ප්‍රතිචාර 19

මම හුරතල් බබෙක්… අවුරුද්දයි තාම


 

                                    කන්ද මුදුනින් එන හද තරු වලට විහිලු කර කර හිනාවෙනවා… අහසේ නෑ එකම එක වලාකුලක් වත් හදට පොරව ගන්න.. සිතල නැද්ද මන්දා මේ හදට.. ඔහේ හිනාවෙවී ඉන්න හැටි.. හිතන් ඇත්තේ අපි දන්නේ නෑ කියලා  වෙන්න ඇති හද මේ එලිය බෙදන්නේ ඉරෙන් හොරකම් කරලා කියලා.. එක අතකට හද එහෙම හතන එකෙත් වැරැද්දක් නෑ… හද ඉරෙන් හොරකම් කරපු එලිය බෙදන්නේ කොයි තරම් වෙනස් විදිහකටද..???

 හද එලිය හරීයට අපේ ෆැන්ටසි වගේ.. ඉර එළය හරියට යථාර්තය වගේ… නැද්ද කියලා හිතලා බලන්න… හීනය කියන්නේ යථාර්තයේ මටසිලිටු හ්වභාවය.. අපි කැමති දේ… අමකැති හැමදේම මකලා දාලා අපි හදාගන්න සිත්තම… ඒක නිසා තමයි හීන දකිද්දී තියෙන ලස්සන ඒක හැබෑ වුනාම නැත්තේ.. හීන වලින් අපි අල්ලන්නේ ජීවතේ හිනිදු තැන් විතරයි.. රලු පරඵ හැම එකක්ම අපි අතඅරිනවා… ඒත්… ඒ හීනෙම හැබෑවක් වුනාම ඒක යතාර්ථයේම අනු කොටසත් වෙනවා… අපි අකමැති අපි අයින් කරපු එහෙමත් නැත්තම් අපි නොදන්න නිසාම අපිට අහු නොවුන හැම රලු තැනක්ම අපිට අහුවෙනවා… පුංචිම උදාහරණයක් කියන්නම්…. කෙල්ලෙක්ගේ පස්සෙන්  යන කාලේ මොන තරම් ආතල්ද නේ… යාලු වෙන්න අහන්න කලින්  මරු තමයි.. එයා තරම් ලස්සන හොද ස්වීට් ෂෝක් සුන්දර සුක්මාල සුර දූතිකාවක් තවත් නෑ නේ… ඊට පස්සේ වැරදිලා හරි ඒ කෙල්ල අපිට කැමති වුනා.. දැන් හරි ෂෝක්.. ඒ උනාට ටික කාලෙකින් අපිට අනිවාර්්‍යයෙන්ම හිතෙනවා මේ මම හීන වලින් දැකපු කෙල්ල නම් නෙවේ කියලා.. මේතෙනදී සමහර අය මට විරුද්ධ වෙයි… ඒත් ඒක එහෙ තමයි… 100% අපි දැකපු හීන මවපු කෙල්ල අපිට කොහෙන්වත් හම්බවෙන්නේ නෑ… ඒක ඒ කෙල්ලගේ වත් අපේ වත් වැරුද්දක් නෙවේයි.. අපි දකීන හීන වල හැටි… අපි හීන දකින විදිහ…

 හරි හරි මම මේ කියන්න ආවේ වෙන එකක්… දැන් වෙන බයිලා කියනවා… අදට හරියටම මගේ හීනෙකට අවුරුද්දයි… වැරදුනා.. හීනයක් හැබෑ වෙලා අවුරුද්දයි…තේරෙන සිංහලෙන්ම කිව්වොත් අදට මගේ බ්ලොග් එකට හරියටම අවුරුද්දයි.. පිටස්තරයාට හරියටම අවුරුදු එකයි…

යන්තම් දනගාන වයසේ නේ.. 2010 නොවැම්බර් 25 පුංචි හයිකුවක් වගේ ‍‍මොකක්ද මෙලෝ රහක් නැති කවියක් වලේ එකකින් තමයි පිටස්තරයා ඉපදුනේ.. හරි හරි ඉනිත් දැන් එක හොයන්න යන්න එපා.. ඒක මහ ගොබ්බ කවියක් (?) දැන් ඒවත් ඉතින් එසේම තමා…

 මම මේ බ්ලොග් එක පටන් ගත්තේ එකම එක හේතුවක් නිසා.. ලියන කවි(?) පත්තර වලට දානවා දානවා දානවා සීයක් දැම්මම එකක් පලවෙනවා.. ඒකත් නෑ සමහර වෙලාවට…  එතකොට මම 11 වසරේ.. ඔය කාලේ තමයි bloging කියන දේ හැමොම කතා කරන්න ගත්තේ ඉතින් මං හිතුවා මමත් බ්ලොග් එකක් පටන් ගන්නවා කියලා.. ඒ උනාට ඉතින් කවුද දන්නේ බ්ලොගින් ගැන දන්න කියනා කවුරුත් නෑ.. යාලුවෝ දන්නෙත් නෑ… අනික් එක එතකොට අපේ ගෙදරට කෙට්.. මං කිව්වේ ඉන්ටර් නෙට් කනෙක්ෂන් එකකුත් නෑ.. මට සිංහල ටයිපිනුත් බෑ..  ඉතින් මම අපිට කොයින්ද පුසෝ මාලු.. අපි යනවයෑ මූදු කියලා හිතලා හිත හදාගත්තා…

 ඉතින් කෙසේ හෝ යාන්තස් සැප්තැම්බර් වෙනකොට දෙයියො දුන්නා වගේ අපේ ගෙදරට අන්තර්ජාලය පහල වුනා..දැන් ඉතින් හරි… ඒ දවස් වලම තමයි මම කෑමුගේ පිටස්තරයා කියෙව්වේ…  මම ඒ කතාවට වහ වැටුනා… ඒකටත් හේතුවත් තිබුනා.. මමත් ගොඩක් ‍වෙලේට  එක්තරා විදිහකට මගේ දන්න කියන අය හැමෝටම පිටස්තර වුනා… මම හිතන විදිහයි මගේ වටේ ඉන්න ගොඩක් අයි හිතන විදිහයි අතර ලොකු ගැටීමු ඇතිවුනා… අදටත් මගේ මූණ වත් නොබලන අයි ඉන්නවා… ඒ තරමට මගේ මතයයි සමහර අයගේ මතයි ඝට්ටනය වුනා… ඉතින් හරි…. ඔන්න බ්ලොග් එකට නමකුත් ලැබුනා.. ඉතින් වැඩේ හරි… “පිටස්තරයෙක්ට ඉඩක් දෙන්න පුලුවන්ද…???”

 මුලින්ම මං හිතුවා English වලින් ලියන්න.. අනේ කඩ්ඩ පුලුවන් නිසා නෙවේ…. සිංහල ටයිප් කරන්න බැරි නිසා… එතකොට සිංග්ලිෂ් ට්‍රාන්ස්ලේටර් ගැන දන්නේ නෑ… දැන් ඉතින් මක්කද කරන්නේ.. English වලින් අමාරුවෙන් හරි ගැට ගහගෙන ලිව්වාමයි කියමුකෝ.. කව්ද ඉතින් කියවන්නේ..  නොදන්න English වලට ගිහින් වරිගේ නහ ගන්නේ නැතුවු පුලුවන් සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න එක හොදයි කියලා මම තිරනය කලා… දැන් ඉතින් කාපන් කෝ ටකරං.. කොහොම හරි ඔන් සික්‍රීන් කි බෝඩ් දාගෙන විනාඩියට එක අකුතරක සිපීඩ් එකෙන් මම පටන් ගත්තා සිංහල ටයිපින්… මොකක්ද එකක් ගහලා කොලා පබ්ලිෂ්….. 2010 – 11 – 25.. ඔන්න ඉතින් පිටස්තරයා ඉපදුනා…

  මාසෙකට විතර පස්සේ පලවෙනි කමෙන්ට එක ලැබුනා.. මාර සතුටක් එදා නම්… ඊට පස්සේ සින්ඩියට… හැම බ්ලොග් හවුලවටම මම මේක ඇඩ් කලා… එදා ඉදලා නිතරම කොමෙන්ට එන්න ගත්තා.. දැන් මං ඇත්තටම බ්ලොගර් කෙනෙක්.. සයිබර් අවකාශගේ සැරිසරන දෙනෝදාහක් සිංහල බ්ලොගර් ලා අතර මම ලොකු පොරක් නෙවේ තමයි.. ඒත මම දන්න තරමින් මගේ යාලුවෝ ඉස්කොලේ කට්ටිය හැමෝම අතරින් බ්ලොග් එකක් තියෙන්නේ මට විතරයි… ඉතින් මට ඒ ගැන අහිංසක විදිහට ගොඩක් ආඩම්බරයි…

පිටස්තරයාගේ අඩවිය.. දැන් මගේ ජීවිතේ ලොකුම කෑල්ලක් වෙලා.. ඉදලා හිටලා දවසට මේ පිටස්තරයාගේ බ්ලොග් ගඩොල් මාලිගාව ටොප් 10 වර්ඩ් ප්‍රෙස් බ්ලොග් ලිස්ට් එකටත් එනවා… එහෙම ආපු දවසට ඉතින් මට මල් හතයි..

 මේක මේ තරම් දුර ආවේ ඔයාලා නිසා… අවුරුද්දක්… මට තවත් දුර යන්න ආසයි… එහෙම යන්න ඕනිද කියලෘ ඔයාලම තීරනය කරන්න…

මේ තරම් කාලෙකට එකම එක පාරක් හරි මේ බ්ලොග් එකට ආපු.. කොමෙන්ට් දාපු…මොකුත් නොලියා ඉන්නකොට උඹ දැන් ලියන එක නවත්තලාද කියලා වතපොතට මැසේජ් එවපු හැමෝටම ගොඩාත් ස්තූතියි..

 මෙන්න හැමෝටම මං ගානේ කේක්…

Advertisements

19 comments on “මම හුරතල් බබෙක්… අවුරුද්දයි තාම

  1. සුබ පැතුම් තව තවත් අති සාර්තකව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  2. ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා!

    මම තවම කුසේ…

  3. නියමයි මලේ…..දිගටම ලියන්න…..
    සුබපැතුම්,තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  4. හිතට එන හැමදේම කියාගන්න බැරිව සංස්කෘතික රාමු අස්සේ හිර වෙච්ච ආසියාතික ගෑනු වුනු අපේ හිත වල අදහසුත් එහෙන් මෙහෙන් උබ ස්පර්ශ කරලා “පිටස්තරය ” හරහා.
    ඔහොම යං. ජයශ්‍රී

  5. අපි හැමෝම පොඩි එවුන් තමා බං

    අපෙනුත් සුබ පැතුම් !!

  6. Happy Birthday Outsider.. and All the best for the future.. 😀

    අර ඔයා කියපු ලිපි තියෙන්නෙත් මේකෙමද? නැත්නම් වෙන බ්ලොග් එකක්ද?

  7. well done mchan…………. digatama liyapan. mama eda wagema hemadamath ube hoda rasikayek mchn………………

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: