ප්‍රතිචාර 3

නාදුනන්නී


නුපුරුදු රැව නෙත ගැටුනා

සුපුරුදු සුවදක් දැනුනා

කදුමුදුනට පෑයූ සද

හොරන් බලා ඉගි මැරුවා
_

නුඹේ සුවද පෙර දිනයක

දැනුනා මතකයි සිහිනෙක

ඒ සිහිනේ සුවද ඇරන්

නුඹ ඇවිදින් නෙත් මානෙට

_

 කියන්නත් හිතයි මේ වග

ඒත් මුව ගොලුයි ඈ ලග

නුඹ මගේ සිහනෙට ආවග

නුඹට අමතකද ඒ වග

_

“ගීත ගයන සද පෑයූ

සීත ගලන රාත්‍රියක

දෑත පටලවා අදුරෙම

ඈත යන්න එනවද…? නුඹ”

_

අහන්නට හිතයි ඇයගෙන්

_

නුඹ නමවත්මම නොදනිමි

සුපුරුදු සුවද නම් දනිමි

හැබැහින් පෙර හමුවී නැති

නුඔ, සිහිනයකින් හදුනමි

_

නුඹ නෙත ඇත විසල් කවක්

කියවා නමි කරනට බැරි

නුඹ වත ඇත දිගු දීයක්

ගයා නිමකරන්නට බැරි
_

නෙක මල් මැද මේ තරමට කුමක්ද මා දුටු අරුමය

මම නොදනිම පෙම් පිරුමට කුමක්ද මා සතු උරුමය

කිම නොදනිමි අද අහසට තරුවක මෙතරම් අරුමය

සිහිනයකින් දුටු පමනට තරු නෙලනට වෙද අරුමය
_

‍‍නොපතමි නුඹ හිමිවේ යැයි

යලිත් වරක් හමුවේ යැයි

යන්නට පෙර එකම වරක්

හස කැලුමක් මට දේ යැයි..
_

සදා මේ ලෙසම රැදෙන්න

මගේ සිහින වලට එන්න

නොපල පෙමක සුවය දිදි

නාදුනනා ලෙසම ඉන්න…

Advertisements

3 comments on “නාදුනන්නී

  1. වින්ඳාට නම් කම් නැති මගේ සුවඳ
    දුරින් සිට පෙම් බඳින් ලන් වෙන්න නොසිතා
    නන්නාදුනන නුඹ සිත සොරා ගත්තත්
    පිපි මලෙකි මා අනුන් සතු උයනෙක…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: