලිසේවි කලු අහසේ සුදට

කාගේ නෙතේ කැලුමක් වැටුනිද හදට

නුපුරුදු සාවියක් ඇවිදිල්ලා හඳට

__________________________________

සඳවත දිලේ රෑ අහසේ සුදට සුදේ

නුඹ රුව දිලේ සඳ මත්තේ සාවි ස‍දේ

දවසින් දවස නුඹ වෙත හිත පෙමින් බැ‍දේ

කිවියෙකු නොවෙ මා එනමුත් කවි පබැ‍‍දේ

__________________________________

මුලු රෑ පුරා අම සුව දෙන සිරියාවී

සීතල සඳ වතුර ඉහිරන සඳ සාවී

එලිනෙ තුරුම ඉගිකර මා වෙත යාවී

අරුණලු නැගෙන විටදිම මා හැර යාවී

__________________________________

මූදේ ගිලෙන තුරු හිරු  බෑ තනි වෙන්න

තරු මල් පිපි සැරසෙන තුරු බෑ ඉන්න

සඳ එලියම ඕනිද අත් පටලන්න

සඳ මට වැඩක් නෑ සඳ සාවිය එන්න

__________________________________

සැංගී වලා යට හස පානා අරුම

සැකයක් නොසිතීමි සුලගක් එන තුරුම

දුහුලැල් වලා යට තව කුමරෙකි නරුම

මුලු හදවතින් නුඹ වෙත පෙම් කල කරුම

__________________________________

උදුල සඳ මඩල කිමිදෙයි වලාවක

දිදුල තුරු කැකුලු සරසයි අමාවක

කදුල නෙතු අතර හිත වේදනාවක

මිදුල පුරා සදකැන් මට හිනාවක

__________________________________

සුසුමන් හෙලමි නුඹ රුව සිහකර හඩමි

දුක් ගී ලියමි තනියෙම ඒ ගී ගයමි

ඉවසුම් නැතිව සඳවත වෙත ගල් ගසමි

මතකය මකමි ටික ටිට මකමින් මියෙමි

__________________________________

සීතල රෑක සුදුමැලි පාටින් දිලෙන

සුදු සද සාවි මේ තරමට නපුරුයිද..??

සඳ මත්තේම හිත දියකර ඵල කිමද..??

යන්න හරිමි හද නැතිදා සඳ කුමට…

__________________________________

හැර ගිය පෙමක සුවඳට සිත ආසාවී

දුර ගිය නුඹම මේ හදවත ඉල්ලාවි

මරණය ලඟයි මතකය හිත රිද්දාවි

තාමත් හිතින් මගෙමයි සඳ(වේ) සාවී

__________________________________

Advertisements

4 comments on “සඳ (වේ)සාවී

  1. හික්… හොදයි බං. මාර්තෘකාව ඔක්කොටම වඩා හොදයි.

  2. අන්තිම පේලියනං කියලා තියෙන්නේ මළ පැනලා වගේ !!!! එළ එළ …..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: