අන්තර්ගතයට පනින්න

අපි හැමෝගෙම ජීවිත යන්නේ අයාලේ කියලා මට හිතෙනවා..
දැන් ඉතින් හැමෝටම අහන්න පුලුවන් අපේ ජීවිත යන්නේ අයාලේ කියලා හිතන්නවත්උඹට තියෙන අයිතිය මොකක්ද කියලා…
හරි එහෙම නෙවෙයි…
මගේ ජිවිතේ යන්නේ අයාලේ කියලා මට හිතෙනවා විතරක් ෙනවේ…
මට එහෙම දැනෙනවා…
මට දැන් ඕනි ජෙරී කෙනෙක්….
මම පුලවන් ටොම් වෙලා ජෙරී පස්සසෙන් පන්නන්න…
මට ඇත්තටම ජෙරියෙක් හොයාගන්න හිතුනේ දවස් දෙක තුනකට කලින් යාලුවෙක්.. යාලුවෙක් කිව්වේ යෙහෙලියක් එක්ක කරපු කතාවක් නිසා.. කතාව පටන් ගත්තේ ෆෝන එකක් අලවලා තියෙන සිටිකර් එකක් ගැන.. පස්සේ ඒක ස්පොන්ජ් බොබ් වටේ ගිහින්.. මැක් වුල්ෆ් ගේ කකුල් දෙක අස්සේන රිංගලා.. මොට් ඇන් ජෙරී ගාව මොහොතක් නතර වුනා…
ඒ වෙලාවේ මට මතක් වුනේ ඉන්දික අයියා (Indika Gunawardana) ලියපු බලාපොරොත්තු කියන කවිය..
“ නොහිතුවට
අපි
හැමෝම
ටොම්ලා
හැමදාම
ජෙරී
පස්සෙන්
පන්නන”
මාරයි ……වචන අටකින් මුලු ජීව්තේම ලියලා…
ටොම්… ජෙරීව අල්ල ගන්න හැම වෙලේම හීන දකින කොයි තරම් ප්ලෑන් කලත් හැම වෙලේම වරද්ද ගන්න හොද පූසෙක්…
ජෙරී.. හැම වෙලේට අහිංසක ටොම්ට කොකා පෙන්නලා වෙට්ටු දාලා පැනලා යන විසේකාර මීයෙක්…
T & J බලලා තියේනම් හැමෝම දන්නවා වෙන දේ.. ටොම් හැමදාමත් අසාධාරනයට ලක්වෙනවා.. කවම දාකවත් කාටුන් පිටපත් අධ්යක්ෂකගේ අංශුමාත්රීය අනුකස්පාවක් ටොම්ට ලැබෙන්නේ නෑ…ඉදලා හිටලා ටොම්ව අතට ගත්තට කටට දාගන්න පින නෑ.. කටටත් දාගන්න හම්බෙනවා හාවා හද දකිනවා වගේ දවසක… ඒත් ඉතින් මේකා කටට දාගත්තත් ආපහු එනවනේ
හැබැයි හිතන්න.. ටොම් කවදා හරි ජෙරියව ගිල්ලයි කියලා.. එතකොට T & J නිකම්ම T විතරයි.. ජෙරියෙක් නෑ… “ මොට්ගේ නිසල දිවි පෙවෙත” නැත්තම් “සාමකාමී ටොම්” වගේ නමක් දාන්නත් පුලුවන්…
ඒත්…
එතකොට මොකාද ඕක බලන්නේ… මම නම් බලන්නේ නෑ.. ඇයි හත් දෙයියනේ… මොලෝ රහක් තියේද…? ටොම්ට කෙලගන්න ඉන්න ජෙරියා නැතුව..
ඒ රහ ඇති කිරිම සදහා තමයි මගේ සදාදරණිය ටොම් හැමදාමත් අසාධාරනයට ලක් වෙන්නේ… රසවත් බව උදෙසා… හරම රසවත් අසාධාරණයක්… දැන් අහයි ඇයි යකෝ අසාධාරනය කොහොමද රසවත් උනේ කියලා… සමහර වෙලාවලදී එහෙම තමයි… T & J බලලා තියෙන හැමෝටම ඒක තේරෙනවා…
මමත් ටොම් කෙනෙක්… කාටුන් එකේ ටොම්ට එක ජෙරියයි.. මං ටොම්ට.. මේ ටික දවසට මම ජෙරීලා නහුතයක් හොයාගෙන… මම ද්නනේ නෑ මුන්ව කොහොම අල්ල ගන්නද කියලා ඒත් මං හිතනවා මට අල්ල ගන්න පුලුවන් වෙයි කියලා…
හිටපිය ජෙරියෝ මම එනවා උඹව අල්ල ගන්න…
නාටුන් එකේ ටොම්ට ජෙරියව කවදාවත් අහු වුනේ නෑ කියලා අතාරින් හොදනෑ…
මොකද දන්නවද මේ මං ටොම් ඇන්ඩ් නහුතයක් ජෙරී කතාවේ පිටපත් තාම සම්පුර්නයෙන් ලියවිලා නෑ කියලා මට විශ්වාස කටුයුතු ආරංචියක් ලැබුනා… සමහර විට මම ට්රයි කරනවා දැකලා පිටපත් රචක මාමාට දුක හිතිලා ජෙරියෙක්ව මට ලබා දෙයි… ඒක රදා පවතින්නේ අපේ උත්සාහය මත තමා… ඒ කියන්නේ මේ කථාවේ සෑහෙන වෙනසක් කරන්න ටුයි කලොත් බැරි වෙන එකක් නෑ… අපේ පිටපත් අපිට සම්පූර්නයෙන්ම ලියා ගන්න බැරි උනත් ජෙරියෙක්ව අල්ල ගන්න පුල්වන් තරම් වෙනසක් කියන්නේ ලොකු දෙයක්… ඒ නිසා මම දැන් ට්රයි කරන්නේ රචකයාගේ අනකම්පාව ලබාගන්න… ඒක ලබා ගන්නි තියෙන එකම විදිහ… ජෙරීයෙක්ව අල්ලා ගැනීමට කැපවීම
ඒත් එක ජෙරියෙක්ව අල්ල ගත්තට පස්සේ මට ඇති වෙයිද දන්නේ නෑ… කොහොම ඇතිවෙන්නද ..? තවත් නහුතයක් ජෙරීදා මගේ ඔලුව වටේ කැරකි කැරකි පිස්සු නටන්න ගත්තම මට ආයෙමත් දුන්න හිතේවි… මේකනේ අප්පා ජීවිතේ
මම දන්නේ නෑ ඉතින් මෙවා ඔයාලගේ ජීවාත වලට ගැලපෙයිද කියලා… මගේ ජීවිතේ නම් මෙහෙමයි…
T & J ටොම්ගෙයි අපෙයි තියෙන්නේ එකම එක වෙනසයි…
ඌට එක ජෙරියයි.. අපිට ජෙරීලා නහුතයයි…. අනික් එක තමයි අපේ ජෙරීලා පැටවු ගහනවා…
නැද්ද කියලා බලන්නත් පුලුවන්
දැන් ගන්න කොලයක්.. උඩින් දිනේ දාන්න.. ලියාගෙන යන්න මතක් වෙන තරමක්…..
ලියුවද..???
හරි දැන් ඇති…
ඔය කොලේ ඔහොමම ඇරන් තියන්න…
තව මාසෙකින් ලියලා බලන්න ආයෙමත් ජෙරීලා ලිස්ට් එකක්…
අර මාසෙකට කලින් ලියපු එකයි.. පස්සේ ලියපු එකයි ඇරන් බලන්න… දැක්කම හිනා යයි මුන් පැටව් ගහන ඉක්මන..
අනේ මට තවත් නම් ඉන්න බැ මේක ලිය ලියා..
අන්න අතෙන මේසේ උඩ ජෙරියෙක් ඇවිත් දගලනවා…
ෂ්…. ෂ්…
සද්ද එයා.. ඒකා පැනලා යයි…
එහෙනම් ටටා…
මං වැනි ඔය ටොම්ලා සැමට වැඩි වැඩියෙන් ජෙරිලා කටේ දාගන්න ලැබේවා… කටේ දාගෙන තියන් ඉන්න එපා… මතක් කරලා ඉක්මනට ගිලින්න.. නැත්තම් ඌ පැනලා යන්න පුලවන්
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
ජීවිතයේ යතාර්තය t & j ගෙන්… අනේ මන්ද උබටත් කොහෙන් එන අදහස්ද් කියලා. “ඒ රහ ඇති කිරිම සදහා තමයි මගේ සදාදරණිය ටොම් හැමදාමත් අසාධාරනයට ලක් වෙන්නේ…” අපේ ජීවිත කොච්චරනම් ටොම්ට සමීපද, හැමදාම ජෙරීලගෙන් කරදරේ.. එත් ජෙරීල නැති උනොතින් කිසිම ගතියක් නෑ.. all the bst malaya
ගොඩක් ස්තූතියි අයියා… වෙන කාගෙවත් අදහස් වලට වඩා අපේම එකෙක් වගේ අපේම ඉස්කොලේ අයියා කෙනෙක්ගේ අදහස් මට ගොඩක් වටිනවා….
mama ada thamai me web adviya gana dana gatte attata ma hodai
ස්තූතිය සහෝ…