එක් ප්‍රතිචාරයක්

සිහින කැකුලී


පෙරුම් පිරුවෙද කොයි තරම් මම

අදින්නට මේ සිහින සිත්තම

අහුලමින් පිනි පොද එකින් එක

දියකරන්නට සිහින සායම

________________

අනෝරා වැසි වැටී හැමවර

සිහින සායම් බොදකරන සද

සිතුම් පත් දෑතින්ම පොඩිකර

වැලපුනෙමි දුක පුරෝගෙන හද
________________

මල් වඩම් නැති සිහින සොහොනක

පුරෝගෙන නෙත තනිව කදුලක

බාල වයසින් (නො)මල සිහිනය

වැලලුවෙමි හුදකලා හවසක

________________

(නො)මල සිහිනෙක සුවද සමගින්

කල්ප කල් සිත රැදින තනියෙන්

සිහින වැලලූ සොහොන මත්තෙන්

සොදුරු කැකුලක් පිබිදිලා දැන්
________________

හිතයි අදිනට සිහින සිත්තම

මලේ සුදු මුදු සුමුදු පෙති මත

හෙමින් තවරනු හිතයි සායම

මා හෙලූ  කදුලින්ම දියකර

________________

සිහින කුසුමේ සුවද අවුදින්

සිත්තමට ආරාධනා

හිත පුරා පාවෙමින් සුලගින්

කරයි මුවරද යෝජනා

________________

ඒත් හදවත අසයි තාමත්

 සුමුදු මල් පෙති රිදේදැයි

සිහින සායම් පහස නොරිසිව

මලේ මල්පෙති හැලේදැයි…

Advertisements

One comment on “සිහින කැකුලී

  1. A nice page brother. lassana page eka. Ape peththeth ewith yanna. mama me site eke register wenawa. honda idea set eka.

    charithwg.blogspot.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: