ප්‍රතිචාර 4

Hybrid Sweetheart….. (2)


____________________________________________

සිහිනයක කටහඩ දෙවෙනි කොටස

_____________________________________________________________

“මේ…  තාමත් නිදිද හලෝ…. ඇහැරෙනවකෝ…”

මට හීනෙකින් වගේ කටහඩක් ඇහුනා. ම්…… පුරුදු කටඩහක්.. කෙල්ලෙකුගේ ටෝන් එකක් ආවේ.. හොදටම පුරුදුයි. කවුද……………..? ම්……….. මම ඇස් අරින්නේ නැතුවම කල්පනා කලා. ඇස් අරින්නක් කම්මැලියි.. අනික් අද නිවඩු දවස,සෙනසුරාදා..  මේකිටත් එදා උදේම ඕනි එන්න උනානේ… බම්බුව. ඒ අස්සේ ඊයේ රෑ නරක හීනේකුත් දැක්කා.. නරක එකේ හොදම එක.. සමහර විට මේකත් තවත් එක හීනයක් වෙන් ඇති.. මතක් වෙන්නෑනේ කවුද කියලා.. ඇස් අරින්නම වෙනවා දැන්… කම්මැලියි ඒකටත්…

හෑ……………

හයියෝ සල්ලි… මේක නම් සිරාවට මට පේන මනෝ විකාරයක් ඈ.. වෙන්ඩ බෑ… පිස්සු හැදෙයි.. මේක  තවත් හීනයක්ම තමා.. මං එහෙම හිතන ගමන් මේක හීනයක් නොවේවා කියලා හිත යටින් පොඩි ප්‍රාර්ථනාවකුත් කලා…

“නෙතූ” ඇවිත්… ඒක කොහොමද මම මේක ඇත්තමද කියලා දැනගන්නේ.. අනේ මන් දන්නෑ…

“මොකද කන්න වගේ බලන් ඉන්නේ….?”

“අනේ.. මං ඌරු මස් කන්නෑ…”

“ ආ දැන් මාව ඊරියෙක් වගේද පේන්නේ…”

“ වගේද..? වගේ නෙවේ කොහොමත් ඊරියෙක් තමයි ඉතින්”

“ තමුසේ තමයි වල් ඌරා…”

“ අන්න.. අන්න නංගිට වැරදුනා… ඌරා උනත් නොවුනත් අපි වල් නම් නෑ හරිද..?”

එයා මොකුත් කිව්වේ නෑ… කියන්න දෙයක් නැතුව ඇති මමම කතාකලා ආයෙමත්….

“ අපරාදේ.. නංගි ඊරියෙක් නොවී කිකිලියෙක්වත් උනානම් මම ඉතුරුකරන්නෑ”

“බූ….රු….වා….”

“ THANKX ආ.. බූරුවා කියන්නේ බුද්ධිමත් රූමත් වාසනාවන්ත අයට..”

එයාට ඒ පාර නම් හොදටම තරහා යන්න ඇති… මොකුත්ම කිව්වේ නෑ… ගස්සගෙන කාමරෙන් එලියට ගියා… එයාට තරහා ගියාම එයා හිතාගන්නවත් බැරි තරමට ලස්සනයි.. නැතත් ඉතිං එයා මාර ලස්සනයි… හරි ඉතිං දැන් ඒ හීනේ ඉවරනේ… දැන් ආයෙමත් නිදාගන්න ඕනි….

ඈ……………

‍මේකේ මොකක් හරි ලොකු අවුලක් තියෙනවා…

යකෝ… මේක හිනයක් නෙවෙයිනේ.. මම දැන් ඉන්නේ ඇහැරලා… ඇහැරලා ඉන්නකොට හීන පේන්නෑනේ… ඒ කිව්වේ ‍මේක හීනයක් නෙවෙයි… එයා ඇත්තටම ඇවිල්ලා… ආයේ ජීවිතේටම කතා කරන්නෑ.. ආයෙමත් එන්නෙම නෑ කියපු කෙනා ආයෙමත් ඇවිත්..

ආ…මොයාව හදුනවා නොදීම පිලිබද මාගේ බලවත් කනගාටුව හොදේ…

මෙයා “නෙතු”….

නෑ නෑ… ඊයේ හීනෙන් දැක්ක කෙනා නෙවෙයි.. එයා නෙතාරා…. මෙයා නෙතූනි.. ආදරේටනේ නෙතූ කියන්නේ… අනික් එක මෙයා අපේ නෑයෝ වෙනවා.. නෑනද, නැන්දද, ආච්චිද මන්දා.. මොකක් හරි පට්ටම දිග නෑකමක් ඒක.. මට වඩා අවුරුදු දෙකක් මෙයා බාලයි.. ටිකක් දුර ඉන්නේ…

ඉස්සර ඉදන්ම එයා එනවා නිතරම නිවාඩු කාලෙට එයා මෙහෙ එනවා… මාව බලන්න.. අපි දෙන්නා ඉස්සර ඉදලම බුදු ෆිට්… පණට පණ.. හැබැයි ඉතිං මං දැනන් හිටියේ නෑ එයා එන්නේ මාව බලන්නම කියල නම්.. කොහොම හරි පහුවෙලා මං ඒක දැනගත්තා.. එදයින් පස්සේ එයා ආයේ කවදාවත් ආවේ නෑ… ඒත් කාලෙකට පස්සේ එයා ඇවිත් ආයෙමත්.. දන්නෑ ආවේ මාව බලන්නද කියලා…

කොහොම හරි.. මෙයා මාරයි.. මාර අයිටම් එකක් තියෙන්නේ.. ලස්සනයි… Cute n Sweet… සුරංගනාවික් වගේ.. නෑ එහෙම නෙවෙයි.. සුරංගනාවියක් හා මනුෂ්‍ය දුවක් අතර අතරමැදි එකක්.. දෙමුහුන් Hybrid එකක්.. මාර Unique, ආවේනිකයි.. එයා විදිහට ඉන්නේ එයාම තමයි.. අර මොකේද කිව්වා වගේ එයා වර්ණනාවිෂයාතික්‍රාන්තයි…

කොහොමින් හරි එයා ඇවිත්.. පරණ දේවල් අමතකම කරලා.. නැත්තම් අමතක කරගන්න බැරිවුන නිසා.. මොකක් හරි ලොකු දේකට තමයි ඇවිත් තියෙන්නෙ නම්..

මම ඇදෙන් බැහැලා ගියා.. එයා සාලේ පේන්න හිටියේ නෑ.. මම ඉස්සරහ දොර ගාවට ගියා.. එතෙන එයාගේ සෙරෙප්පු දෙක තිබුනෙත් නෑ.. කිසිම සද්දයක් නෑ ගේ ඇතුලේ.. ඇත්තම ආවනම් අඩු තරමේ අම්මලා එක්ක කතා කරන සද්දෙවත් ඇහෙන්න ඕනිනේ.. ඒ කියන්නේ එයා ඇවිත් නැද්ද කොහෙද.. ඒක මට නිදිමරගාතේ පෙනුන මනෝ විකාරයක්.. හ්ම්..  දැන් ඉතින් මොනා කරන්නද.. ආයෙත් ගිහින් නිදාගන්නව.. මම ආපහු හැරුනා..

මෙන්න එයා ඉන්නවා.. මගේ පිටි පස්සෙන්.. මට හිතුනා මගේම කම්මුලට ගහගන්න.. ඇයි මගුල මටම මේ මනෝ විකාර පේන්නේ.. මං ඇස් දෙ පිහිදාලා බැලුවා එයා අතුරුදහන් වෙලා ඇති කියලා.. එයා අතුරු දහන් වෙලා නෑ.. ඒ කියන්නේ මේක ඇත්තක්.. එයා ඇත්තටම ඇවිත්..

එයා ඒ දිලිසෙන ඇස් දෙකෙන් සුපුරුදු බැල්ම දැම්මා.. හරි ඉතිං දැන් ආයෙමත් සුපුරැදු ප්‍රශ්නේ අහන්න තමයි යන්නේ…

“ අයියේ.. අදවත් මට හරි උත්තරයක් දෙනවද..?මම ගොඩක් කල් බලන් හිටියනේ.. මොනවා හරි කියන්න.. මොකක් හරි උත්තරයක්”

ම්.. හරි දැන් ආයෙමත් කතාව පැටලුනා නේ.. මමත් ඉතිං මගේ ජිවිතේ පටලවන් ඉන්න එකේ ඔයාලට ඒක පැටලෙන එක අහන්න දෙයක් නැනේ..

මේකයි.. මෙයා.. මෙයා කිව්වේ නෙතු මට ලව්.. සිංහලෙන් නම් ආදරෙයි.. එයාමයි මට ඒක කිව්වේ.. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කිරිම.. ඒක චාටර්ද..? මට නම් එහෙම හිතෙන්නැ.. අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හැමෝටම තියනවනේ… එයා මගේ මූනටම ඒක කිව්වා.. ඒත් ඒ වෙද්දි මම වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ඇරන් ඉවරයි.. මගේ සමනලි.. මගේ හිත තිබුනේ එයා ගාව.. ඉතිං හිතක් නැතුව කොහොද මං ආදරේ කරන්කේ…

ඒ නිසා මං ඉස්සලම හිතුවා බෑ කියන්න.. ඒකට තිබුන එකම හේතුව උනේ සමනලීට තිබුන මගේ නිර්ප්‍රකාශිත හා ඒකපාර්ශික ප්‍රේමය.. ඒත ඒ අස්සෙම නෙතූ ගැන මොකක්ද හැගීමක් ඇරන් බෑ එක ඇරන් ගියා දුරකට

හරි ඉතිං.. බෑ කියන්න බැරිනම් සරලයි හා කියන්න ඕනිනේ… හා.. මං කැමතියි.. ඒත් සමනලී.. ඇත්ත මං එයාට ආදරේ කියලා නෑ.. එයා මට කැමතිද….. මං දන්නෑ ඒත් එයා මට ආදරේ කරලා තිබ්බබොත්.. අනික් පැත්තෙන් සමනලී ගැන තිබුන ලෝබ කම ඇවිත් ‘හා’ එක උස්සන් ගියා..

ඉතිං මම මොනා කියන්නද…? එ වෙලාවේ මම නිරුත්තර උනා.. තාමත් මම නිරුත්තරයි.. ඒ නිහැඩියාවේ තේරුම මම නෙතූට අකමැතියි කියන එක නෙවෙයි… එයා මාරයි.. මම එයාට කැමතියි.. ඒත් සමනලී.. මට එයාගෙන් උත්තරයක් ඕනි…

“ මොකද අයියේ… හැමදාමත් ඔහොමයි.. මම ඕක ඇහුවම ඔයා කිසිම දෙයක් කියන්නැ…”

මම තාමත් නිහඩයි..

“ප්ලීස්.. මට හරි උත්තරයක් දෙන්න.. ඔයා මට චුට්ටක්වත් කැමති නැත්තම් ඒකවත් මගේ මූණට කියන්න.. මොකුත්ම නොකියා ඉන්නවට වඩා ඒක හොදයි”

මං මොනා කියන්නද..?

හා

බෑ

හා

හා

හයියෝ බෑ

හා ඉතිං..

එක්කෝ බෑ..

අයියෝ.. මං මොනාද කරන්නේ දැන්

“ඔයා හැමදාමත් කල්පනා කර කර ඉන්නවා විතරයි අයියේ.. මම කියලත් කොයිතරම් බලන් ඉන්නද..? ඔයා මං ගැන පොඩ්ඩක් හරි කරනවා නම්.. මාව care පොඩ්ඩක් හරි ඔයාට වටිනවනම් මං යන්න කලින් මට උත්තරයක් දෙන්න”

අයියෝ.. මට ඔයාව වටිනවා.. ඔයා හිතනවට වඩා ගොඩක් වටිනවා.. මේක දැන් දුරදිග යනවා වැඩියි… ඒත් අනේ මන්දා ඒ හුරතල් මූණ බලාගෙන කොහොමද බැ කියන්නේ.. මට හිතන්න ඕනි.. මට වෙලාව ඕනි.. එයා ආපහු යන්න හැරුනා.. ටික දුරක් ගියාට පස්සේ මම කතා කලා…

“නංගා….”

එයා ආපහු හැරුනේ පුදුමෙන් වගේ ( වගේ නෙවෙයි පුදුමෙන් තමයි) මං දිහා බලාගෙන

“ඔයා අදම යන්න එපා…” මං දන්නෑ ඇයි මං එහෙම කිව්වේ කියලා.. මං කිව්වා නෙවේ මට ඒක කියවුනා..

“ මම කොහොමත් ටික දවසක් ඉන්න තමයි ආවේ…”

“මට ඔයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනි”

“දැන් කතා කරමුකෝ ඉතින්”

“දැන් බෑනේ නංගා.. ගෙදර කට්ටිය ඉන්නවනේ.. අද රෑ.. ගෙදර කට්ටිය නිදා ගත්තම.. කතා කරමු..”

මං අන්තිමට කියපු එක කිව්වේ හෙමින්… කාටවත් ඇහෙයි කියලා බයෙන්.. එයාට ඒක ඇහුනේ නෑ…

“මොකක්ද…?”

ගෙදර අය ගෙන් එක්කෙනෙක් හෝ වැඩ ගානක් මේ පැත්තට එනවා කියලා ඒ වෙලාවේ මගේ රේඩාර් එකට අහුවුනා…

“අපි අද නයිට් ඩියුටි කරමු කියලා කිව්වේ”

මම සද්දෙට එහෙම කියාගෙන එතනින් ටිකක් එහාට යාත්‍රා කලා..

“පිස්සුද.. මොනා කියනවද මන්දා..?”

මෝඩියේ ගෙදර අය ඉන්නවා පිටිපස්සේ… මගේ හදවතට කතා කරන්න පුලුවන් උනානම් එහෙම කෑ ගහනවා… ඒත් හදවතට කතා කරන්න බෑනේ..දැන් නම් මෙයා මොනා හරි කිව්වොත් අපි දෙන්නම විනාසයි.. නෙතූගේ අම්මා නෙතුගේ පිටිපස්සෙන් ඉන්නේ…

ඒත් මේ වෙලාවේ නම් මට පොඩ්ඩක් විතර වාසනාව තිබුනා… නෙතුගේ අම්මගේ ෆෝන් එක රින් උනා.. හම්මේ.. ඒ සද්දෙට එයා පිටිපස්ස හැරිලා බැලුවා..

හම්මේ.. තව පොඩ්ඩනේ අම්මා ගහනවා බැට් එකෙන්.. කෙලින්ම ගස්.. ටියුට් ලයිට් එකක් එක්ක රහසින් ප්‍රේම කිරීම සෑහෙන භයානකයි.. තව පොඩ්ඩෙන් හා කියන්නත් කලින්ම අපි මාට්ටු..

ඈ…..

මොකක්ද ඒ හිතුනේ “හා කියන්නත් කලින්ම”.. එතකොට මං දැන් මෙයාට හා කියන්නද යන්නේ.. අනේ මන්දා මොනා වීගෙන එනවද කියලා.. මගේ හිතත් දැන් මටම හොරෙන් එක එක ඒවා හිතන්න පටන් ඇරන්…

එදා දවස පුරාම මම හිටියේ නෙතුගේ නෙතු එක්ක කතා කර කර.. ඒ ඇස් මං හිතුවට වඩා ගැඹුරුයි.. වැටුනොත් නම් ආයේ ගොඩ එන්න බෑ….  මට දැනුනා මං ඒ ඇස් ඇතුලට වැටෙන්න යනවා කියලා…. දවස පුරාම මං ඒක වෙන්න නොදී අමාරුවෙන් එල්ලිලා හිටියා… රාත්‍රිය එනකම්….

Advertisements

4 comments on “Hybrid Sweetheart….. (2)

  1. “වැටුනොත් නම් ආයේ ගොඩ එන්න බෑ…” ඔය තේරිලා තියෙන්නෙ කොල්ලට. 😀 😀 පරිස්සමෙන් ඇහ්.. අත්දැකීමෙන් කියන්නෙ. 😉

  2. එලස්..උඹ වැටුනත් නැතත් කමක් නැ ඉතුරු ටික ඉක්මනට ලියලා දාහන් …

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: