_____ ස්වප්න ප්‍රේමී _____


ඇත්තටම මට පිස්සුද..???

නැත්තම් මේ මගේ හැටිද…???

මොනාද මට මේ තියෙන හීන…

සිහින කුමාරී… මෙහෙම කෙල්ලෙක් ඉන්නවද මේ ලෝකේ… කොහේ හරි..

මේ අහස යට කොතෙනවත් ඉන්නවා ඇති කියලා මං හිතන්නේ නෑ.. ඒත්…

හීනයක් වෙලා යන හැබෑවකට වඩා  හැබෑවක් වගේ දැනෙන් හීනෙටම මම කැමතියි…

ඉතින් මේ මගේ සිහින කුමාරී….

මට රිදුනම කදුලු පිරෙන ගොඩාක් ගැඹුරු යන්තමට දුඹුරැපාට වුන දිග ඇස්…

මම ඕනේ නැති විහිලුවක් කලාම යන්තමට රතු පාට නෙව කම්මුල්..

නෙෆර්ටිටි රැජිනගේ වගේ බෙල්ල..

බෙල්ල පිටි පස්සේ ගහලා තියෙන තද නිල් පාට ඩ්‍රැගන් ෆ්ලයි ටැටූ එකක්…

 ඉන ගාවට යනකම් දිග කොන්ඩේ…

 හීන් දිග පතුල්…

ඹින්න බය හිතෙයි කියලා දැනෙන තරමට රෝසපාට තොල්….

එයයි මායි විතරක් ඉන්න වෙලාවට

කකුලේ මහපට ඇගිල්ලේ ඉදන් නලළ මුදුන වෙනකම්..

බෙල්ලේ පිට පැත්තේ ඉදන් විලුඹ දක්වාම එයාව ඉඹින්න දෙන

පුදුමාකාර උණුසුම් කෙල්ලක්…

හැබැයි ඒ උනුසුම් කම තියෙන් ඕනි මටම විතරයි

හයියෙන් වහින හවසක.. අතේ තියෙන කුඩේ විසි කරලා දෙනෝදහක් බලන් හිටියත් ගනන් නොගෙන මාත් එක්ක තෙමි තෙමී පාරදිගේ සින්දු කිය කියා ඇවිදන් එන කෙල්ලෙක්..

 මම ඇස් දෙක  පියා ගත්තම ඇවිත් මගේ ගාව දැවටෙන පුහු සදාචාරය තඹ සතේකට මායිම නොකරන කෙල්ලෙක්..

 ආගමේ සිට දේශපාලනය වෙනකම්.. එතැනින් සාහිත්‍ය වෙනකම්.. සාහිත්‍යටයන් විද්‍යාව වෙනකම්.. විද්‍යාවෙන් ලංගිකත්වය දක්වා ඕනිම දෙයක් ගැන විවෘතව කතාකරන්න පුලුවන් කෙල්ලක්..

 මාව වැලද ගන්න ආසාවෙන් බලන් ඉන්න අත් දෙකක්…

 වෙන කාටවත්ම නැති විදිහේ කටහඩක්.. හරියට ලා(ර්)ක් කිරිල්ලියක් වගේ…

 ඉදලා හිටලා මාත් එක්ක රණ්ඩ වෙලා ආපහු ටිකකින් ඇවිත් කතා කරන හිතුවක්කාරියක්…

 සීතල රෑක මම ඇවිදින්න යන්න කතා කලාම ගෙදරට හොරෙන් පැනලා එන දගකාරියක්..

 මම පයින් යන්න කතා කලොත් අත්තටු දෙක පැත්තකින් කියලා මාත් එක්ක පයින් යන්න එන සමනලියක්….

 මේක දැක්කම හිනා යනවා නේද..???

කමක් නෑ..

මට හීන දකින්න අයිතියක් තියෙනවා..

 ටවුමේ නිදිමරන හැම වෙසගනක්ම මනාලියක් වෙන දවසක් ගැන මම හීන දකිනවා…

 දොරේ ගලා යන මීදුම කෝප්පෙකට ඇරන් සිනී ටිකක් දාලා බොන්න පුලුවන් සැන්දෑවක් ගැන මම හීන දකිනවා…

 අනිවාර්යයෙන්ම මේ මගේ සිහින කුමාරි මගේ ඇදේ වැතිරිලා ඉන්න රාත්‍රියක් ගැන මම හීන දකිනවා…

 ඒක හැබෑ වුනත් නොවුනත්…

 එක අතකට හැබෑ නොවෙන එක හොදයි..

 මමම හදාගත්ත මේ රොමැන්ටික් දෙවොල මම විහින්ම බිදගන්නේ ඇයි..???

10 thoughts on “_____ ස්වප්න ප්‍රේමී _____

ඔබ නොදු‍ටු ලොවක් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න