ප්‍රතිචාර 2

කොටු


මීට වැඩිය කිට්ටු වෙන්න විදිහක් නෑ අපිට

රට්ටු හිනා වෙන හින්දා බයට නෙවෙයි හොදද

කොටු උනොතින් පොලිස්සියට

තට්ටු වෙනවා අපි දෙන්නට

අත්තටුවත් තිබුනා නම්

දුර ඈතට ඉගිල්ලිලා…

වැට කොටු නැති ෆැන්ටසියට යන්නට තිබුනා

_________________________________

උඹ දන්නව නේද නගේ

රෝමියෝගේ අයියා වගේ

තිබුනට මේ තරම් දගේ

තාමත් දැලි රැවුල මගේ

_________________________________

අපිට අත් පටලනු බෑ

ටිකක් ලං ‍ෙවන්නට බෑ

නලලට හාදු දෙන්න බෑ

මේහෙම ලව් කරන්න බෑ

දැන් දහ නවයයි මට

දහ අටයි එයාහට

පහලවේද බැදි පෙම

අවුරුද හතරයි හෙට

_________________________________

ඇන්වසරිත් නෑ

පාටියකුත් බෑ

මුන් ඉන්න දෙන්නේ නෑ

සමරන්න තැනක් නෑ

_________________________________

උන් හැමෝම හිතන්නේ අපි හිර පුංචියි කියලා

මොනවද අපි ගැන දන්නේ පොලීසියේ උඹලා

කවදා හරි ගන්නව මම මේ නංගිව බැදලා

අනේ අපිට ලව් කරන්න ඉඩ දිපන් උඹලා

_________________________________

ගෝල්ෆේස් බෑ.. පාක් එකේ බෑ

පාර දිගේ බෑ.. ක්ලාස් එකේ බෑ

ගාලු කොටුවේ බෑ… රේල්පාරේ බෑ

මුන් එක්කලා බෑ.. ඉවසන්නට බෑ

_________________________________

මෙච්චර වැට කොටු කරලා අපිට කොටු

අපි වෙන්නෑ මට්ටු.. වෙන්නේ තවත් කිට්ටු

_________________________________

ටිකක් කතා කරන්න.. කරට අතක් දාන්න

ඔය කනක් හපන්න.. කොපුලේ දෙතොල් තියන්න  හිතුවා ඇතුලට යන්න…

_________________________________

එයා ගියා ඉස්සරහින්

මං එයාට පිටි පස්සෙන්

පේමන්ට් එක උඩින් හෙමින්

කොටු කොටු උඩ අඩි තියමින්

_________________________________

රුලියල් අට සීයයි

මේක හරිම ලාබයි

කවුරුත් නෑ නියමයි

අපි දෙන්න විතරයි

_________________________________

ජනෙල් රෙද්දේ පාට පාට

කොටු කොටු කොටු කොටු

ටයිල් අල්ලලා පොලවට

කොටු කොටු කොටු කොටු

_________________________________

කොටු කොටු පැනලා දෙන්නා ඇතුලට ආවා

කොටු කොටු පැනලා ආයෙත් එලියට යනවා

පොලීසියට කොටු වෙන්නෑ හෙට යලි එනවා

කොටු කොටු පැනලා ආයෙක් යනවා

_________________________________

 වැට කොටු හදලා අත්තටු කපලා

 එක එක බැරියර් හැදුවට ඔහෙලා

අපි දෙන්න දැන් හොරෙන්ම ඇතුලට යනවා

_________________________________

කවුරුත් දන්නෑ.. කව්රුත් එන්නෑ..

කොටු කොටු පැනලා ආයෙත් එනවා..


Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: