ප්‍රතිචාර 12

බස් බස්… කොස් කොස්


ආ කමු ඇපල් ගෙඩියක්…
දොඩම් ගෙඩියක්…
කඩල පැකට් එකක්…
ලාබෙට ලාබෙට…

මූට පිස්සු.. විකුන්නන ඇපල් ‍දොඩම්..
අපි ගනීද…??
මෙච්චර ලාබෙට තියෙද්දී..
තැඹිල්.. වට්ටක්කා..
දේශීය පලතුරු…
ලාබෙට ලාබෙට…
මාරම ලාබෙට..

ස්ටාට් කරන්නත් ඉස්සරින්ම…
පහ‍ල වේ දාන චේතනා….
‍දන් දෙන්න ආසනය…
මේ වගේ වෙලාවට…

ඇවිද්ද පය දහස් වටී..
හිටගෙන යන සරුවාංගෙම දස දහස් වටී..
මගේ පයටත් හිටගෙන යන්න ඇත්තම්..
දැන් මට කෝටියක් වටී..

දෙනවානම් ගන්න අයද නැත්තේ
මම කිව්වේ සීට් එක…
නැගිට්ටා මං දන්දීලා.. සිට් එක…

වංගු ගොඩයි පාරේ..
බ්‍රේක් නිතර පෑගේ..
මේක තමයි වාරේ..
ඇඟේ ඇලෙම් ඈගේ..

මක්කරන්නද මමත් ඉතින්..
මේවා සිම්පල් ෆිස්ක්ස්
රවන්න එපා ඔහොම..
තියෙනවා පැහැදිලිකිරිම්..
විද්‍යාත්මක..
මට…
මේවට….

වීසි වෙන්නේ ඉස්සරහට… බ්‍රේක් ගහනකොට..
ගම්‍යතාව හින්ද කියලා දන්නෙම නැද්ද…??

වීසි වෙන්නේ පිටිපස්සට… බ්‍රේක් පැඩල් පාගනකොට..
අවස්ථිතිය හින්ද කියලා දන්නෙත් නැද්ද..???

වංගු වංගු ඇඹරෙනකොට… කේන්‍ද්‍ර අභිසාර බල…
සමබරතාව රැකගන්නයි.. ගුරුත්වකේන්ද්‍රය විස්ථාපනය කරන්නේ මම…
හිතා ගන්න බැරිද..???

මම නෙවෙයි කියන්නේ මේවා..
නිව්ටන් කිව්වේ ඕවා..

සමහර විට..
යන්න ඇත්තේ නිව්ටනුත්..
වැඩ ඇරිලා බස් එකේ ගෙදර…

Advertisements

12 comments on “බස් බස්… කොස් කොස්

  1. XD එල ඈ! කාලෙකින් වෙලාවක් හම්බ වෙලා ඕන් කොමෙන්ටුවක් දැම්මා!
    කියවන්න විතරයි නොවෑ අපිට වෙලාව තියෙන්නෙ 😉

  2. pls add a G+ Button and twitter to blog………we can share Throw

  3. මමත් ඔන්න කාලෙකින් කොමේන්ටුවක් දැමුවා.. ඔව් ඉතින් කොල්ලන්ට කෙල්ලේක්ගේ ඇගේ හැප්පුනත් එකත් ආතල් එකක්ලුනේ. හැබැයි ඉතින් එක සාධාරනයි කියන්න හෙතු නැත්නම් මවලා හරි පෙන්වයි නේද 😛 😛

  4. machan who-ever took this photo is wrong. taking some person’s photo
    is a violation without his permission.it’s a violation of their private life.

    On the other hand if you so sensitive on sexual feelings toward her,
    why do you need to humiliate her? there are tons of pics/videos out there
    in the internet. Go and do whatever you need with those pictures. Leave
    the ppl’s private life alone.

    True we males have 20 times more terriostine hermone , but that’s not a
    excuse to abuse someone’s private life in a public forum. There are porn
    starts and actors who are showing their pics/videos for living, it’s oky to
    publish their videos this way. In that case it’s oky.

    Every girl is seeking the attention toward males and males also do the same
    thing infront of girls that’s the nature. So it’s a innocent thing , so what’s the
    right you have to publish a picture taken without her permission like a
    internet blog like this?

    If so we are not different from dogs or animals aren’t we?Romms and house are
    covered with walls , bodies are covered with clothes humans are civilized.

  5. නිව්ටන් තල්ලුවෙන ඇදෙන ඒවා ගැනම කිව්වේ මොකද කියලා තේරුනේ මේක කියෙව්වට පස්සේ තමා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: