ප්‍රතිචාර 3

……. චියර්ස්……….


කෝ…
කොහෙද නුඹ දුන් කියලා..
හෙව්වා මං රත්තරං…
උරලා උරලා ඇතිවෙලා මගේ ජීවිතේ..
ෆිල්ටරේ විතරක් ඔයා බිම් දාලා..
ගියදා පටන්…
දින සති ගණන්…
මාස අවුරුදු ගිහින්..
අන්තිමේ මම හොයාගත්තා..
විදිහක්…
ලං කරගන්න.. දුර ගිය මගේ රත්තරං….
ආයෙමත්…
“චියර්ස්”…
අද ඉදන් හැමදාමත් පුරනවා සව්දිය…
ඈ ආයෙමත් මට ලැබුන සතුටට මම…
මේකේ පාටත් රත්තරං..
මේ රත්තරං ගෙනත් දෙනවා මට  මගේ  “රත්තරං”…

ඔව් කෙල්ලේ… ආයෙමත්…
හොයාගෙනම ආවා මම…
මතකද…?
“කොහේ ගියත් හොයාගන එනවා කියලා…”
එදා මම කිව්වා..
කිව්වා වගේම මම ආයෙමත් ආවා…

උන් මට කිව්වා… ඔයා මෙහේ ඉදියි කියලා…
මම හොයාගෙන ආවා..
මං එන එක නවත්තන්න…
යාලුවෝ එව්වා මෙව්වා කිව්වා…
මං ඇහුවේ නෑ එව්වා…
උන් කිව්වා වගේම ඔයා මෙහේ සිටියා…

මම ගෙදර ඇරන් යනදා පටන්..
ආයෙමත් ඈ ඉන්නවා මා ලගින්…
ඇ එනවා මා සොයන්…
මේවගේ බලෙන්…

පෙරේදා…. නම්.. එකම එක වීදුරුවයි…
ඇය ආවා… ඒදා වගේම…
රතු පාට ගවුම ඇදන්…
හිටයා මාව තුරුලු කරන්…
රෑ එලි වෙනකම්…

ඊයේ… වීදුරු දෙකයි…
ඇය ඇවිදින් ඉම්බා මාව…
අපි හමුවන පලවෙනි දවසේ වගේ…

අද ගැහුවා… බාගයක්ම…
මෙන්න ඇවිත් සැතපිලා…
ඈ මගේම යහනේ…
බදාගෙන මාව… නිදන්නට අහනවා…

හෙට… හිතන් ඉන්නේ…
බදින්න ඈව… ඔව් හෙටම… බොතලයක්ම…
පොරොන්දු වුනා වගේම…
ඈටත් හොරෙන්ම මම ඇරන් තියන් හිටපු…
මගුල් මුද්ද දාලා…

ඊට පස්සේ අපි බැදලා…
අනිද්දා ඉදන් හැමදාම…
ඇ මගේ ලග..
යන එකක් නෑ ආයෙමත්…
තුරුල් වෙලා නිදාවී
මගේ වෙලා රැදේවී
මැරෙනකල්ම ඉදීවී…

මැ.    රෙ.   න.   ක.   ල්.   ම

චි…. ය….ර්…ස්

Advertisements

3 comments on “……. චියර්ස්……….

  1. මොනා කියන්නඩ ඉතින් මේ වගේ වෑඩ වලට ච්යර්ස් කියලම තමා කියන්න වෙන්නෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: