ප්‍රතිචාර 6

රාත්‍රිය තාම නෑ ඉවර (1)


___________පළවෙනි කොටස__________

මා එක්කලා තරහා වෙන්න නම් එපා … මේක පරණ මම කොටස්5ක් විතර ලියලා නවත්තපු කථාව… ආයෙමත් මුල ඉදන් පටන්ගන්නවා… මුලදි නම් බෝරින් වෙයි කලින් කියවලා තියෙන අයට…

එහෙම අය මට කරුනාවෙන් සලකලා පොඩි චාන්ස් එකක් දෙන්න

මේක මගේම නොවුන මගේ කතාව
____________________________________________

වෙලාව – 2ට විතර ඇති

ස්ථානය – අවිනිශ්චිතයි. අනේ මන්දා… මං දන්නෑ කොහෙද කියලා

තනියෙමද..? නෑ මොන තනියක්ද..??? මගේ හීනේ, මගේ “ සමනලී”  හිටියා මා එක්ක.

සමනලී….????

ඔව් සමනලී.. එයාගේ නම නෙතාරා.. ඒ උනාට මං කියන්නේ සමනලී කියලා… ඒක එයාට ගැලපෙනවා.. කොච්චර  ට්‍රයි කලත් එයාව ලේසියෙන් අල්ලගන්න බෑ.. හරියට සමනලියක් වගේමයි

පාලුව මැකෙන්න දාලා තිබුන රේඩියෝ එක කෑගහනවා

           

එක දවසක් හැන්දෑ….වක  

කණා මැදිරි  එලි පාරක

මං හෙව්වා…… තරු කැටයක්… මං හෙව්වා…… තරු කැටයක්

නිල් පාටින් පායා දිලෙන

සිහිනයක වෙලී මා…. සිටියා…

කවුරුදෝ විත් දොර බිදිනා විට

සුලං රොදක්වත් ඇරුනු දොර පියනින්

ආ….. වා….. නම්….සිහිනයේ සුව අරන්…

නන්නාදුනනා දෑසක්

නිවි නිවී දිලිසුනා මොහොතක්

සුහද ආරාධනාවක් අරන්  ඇවිත්… 

දො…ර…ක…ඩ..ට…

පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද

අවකා…..ශයම……. වසා ගෙන 

 සිටින විට මා අසල….. සිටින විට මා අසල

ඔරලෝසුව ටීක්ටීක්

                 ටීක්ටීක්

                 ටීක්ටීක්

තුන්පාරක් කෑගැහුවා… ඒ කියන්නේ වෙලාව 3යි.

සුවඳක්……..

රෑ කුමාරි මල්….. පිපිලා මහ ගොඩක්….එක රොත්තට….

ඈතින් දිලිසෙන තිත් දෙකක්… ඒ ඇස් දෙකක්ද..???

“ ඒ සමනලී අර බලන්න….කව්ද බලන් ඉන්නවා අපි දිහා…”

“කෝ…? මේ රෑ…? කවුද..? කොහෙද…?”

“අර අර…. ඈ…..තින්… බලන්න”

“නෑ මෝඩයෝ ඒ ඇස් දෙකක් නෙවේ”

“එහෙනම්….??”

“ඒ අපි වගේම නින්ද යන්නේ නැති කණාමැදිරියෝ දෙන්නෙක්”

“උන් මොනා කරනවද  මහ රෑ …මේ පට්ට කලුවරේ”

“අපි දෙන්නා වගේම උන් දෙන්නටත් පිස්සු ඇති”

“ ඇත්තටම උන් දෙන්නත් අපි වගේමද දන්නෑ”

“ ආ… මං උන් දෙන්නගෙන් අහලා කියන්නම්කෝ”

ඒයා හෙමීට ගියා කණා මැදිරියෝ ගාවට… ගිහින් මොනාද ඇහුවා… මට ඒක ඇහුනේ නෑ..

“නෑ…. නෑ… උන් දෙන්නා අලුත බැදපු කණා මැදිරි ජෝඩුවක්.. මධුසමයට ඇවිත්…  HONEYHOON”

HONEYHOON මං ඒ වචනේ ගැන කල්පනා කලා.. මටත් ආසයි සමනලී එක්ක
HONEYHOON යන්න.. මට හිතුනා ඒක එයාට කියන්න..  මං කිව්වේ එයාව බදින්න.. එයාව මගේම කරගන්න.. මං ගාවම තියාගන්න.. මොනාද මං මේ හිතන්නේ.. මම තාම එයාට ආදරෙයි කියලවත් නෑ.. ඒ උනාට හනිමූන් ගැන හීන දකිනවා.. උඹ හීන වලින් යන දුර හොදටම වැඩියි කොල්ලෝ..

“සමනලී… ඇයි අපි ඇත්තටම ඇහැරලා…?”

“සරලයි… නින්ද යන්නේ නැති නිසා..”

“ඉතිං ඇයි අපි දෙන්නටම නින්ද යන්නේ නැත්තේ..?”

“අද මට නින්ද යන්නේ නෑ.. ඒ නිසා ඔයාටත් නින්ද යන්නේ නෑ..”

“ඒ කිව්වේ අපි දෙන්නම එක්කෙනෙක්ද..?”

“නෑ මැට්ටෝ… මමනේ ඔයාව එක්කරන් ආවේ නිදාගන්න නොදී.. ඒකයි මම කිව්වේ..”

“ඉතිං ඔයා ඇයි මාවම එක්කරන් ආවේ… තනියෙම එන්න බයද..?”

“ටිකක් විතර.. හැබැයි ඒක නිසා නෙවෙයි… මම ඔයාව එක්කරන් ආවේ ඔයාටත් මට වගේ පිස්සු නිසා… ආයේ ඔයා මං කියන ඒවා අහනවද බලන්න.. තව ගොඩක් හේතු කියන්න පුලුවන් මට…”

අනේ මන්දා… ඒ වෙලාවේ නම් මට නිකමටම නිකමට වගේ හිතුනා මෙයා මට කැමතියි කියලා..

“ඔයා මාව ටෙස්ට් කරනවද…?”

“ එහෙමමත් නෙවෙයි ඉතිං…”

“එහෙනම්…?”

“ටිකක් විතර එහෙම තමයි..”

ඊට පස්සෙ ටික වෙලාවක් නිහඩයි හැමදේම.. හදගැස්ම පවා නැවතිලා ඊලග මොහොතේ මොනා වෙයාද කියලා බලන් හිටියා..  දැන් එයා පැනලා මාව ඉඹගෙන ඉඹගෙන යාවි කියලා මම ප්‍රාර්ථනා කලා… ඒත් ඒ හැම හීනයක්ම කඩා දාලා ටික වෙලාවකින් එයා ආයෙමත් කථාකලා

“මේ.. මේ”

“ඇයි….?”

“මාර සීතලයි.. ඔයා ගාව නැද්ද උණුහුමක්”

“ම්… මම නම් ආසයි මේ සීතලට.. මමත් සීතලයිනේ.. හිම කුමාරයෙක් වගේ”

“අපෝ.. සීතල එපා මාව හිරිවැටෙයි.. මං ආස උණුහුමට..”

“ඒත්.. උණුහුම වැඩිවුන දාට මිනිස්සු සීතලටත් ආදරේ කරනවා..”

“අනේ මේ ඔය තරම් සීරියස් කතා කියන්න එපා මං ඔයා තරම් ගැඹුරු නෑ..”

ම්… මම කල්පනා කලා ඇත්තටම මම සීරියස් වැඩිද…? ගැඹුරුද..? සංකීර්නද..?

“මොනාද ඔය තරම් කල්පනා කරන්නේ මැට්ටෝ”

මගේ(????) සමනලී අහපු එක මට ඇහුනා… ඒක මට ඒකට උත්තරයක් දෙන්න තරම් සිහියක් තිබුනේ නෑ… මම හිටියේ මම කාටවත් හිතාගන්න බැරිතරම් සංකීර්නද කියලා හිත හිතා…

“අනේ මොනා හරි කියනවකෝ..”

“ම්…ම්…ම්… මම මොනා කියන්නද..?”

“ඒ  අර දේදුන්නක්”

“ පිස්සු.. මේ පට්ට රෑ කොහෙද දේදුනු”

“ ඇයි හඳ එලියට පායන ඒවා.. හඳ එලිය‍ට දේදුන්නක් මවන්න බෑ කියලද හිතන් ඉන්නේ

“ දන්නේ නෑ.. මං දැකලා නෑ හඳ එලියට පායන ඒවා”

“මම නම් දකින්න ආසයි එහෙම එකක්”

“ මං හිතන්නෑ.. දකින්න හම්බවෙයි කියලා.. හද එලියෙන් දේදුන්නක් බලාපොරොත්තු වෙන්න එපා”

“ඔය ඉතිං ආයෙමත් සීරියස් කතා කියනවා… මට ඕනි අනේ මොනා හරි කතා කරන්න..  ඔයා මොකුත්ම නොකියා හිටපු නිසා තමයි මම දේදුන්නක් ගැන කිව්වේ..”

“අනේ.. මං කතා නොකර හිටියේ වෙන කල්පනාවක හිටපු නිසානේ…”

“මොකක්ද ඔය තරම් කල්පනා කලේ..?”

“ම්… ඒක  ර…හ…ස…ක්…”

“මට කියන්න බෑ…??”

ඔන්න කොල්ලෝ.. .here is the movement that you need the most… හොදම වෙලාව… කියපන් කියපන්.. එයාම ඇහුවා.. ඒත වචන මාව මගඇරලා ගියා.. තවත් දිග නිහැඩියාවක් විතරයි..

“හරි ඉතිං කියන්න බැරිනම් කමක් නෑ.. එහොම කථා නොකර ඉන්න එපා”

ඇයි කෙල්ලේ තේරුම් ගන්නැත්තේ… මං හිරවෙලා.. මට මේක කියන්න වචන නෑ.. මම ඒක කිව්වේ නෑ.. හිතුවා විතරයි… ඒනිහැඩියාව නිසා එයා තවත් අප්සෙට් වෙන්න ඇති…

“මේ”

එයාම ආයෙත් කතාකලා…

“ඇයි”

“මොකක්ද ඒ… සද්දේ”

“මොකක්ද”

“ෂ්…….. ෂ්….. සද්ද නොකර අහන් ඉන්න

……………

…………..

………….

…………

………..

……….

………

……..

…….

……

…..

….

..

.

“ඒ හදවතේ සද්දේ”

“හදවත……?”

“ඔව් ගැහෙනවා ඒක…. පිස්සුවෙන් වගේ”

“කෝ බලන්න”

“නෑ.. වමේ නෙවෙයි මං වෙනස් මගේ හදවත දකුනේ… බලන්න.”
එයා මගේ පපුවට අත තිබ්බා… දෙවියනේ මම හිරිවැටිලා ගියා… මගේ ආදරේ මගේ පපුවට අත තිබ්බා.

“ම්… බලන්න හෙ..මි..න්…  දැ..නෙ..න..ව..ද…?”

“න්….නෑ… දැනෙන්නෑ… ඇහෙනවා.. යන්තම් අපැහැදිලි සද්දයක් විතරයි”

එහෙනම් කණ තියලා බලන්න… මගේ පපුවට. මම ඒක හිතුවා විතරයි කිව්වේ නෑ…

“මම කණ තියලා බලන්නද..?”

එයාම ඒක ඇහුවා.. ඇයි මං එපා කියන්නේ..

“ඉතිං බලන්න..”

…………………..

………………

………….

……….

….

..

.

“ ඇහුනද..?”

මම ඇහුවේ එයා මගේ පපුවෙන් කණ ගත්තට පස්සේ

“ම්…. ඇහුනා… එත් මෙකක්ද ඒ හදවත කියන්නේ… මට තේරෙන්නෑ හරියට”

“හදවත කියන්නේ සිංදුවක්.. හුදකලාවේ ගීතය…ඒක තේරෙන්නෙම නැද්ද ඔයාට”

“නෑ….. මට ඒක ඇහෙනවා.. ඔයාගේ හදවත ගැහෙනවා කියලත් මම දන්නවා.. ඒත මට ඒක තේරෙන්නේ නෑ”

ම්… ඇහෙනවලු.. තේරෙන්නේ නැතිලු… මං මේතරම් මැරීගෙන ආදරේ කරන්නේ මගේ හදවත ගැහෙන හැටිවත් නොතේරෙන කෙනෙක්ටද..?..ඒ කියන්නේ මේ මටම මවපු කෙනා නෙවෙයිද….?

“මේ ඉතිං ආයේ කල්පනා කරනවා.. මං දිහා බලාගෙන අහන්නකෝ…මං කිව්වේ ඇහෙන්නෙම නෑ කියලා නෙවේ… ඇහෙනවා.. යන්තමට…සියුම් කෙඳිරියක් වගේ  ඒත් පැහැදිලි නෑ මට.. ඔය තරම් පුංචි දේවල් වලටත් හිත රිද්දා ගන්න එපා.. ඔයා සංවේදී වැඩියි”

“හ්ම්.. කමක් නෑ ඉතිං එහෙනම්.. මං හිතුවා ඔයාට ඒක තේරෙයි කියලා”

“අර අර තරුවක් කඩන් වැටුනා”

“පව්…..”

“කව්ද පව්…. ලස්සනයිනේ ඒක”

“ලස්සන අපිට..ඒ තරුව අහසට කොයිතරම් ආදරේ කරන්න ඇද්ද…?”

“අ …. හ ….. ස …. ට ….????          ආ…..ද….. රේ……?????”

“ඔව් අහසට… තරු ආදරෙයි අහසට ඒත් ඉතිං අහසට ගානක් නෑ ඒක..

“අහසට තව කෝටිගනන් තරු තියෙනවනේ.. අනික ඉර,හද, වලාකුලු කොයතරම් දේවල් තියෙනවද…??  ඒත් තරුවකට තියෙන එකම හිමිකම අහස විතරයි… ඒකත් අතෑරලා යන්න උනාම”

“ වෙන්නැති…මට තේරෙන්නේ නෑ ඔයා මොනා කියන්න හදනවද කියලා”

“ඇත්ත ඔයාට තේරෙන්න විදිහක් නෑ.. පුදුමයක් නෙවෙයි ඒක…  ඔයාට දැනෙන්නෑනේ මගේ හද ගැස්ම…”

“නෑ දැනෙනවා… නොදැනෙනවා නෙවෙයි… ඒත් තේරෙන්නේ නෑ මට”

“ඇත්ත මාව තේරෙන්නේ නෑ කාටවත්…… ඒත්…..”

“ඇයි…? ඇයි ඒත් කියලා නැවැත්තුවේ”

“නෑ… ඒක ඕනි නෑ..”

“නෑ.. ඕනිමයි… කියන්න”

ම්.. කියනවද..?
මේක හිතේම තියාගෙන ඉදලා වැඩක් නෑනේ.. ආදරේ කියන්න ඕන.. කරන්න ඕනි.. දැනෙන්න ඕනි.. ඔන්න ඔහේ කියලා දාමු..

ඒත මට එයාව දැනෙනෙවා.. හැම තිස්සෙම.. මට දැනෙනවා.. හැම දේටම වඩා… ඒත් මම ඔයාට පිටස්තර වෙලා”

“න්…නෑ…. ඔයා පිටස්තරයෙක් නෙවෙයි මට”

“ඇයි එහෙනම් තේරෙන්නේ නැත්තේ…  මං කියන්න හදනදේ.. මං උඹට ආදරයි සමනලී.. ගොඩාක්… ගොඩා…..ක්  . මට ඔයා එක්ක මුලු ජීවිතේම ගෙවන්න ඕනි”

“මොකක්”

“ මම ඔයාට ආදරෙයි”

“මේ මට…”

“උඹට… ඔය වැස්ස වගේ දඟකාර ඔය හිනාවට… මං ඕන්නැති විහිලුවක් කලාම රෝසපාට වෙන ඔය කම්මුල් වලට… ඔය හුලඟ වගේ දඟලන කොන්ඩෙට.. ඔය අමුතු කටහඬට… මුලු ඔයාටම ආදරෙයි..”

“ ඒත් ඔයා සීතලම සීතලයි… මැරිච්ච තාරකාවක් වගේ.. මාව හිරිවැටිලා”

“ ඒ කියන්නේ උඹට මේ හිම කුමාරයාගේ ආදරේ එපාද…?”

“ ම්.. මට ඕනි නැ ඔයාව රිද්දන්න… ඒත මට ඕනි ඔය විදිහ ආදරයක් නෙවෙයි… මට ඕනේ ගිම්හානය වගේ උනුහුම් ආදරයක්”

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

මම එකපාරටම ඇද උඩ ප්‍රාදූර්භුතවෙලා හිටියා.. ඒක හිනයක්.. මම ඇහැරෙන්න ඇත්තේ හීනෙන් එයා මගේ ආදරේ ප්‍රතිකුෂේප කිරිමේ කම්පනය දරාගන්න බැරිවෙලා වෙන්න ඇති.. හිනෙන් මෙහෙමනම් හැබැහින් උනොත් මොනා වෙයිද..?

එයා කියලා හිතාගෙන මම බදාගෙන හිටපු කොට්ටේ හිනාවෙනවා තාමත් මාගේ දිහා බලාගෙන… ඇත්තටම ඒක හිතාගන්නවත් බැරිතරම් නරක හීනයක්… තාමත් කලුවරයි.. ඒ කියන්නේ රාත්‍රිය තාවත් ඉවර නෑ.. මං ආයෙමත් නිදා ගත්තා…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: