ප්‍රතිචාර 16

ප්‍රේමය නම්…..????????


උදේම නැගිට්ට ගමන් රේඩියෝ  එකේ යනවා මාර සින්දුවක්.. මාව නිකම් කරකවලා අතඇරියා වගේ…

“ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි… පාරිශුද්ධයි… සුරම්‍යයි…”

මට හිනා ගියා.. ටිකක් හයියෙන්.. හොදවෙලාවට ගෙදර කවුරුත් හිටයේ නෑ.. හිටියනම් අනිවා අහනවා උඹට පිස්සුද කියලා… ඒ තරම් වොලාවක් මම හිනාවුනා… ඇත්තනේ අප්පා… පිස්සු හැදෙන සිංදුනක් තමා මේක… මම දන්නේ නෑ මේ සිංදුව ලියව්වේ කවුද කියලා… ඉතුරු පද ටික මට මතකත් නෑ.. ඒත මේ කියන්නේ පට්ටපල් බොරුයි කියලා මට හිතෙනවා… ඒක ඉතින් එහෙමද මන්දා…

 මේ සින්දුව කියන්නේ  නන්දා මාලනී… එයාගෙම තවත් සින්දුවක තියෙනවා “කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි” කියලා.. මේ අදහස් දෙක සම්පූර්ණයෙන්ම පරස්පරයි… ඒ උනක් වැඩිය යථාර්තයට සමීප දෙවනි සින්දු කෑල්ල…

සම්පුර්නයෙන්ම ර‍ාගයෙන් තොර ප්‍රේමයක්… එහෙම එකක් තියේද..?? දාරක ප්‍රේමය නම් ඒ වගේ එකක් ඒත් ඔබේ  පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන්… නැත්තම් සැමියාගෙන් හො බිරිදගේන එහෙම එකක් හොයනවා නම් ඔබට ඇත්තටම පිස්සු… නැත්තම් ඔබ ඇත්තටම සාමාන්‍ය මනුෂ්‍යයෙක් නෙවේ..

 සම්පුරනයෙන්ම රාගයෙන් තොර ප්‍රේමයක්.. නිරාමිස ප්‍රේමයක්… ඇත්තටම මට නම් හැබැහින් එහෙම එකක් දකින්න ලැබිලා නෑ… “ මට එයාව නොලැබුනක් මම එයාට ආදරෙයි” කියන එක මෙතෙනට අදාල කරගන්න එපා…  ලංවෙන්න ලබාගන්න බැරිකම නිසා.. ඇහින් නොදැත කථානොකර හිතින් ආදරේ කරනවා ‍ෙවන්න පුලුවන්… ඒත එහෙම කියන කෙනාව ඔය හිතන් විතරක් ආදරේයි කියන කෙනොට කසාද බන්දලා දෙන්න කතා කරන්න…එතකොට ඔය හිතන් විතරක් ආදරෙයි කියපු කෙනා කියයිද මම එයාට ආදරේ හිතින් විතරයි… පුර්ණ නිරාමිස ප්‍රේමයක් ඒ නිසා මට එයාව බදින් බෑ කියලා… ඒක වෙන්නේ නෑ…මට හිතෙන විදිහට නම් නිරාමිස ප්‍රේමයක පැවැත්ම තියන්නේ භෞතිකව ලං වෙන්න බැරි වීම මත විතරයි… ඒ භෞතික බාධක  නැති කරපු දවසට ඔය කියන රාගයෙන් තොර අචින්ත්‍ය,ප්ලේටෝනියානු ප්‍රේමය අතුරුදහන් වෙනවා.. ඇසිල්ලකින්…

 ජීව විද්‍යාත්මකය බැලුවොත් නම් ආදරයේ පදනම වෙන්නේ ලිංගිකත්වය… ( love is depend on sex) ඒත් සාහිත්‍යයේ සමහර තැන් වලදී නම් කිය්යේ ඒක සම්පුර්ණයෙන්ම නිරාමිස හැගිමක් කියලා.. විද්‍යචද සාහිත්‍යද වැඩියෙන් යථාර්ථයට සමීප කියලා ඔයාලටම තීරනය කරන්න මම ඉඩදෙන්නම්…“love is depend on sex ” කියන තරමට  අපි දරුණු නොවි ඉමුකෝ… ඒ හැබැයි ආදරේ සම්පුර්ණයෙන්ම ලිංගිකත්වයෙන් වියුක්තයි කියන එකනම් නෙවේ… දැන් කියන්න පුලවන් ලිංගිකත්වය සහ සෘංගාරය කියන්නේ දෙකක් කියලා.. ඇත්ත දෙක දෙකක් තමයි…ලිංගික ආශාවේ සැර ටිකක් බාර කරලා කියනකොට ඒක සෘංගාරය. සැන්ඩි කරපු ලිංගික ආශාව.. ලිංගිකත්වයේ කලාත්මක ස්වරූපය තමයි සෘංගාරය…  ඒ කියන්නේ සෘංගාරය කියන්නෙත් ලිංගිකත්වය මුලික කරගෙක ඇතිවෙන දෙයක්… ඔය හිතට නිකම් ලෑලි කෑල්ලක් දැක්කම නැත්තම නැලවිලි ගියක් ඇහුවම සෘංගාරය ඇතිවෙන්නේ නැත්තේ ඇයි කියන එකට උත්තරේ හෙව්වොත් ඒකට උත්තරේ තමයි  මම ඔය උඩ කියලා තියෙන්‍නේ…

ප්‍රේමයි… ඒක පටන් ගත්තේ කොහොමද…. මානව ප්‍රේමයේ මූලාරම්භය… එක ඇතිවුනේ යුගල සෑදිමේ ක්‍රියාවලිය නිසා… යුගල සෑදිමේ ක්‍රියාලියේ මූලික අරමුණ වර්ගයා බෝ කිරිම… ඒක වුනේ ජීවින්ගේ පැවැත්ම උදෙසා… ජීවින්ගේ අඛන්ඩතාවයි… ඒතකොට ප්‍රේමය කිය්නේ වර්ගයා බෝ කිරීමේ අරමුනෙන් ඇතිවෙන එකක්ද කියලා ප්‍රශ්නයක් මුතු කරන්න පුලුවන්… පටලව ගන්න එපා.. මම මේ කතා කරන්නේ අවුරුදු ලක්ශ ගනනක් ඈත… ගල් යුගයටත් එහා පරිනාමයේ මුල් කාලෙදී…

 හැම සතෙක්ම වගේ යුගල සාදනවා… එත් ගොඩක් සත්තුන්ගේ ඒක ඒ ඒ කාල වලට සීමා වෙනවා… ඒත මිනිස්සු ඒ බැදීම ජීවිත කාලයම ආරක්ෂා කරනවා(????) ඒක සිදු වෙන්නේ මිනිසා විසින්ම හදාගත්ත සදාචාරය සංස්කෘතිය වගේ දෙවල් නිසා… මම කියන්නේ නෑ ඒවා නරක දේවල් කියලා… සදාචාරය සංස්කෘතිය ඒවා ගොඩක් හොදයි.. මිනිසා ඇතුලේ හැංගිලා ඉන්නා වානරයා යටපත් කරන්න, හංගන්න ඒවාගෙන් මාර සේවයක් ඉටු වෙලා තියෙනවා.. ඒක හරි… ඒත් එක නැති කරන්න පුලුවන් වෙලා නෑ.. හැමෝම ඇතුලේ තාමත් වානරයා හැංගිලා ඉන්නවා… අමතක කරන්න එපා කොයිතරම් මනසින් උසස් කියලා කිව්වත් අපි තාමත් සත්තු ජාතියක් විතරයි…

  එක මිනිසෙක් හා එක ගැහැනියක් ඒ කියන්නේ එක පිරිමි සතෙකුට එක ගැහැනු සතෙක් කියන සංකල්පය ඉතා දැඩිව තියෙන සතෙක් තමයි මිනිසා  කියන්නේ.. ඒකට හොද හේතුවක් තියෙනවා… ඒක මං අහුලා ගත්තේ “නිරුවත් වානරයා” පොතෙන්.. ඒක පැහැදිලි කරන්න මට ටිකක් අදාල නැති දේවල් කියන්න සිද්ධවෙයි… ඉවසගෙන ඉන්න…

 අපි ඉස්සරම කාලේ හිටියේ ගස් උඩ නේ.. වදුරෝ වගේ… පස්සේ ගස් වලින් බිමට බැස්සා… කකුල් හතරෙන් ඇවිද්දා.. පස්සේ අපි කොන්ද  සිරස් අතට තියාගෙන ඇවිදින් පටන් ගත්තා… දැන් කකුල් දෙකයි.. අත් දෙකයි… ගස් උඩ ඉන්න කාලේ අපේ ප්‍රධාන ආහාරය වුනේ පලතුරු ශාක පත්‍ර වගේ ශාකමය ආහාර.. ඒත බිමට බහැපු අයට ආයෙත් ගස් උඩ නැගලා පලතුරු කඩා ගන්න එක අමාරු වුනා… මේකා වේ බොහොම ඉක්මනට වුන ඒවා නෙවේ.. ගොඩක් හෙමින් අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ සිද්ධ වෙච්ච ඒවා.. ඒක නිසා අි දඩයම් වානරයෝ බවට පත්වුනා… ශාක භක්ෂනයත් තියායෙන අපි මාංශ භක්ෂනයටත් පුරුදු වුනා… ඒත් ඒ දඩයම් තරගයේ මුල් කාලෙද් අපිට හැමදාමත් ලැබුනේ අවසාක තැත… අපිට අල් දත් උල් නිය නෑ… මාංශ  භක්ෂකයන් තරම් වේගෙන් දුවන්න බෑ.. ඒක නිසා අපිට ලැබුනා වෙනස් විසිහක ලක්ෂනයක්… මොලය වර්ධනය වීමෙන් සාපේක්ෂන බුද්ධිමත් ජීවියෙක් බිහිවීම… ගස් අතු අල්ලගන්න හැදිලා තිබුනු අත් වලින් පොලවේ තිබුන යම් යම් දේවල් ග්‍රහනය කරගන්න හැකි විම මොලේ වර්ධනයට හොද උත්තේජනයක් වුනා…මාංශ භක්ෂනයෙක්ට යම් වස්තුවක් මේ කරම් හොදින් ග්‍රහනය කරගත් හැකි ඇගිලි පිහිටලා නෑ…  ඒ ග්‍රහනය කර ගැනීමට හැකි වීම නිසා ආයුධ භාවිතය ඇරඹුනා… ආයුධ භාවිතය යුගල සෑදිමේ ක්‍රියා වලියට අදාල වෙන්නේ කොහොමද කියපා දැන් හිතෙන්න පුලුවන්… ටිකක් ඉවසීමෙන් කියවගෙන යන්න…

 මොලයේ වර්ධනයට වඩා ලේසි දෙයක් නේද උල් දත් උල් නියපොතු තියෙන අමුතු සතෙක් පරිනාමය වීම.. ඇත්ත ඒක හරි… ඒත එතකොය අපිට කෙලින්ම මාංශ භක්ෂකයන් එක්ක තරග කරන්න වෙනවා.. සමහර විට එහෙම දේකුත් සිද්ද වෙන්න ඇති.. ඒත් එත් ගොඩක් අසාර්ථක අත්හදා බැලිමක්… පරිනාමිය ක්‍රියාවලියක් සිද්ද වෙන්න අවුරුදු ලක්ෂ ගනනක් ගත වෙනවා… ඒ ලක්ෂ ගාන තුලම අපිට වඩා ගොඩක් දියුනු මාංශ භක්ෂක ල්කෂන තියෙන සත්තු එක්ක අපිට කෙලින්ම තරග කරන්න ඕනි වුනාම  ඒ තරගෙන් දිනන්න කොයි තරම් අමාරු  වෙන්න ඇතිද..??

 ඒක නිසා වෙනස් විදිහකට අපි පරිනාමය වුනා..  සාපේක්ශව බුද්ධිමත් ජීවින් කොටසක් වශයෙන් වර්ධනය වෙන්න පටන් ගත්ත… බුද්ධිය කියන්නේ මොලය.. මොලයේ වර්ධනය  වෙන්න නම් දිග ළමා කාලයක් අවශ්‍යයි.. එතකොට ඒ  දිග ළමා කාලය තුල කිසිවක් කරකිය ගන්න බැරි පැටවු රැක බලා ගත යුතුයි.. ඒක පැවරුනේ ස්ත්‍රී පාර්ශවයට… එකට හේතුව වෙන්න ඇත්තේ පැටවුන් කෙලින්ම ගැහැණු සතුන්ගේ සිරුරු වලින් පිටතට එන එක වීම වෙන්න පුලුවන්.. එතකොට පැටවුන් රුකබලා ගැනීම ගැහැණු සතූන්ටත් පැටවුන් පෝෂනය කිරීම පිරිමි සතුන්ටත් පැවරුනා.. එතකොට අපි දඩයම් කල යුත්තේ මොලයෙන්.. තනි තනිව දඩයම් කරනවට වඩා සාමුහිකව දඩයම් කිරීම පහසු නිසා  අපි ඒකට පුරුදු වුනා… ආයුධ හාවාතා කිරිමට හැකිවීම තමයි අපිට තියෙන විශේෂ වාසිය වුනේ…

  මේවා එකකට පස්සේ එකක් පිලිවෙලට ඇතිවුන ඒවා නෙවේ.. හෙමින් හෙමින්  අවුරුදු ලක්ෂ ගගනාවක් තිස්සේ සිද්ධ වුන දෙයක්.. අපේ යුගල බන්දනය මේ තරස් ශක්තිමත් එකක් වුනේ  කිසිවක් කරගන්න බැරි පැටවාගේ පැවැත්මට ගැහුණු සතා සහ පිරිමි සතා  එකට සිටීම ඉතා වැදගත් වුනා… පිරිමි සතා පැටියා සහ ගැහැනු පෝශනය කිරීමත් ගැහැනු සතා පැටවා රැක බලා ගැනිමත්  කිරීමට හැකිවිම තුල ගැහැනු සතාට දඩයම් කිරිම අවශ්‍ය වුනේ නෑ.. එතකොට ගැහැනු සතාට තමන්ගේ මුලු කාලයම පැටවා වෙනුවෙන් යොදවන්න පුලුවන් වුනා…

 “ ආරම්භයේදීම දඩයමේ ගිය විට ස්ත්‍රිය  තමාට විශ්වාසව සිටින වග පිරිමි සතා සහතික වශයෙන්ම දැනගත යුතුවු අතර මේ නිසා යුගල සෑදැමේ කැමැත්තක් ගැහැනුන් තුලද වර්ධනය වියු යුතු විය.. දඩයස් කටයුතු වලදී සිරිස වැඩි වීව විශාල වාසියක් වූ බැවින් දඩයම් සදහා දුරුවල පිරමි සතුන්ගේ ආධාරද ලබාගැනීමට අවශ්‍ය විය… ඔවුන්ගේ සහයද ලබාගැනිමට අවශ්‍ය නම් ඔවුන්ටද සමාන අයිතිවාසිකම් ලැබිමද අවශ්‍ය විය.. මේ නිසා ලිංගික සංවිධානය වඩා ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වා ගැනීමද වැදගත් විය.. අනෙක් කරුන නම් දැන් පිරිමින් සතුව මරණිය හානි සිදුකල හැකි ආයුධ ඇති නිසා ඔවුනොවුන් අතර ලිංගික හේතු නිසා ගැටුම් ඇතිවිම වැලැක්විය යුතුය.. මෙය සිදු කිරීමය හොදම ක්‍රමය වූයේ එක් පිරිමියෙක් එක් ගැහැනියකගෙන් තෘප්තිමත් වීමයි… මේ සියල්ලටම ඉහලින් දෙමාපිය දෙදෙනා එක්ව දරුවා හොදින් රුක බලා ගැතයුතුය… දරු සෙනෙහස සහ මාපිය දෙදෙනා එකතුව හැසිරීමද මේ නිසා දියුනු වු අතර ඒඒ කටයුතු මව හා පියා බෙදාගන්නා ලදී… ශක්තිමත් යුගල බන්ධනයක පැවතීමට මූලික හේතුව වූයේ එයයි”

 –         උපුටා ගැනිම – නිරුවත් වානරයා – ඩෙස්මන්ඩ් මොරිස් –

  මෙන්න මෙහෙමයි ආදරේ කියන දේ ආරම්භ වුනේ.. මේක මෙහෙමම නොවුනාමයි කියමුකෝ… ඒත් ප්‍රේමය ඇතිවුනේ ලිගංකත්වයෙන් පරිපුර්නව වියුක්තම නම් නෙවෙයි….කොටින්ම කිව්වොත් ප්‍රේමයේ මව ලිංගිකත්වයයි.. දැන් ළමයි ගොඩක් ලොකු නිසා අම්මව ගෙදරින් පන්නලා ප්‍රේමය ලිංගිකත්වය ගෑවිලාවත් නෑ කියනවා වගේ වැඩක් මේක… මානව ප්‍රේමයේ මුලාරම්භය sex තමයි.. කැමතිනම් පිලිගන්න… පිලිගත්තේ නැතත්  ඊට වඩා පිලිගත හැකි යමක් නෑ..

 ඇත්තටම ඔය ප්‍රේමය රාගයෙන් සම්පුර්නයෙන්ම තොර වුනානම් මාර දේවල් තමයි වෙන්නේ… සැබෑ ප්‍රේමවන්තයෝ කවදාවත් බදින්නේ නෑ.. බැන්දත්  ඒ අයට ළමයි නම් නෑ.. එකතොට මේලොකේ බැදලා ඉන්න කවුරුවත් ආ‍දරේ කරලා නෑ.. අනික් පැත්තන එතකොය අපේ අම්මලා තාත්තලත් එකිනෙකාට ආදරේ කරලා නෑ… කරානම් අපි ඉන්න විදහක් නෑනේ…

 ඒක නිමා පිලිගන්න ප්‍රේමය තුල යම් තාක් දුරට රාගය කියෙනවා… ඕබේ හොදම යහලුවා හෝ යෙහෙලිය පෙම්මතා හෝ පෙම්වතියගෙන් නැත්තම් සැමියා හෝ බිරිදගෙන් වෙනස් වෙන්නෙත් එතෙන තියෙන ලිංගික ආකර්ශනය නිසා. සමහර අයගෙන් ඔයා මට ආදරේද කියලා ඇහුවම නෑ ඔයා මගේ යාලුවෙක් විතරයි කියලා කියන්නේ එතෙන ලිංගික ආකර්ශනය නැත් නිසා… පටලවා ගන්න එපා ප්‍රේමය තුල රාගය තිබුනට සැමවිටම රාගය තුල ප්‍රේමය නෑ.. සියලු එන්සයිම ප්‍රෝටීන වුනාට සියලු ප්‍රෝටින එන්සයිම වෙන්නේ නෑනේ.. බයොලොජි වලින් උදාහරනයක් ගත්තට මම බයෝ කරපු කෙනෙක් කම් නෙවේ.. මැත්ස් කලේ…  මැත්ස වලින් සරලවම කිව්වොත්…

 Love = Sex + etc….

Then

Love > sex

Love is something more than sex…

 රාගය තිබන පලියට ප්‍රේමය කිලුටු වෙන්නේ නෑ.. කමන්ගේ කෙල්ලගේ තොල් දෙන ඉඹින් හැම කොල්ලම වල් ප්‍රේමවන්තයොද…??? තමමන්ගේ තොල් ඉඹින්න ඉඩදෙන හැම කෙල්ලම වල් ප්‍රේම වන්තියොද..?? තමන්නේ පෙම්වතාගේ හෝ වතියගේ තොල් ඉඹින්න අවස්ථාවක් ලැබුනොත් ඔබ ඒක ප්‍රතික්ෂේප කරනවද..??? නෑනේ…

 රාගය කියන්නේ අර අහවල් වැඩේමයි කියලා හිතන අයට නම්… ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි කියලා කියන්න පුලුවන්…ප්‍රේමය කියන්නේ සම්පුර්නයෙන්ම රාගය කියන අයට  Love = sex කියලා කියන්න පුලුවන්.. ඔය දෙකම බොරු කියලා තේරෙන අයට වඩා යථාර්තවාදීව ආදරේ කරන් පුලුවන්…

 රාගය කියන හැගිම හො අවශ්‍යතාවය ( ඒක වඩා සමීප අවශ්‍යතාවයකට) ප්‍රේමයෙන් සම්පූර්නයෙන්ම වියුක්තයි…බිරිදකයගන් බලාපොරොත්තු වෙන්නේ ‍ෛවශ්‍ය‍ාවකගේ කාරයය නෙවෙයි කියලා හැමෝම පිලි ගන්නවනේ… මිනිහෙක් ‍ෛවශ්‍ය‍ාවක් හම්බ වෙන්න ගිහින් ඒ අවශයතාවය ඉටු කරගෙන එතනින් පිටවෙලා යනවා… ඒත් ඒ මිනිහම තමන් ගේ බිරිදත් එක්කත් ඒ දේම කරලා බිරිදව තුරුල් කරන් නිදාගන්නවා… දෙක අවස්ථා දෙකක් කියලා තේර්ම් ගන්න පුලවන් නේද..??

 ප්‍රේමය පිවිතුරු සුන්දර එකක් වෙන්නේ රාගයෙන් තොර වීම මත නෙවේ.. අනෝන්‍ය විශ්වාසය ඒ විශ්වාසය රැකීම හා එකිනෙකාට ගරු කිරම වගේ දේවල් මත… රාගයත් යම් තාක් දුරට ප්‍රේමයේ පැවැත්මට උපකාරි වෙනවා… එකිනෙකාට දැඩි ලෙද ඇලුම් කිරීම… ආශා කිරිම… මානසික හා කායිකව… මානසිකව විතරක් ඇලුම් කරන අවස්ථා තියෙන්න පුලුවන් ඒකට බොහෝ වෙලාවට හේතු වෙන්නේ භෞතිකව ලං වෙන්න බැරි වීම.. කොහොම අසා කලත් ආසා කිරීම කියන්නේ ආශා කිරිමම තමයි…

 ප්‍රේමය රාගයෙන් තොර සද එලිය සේ අචින්‍ය වුනානම් මේ ලොකේ හැමෝම ප්‍රේමය කියලා කරන්නේ වෙන එකක්..  එක්කෝ බොරුවට තමන්වම රවට්ටා ගන්නවා… නැත්තම් ලෝකයාව රවට්ටනවා… නිකම් බොරුවට කොලේ වහලා ගහන්න ඕනේ නෑනේ… ඔබ කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට  ඇත්තමට ආදරේ නම්  ඔබ මුලු ඇයම හෝ ඔහුටම ආදරෙයි ආසයි… මනසට… කොන්ඩෙට ඇස් වලට… හදවතට ගුතිගුන වලට… හිනාවට… මුලු සර්වාංගෙටම ආදරෙයි.. ආසයි… නිරාමිස ප්‍රේමය කියන්නේ හුදු සංකල්පයක් විතරක්ම කියලා කියන්න මයි මට හිතෙන්නේ ඒත සමහර විට එහෙම එකක් තියෙන්න පුලවන්… ඒත් ඔබ මම අයිති වෙන සාමාන්‍ය මිනිස්සු කුලකයේ අය අතර නම් එහෙම එකක් තියෙන්න බෑ…

 මගේ හිතේ තියෙන්නේ පරම පවිත්‍ර ආදරේ විතරයි… රාගය බිංදුවක්වත් නෑ කියන ජෝඩුවක් මට හොයලා දෙන්න… එහෙම ජෝඩුවක් කසාද බක්දා දුන්න‍ොත් ඒ අයට ළමයි ලැබෙන එකක් නැද්ද…???

 ඉතින් පිලිගන්න ප්‍රේමය තුල යම් යම් කොන්දේසි සහිතව රාගය, ලිංගිකත්වය කියන්දේ තියෙන්න පුලවන්…ඒ අත්තර් ගත ප්‍රමානය පුද්ගලානුරූපව සාපේකෂයි..

 පසු සටහන – මම මේක ලිව්වේ මට දැනෙන තේරෙන විදහට.. මේක පිලිගැනිම හෝ නොගැනීම ඔයාලාගේ වැඩක්.. මම මතයක් ප්‍රකාශ කලා විතරයි

 

Advertisements

16 comments on “ප්‍රේමය නම්…..????????

  1. සහතික ඇත්ත කතාවක්.. රාගයෙන් තොර ප්‍රේමයක් නැ.. ප්‍රේමයක් ඇතුලේ තියෙන රාගය කියන්නේ දකින දකින කෙනා එක්ක එකතු වෙන ආසව නෙවෙයි. තමන් ආදරේ කරන කෙනා එක්ක එකතු වීමේ ආසාව.. නියම ලිපියක්..ජය වේවා…

  2. ආයේ අටුවා ටීකා ඕනේ නෑ මාතෘකාවට.
    …ගෙදර ආපු හැටියේ බැලුව උඹේ මේ කිව්ව බ්ලොග් පටිය.
    …හැමෝම කියවන්න ඕනේ පිටුවක් මේක. තෑන්ක්ස් මචා. එළ.

  3. කවුද බන් කියන්නෙ රාගයෙන් තොර ප්‍රේමයක් ගැන.එහෙනම් රහත් වෙලා ඉන්න ඔනා.මලකෙලියයි රහත්වුනාම කොහොමද ලව් කරන්නෙ.එතනත් කොක්කනේ.ඔය කවුරු ලොකුවට පුරසාරම් බෑවත් අනිවා දෙන්නටම හැගීම් ඇතිවෙනවා.ලොකු ලොකු පොයින්ට් ගන්න නම් කියයි හැමෝම පරම පිරිසිදු ආදරේ කියලා.ඒ ආදරේම තමයි මුහුදු වෙරලකට ගිහින් හුළං වදිද්දින් දගලන්නෙත්.උබේ කතාවට මමත් 100% එකග වෙනවා මචෝ.දිගටම ලියපන්.

  4. සහතික ඇත්ත. නියම, හොඳම විස්තරයක්. 🙂 මමත් දවසක් මේ සින්දුව ඇහුණහම ඔය කාරණේම හිතුවා.නමුත් ඔබේ විස්තරය වඩාත් සම්පූර්ණයි.
    මට නම් හිතුණේ “රාගයේ ගිනි ජාලාවත්” “ප්‍රේමයේ උණුසුම් සුසුමත්” කියන මේ දෙකේම වෙනස අත් විඳපු කෙනෙක් අර දෙවනි හැඟීමත් පළමු හැඟීමත් දෙක සන්සන්දනය කරද්දි දැනුණු වෙනස වරදවා වටහා ගන්න ඇති කියලා.
    සැබෑ ප්‍රේමය ශාන්තයි.ඒ වගේම එය අපිව බොහෝ විට බුද්ධියේ මාවතට මෙහෙයවනවා. ඒත් සුලභ රාගය අන්ධ කරවන සුළුයි.එය බොහෝ විටම කෙලවර වෙන්නේ අසහනයෙන් හා විනාශයෙන්.

  5. බුද්ධාගමට අනුව, රාගය කිව්වත් ප්‍රේමය කිව්වත්, සුන්දර භාර්යාව කිව්වත් එයින් අදහස් වෙන්නේ, ලෝභ මූලය මතින් හටගත් එක්තරා චෛතසිකයක්. බුදු රජාණන් වහන්සේ දක්වල තියෙන්නේ ඒක අකුසල චෛතසිකයක් හැටියට.

  6. පොස්ට් ඒක මරු පිලි ගන්නවා ලිංගිකත්වය තමා මුලින්ම ඇති උනේ මම දන්නා විදිහට බයිබලේ නොකිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ ආදම් සහ ඒවාට කියල තියෙන්නේ ලිංගිකව එක්වෙන්න එපා කියල ඉතින් එහෙම ආදරයක් නැතිව ලිංගිකම එක් වුනු නිසා අපේ පරම්පාරව පැවත එනවා. ලිංගිකත්වය ඕනේ ආදරයත් ඕනේ එත් ලිංගිකත්වය වෙනුවෙන් ආදරයේ රගපමේ කරනවා නම් ඒක වැරදි

  7. මෙකයි කෙස් එක සදඑලිය සේ අචිනතයයි කියන්නේ 100%ක්ම 100 කියන එකද? රගය. අදරයෙන් දෙදෙ නෙක් එක්වීමෙදී ඇතිවන හැගීමට රාගය කියන එක යන ගැටථව ඇත ගැටථව =0 වු විට ඔයා හරි නියමයි මා සිතන්නේ ඔය සිංදු‍වෙ තියන රාගය love=0, sex only කියන වගෙ එකක්

  8. mmath kiyuwa mali……man danne na malliman oyage blog eka borumai kiyanneth na koma unath may hamadema alla ganeemak vitharai..sanasarayaa dik kara ganeemak…oyage blog eka may kathawath ekka man 100% agreed… ප්‍රේමය පිවිතුරු සුන්දර එකක් වෙන්නේ රාගයෙන් තොර වීම මත නෙවේ.. අනෝන්‍ය විශ්වාසය ඒ විශ්වාසය රැකීම හා එකිනෙකාට ගරු කිරම වගේ දේවල් මත…… This is the basement of successful marriage…wish you luck.great work…

  9. රාගයෙන් තොර ප්‍රේමය සඳ එළිය සේ අචින්ත්‍යයි (සිතා ගන්න බැහැ)
    සුනිල් ආරියරත්න කියන්නේ – රාගයෙන් තොර සඳ එළියකට පවතින්න බැහැ කියල
    නමුත් පාරිශ්‍රද්ධයි සහ සුරම්‍යයි

  10. ප්‍රේමය රාගයෙන් තොරනම් නන්ද මාලනී හැම සිකුරාදා සුනිල්ගේ පිළියන්දල ගෙදරට ගිහිල්ල ඉරිදට එන්නේ ඇයි..රාගය නිසා නොවේද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: