දෙකා………..යි


දෙකයි කිව්වම මට නං ඉතිං එක එක ඒවා මතක් වෙනවා.. එක එක ඒවා දෙක දෙක තියෙනවනේ.. අත්, ඇස්,කණ්……..
සමහර අයට ගෑණු ළමයි දෙක දෙක ඉන්නවා.. සමහර අයට පිරිමි ළමයි දෙක දෙක ඉන්නවා.. හරි හරි මේ කියන්න යන්නේ එහෙම දෙකක් ගැන නෙවේ…. අවුරුදු දෙකක් ගැන.. අද ඒ කියන්නේ ඔක්තෝබර් 25.. අද තමා මගේ උපන් දිනේ… පිටස්තරයට දැන් අවුරුදු දෙකයි.. (අවුරුදු දෙකක එකෙක් කොරන එව්වද මේ).. අදට හරියටම අවුරුදු දෙකකට කලින් මොකක්දෝ මන්දා හේතුවකට මං මේක පටන් ගත්තා.. ඒව ඉතිං මං පලවෙනි උපන් දිනේදිත් කිව්වනේ…

මේක පටන් ගන්නකොට මං බ්ලොගින් ගැන දන්න බම්බුවක් නෑ.. ( දැනුත් ඉතිං දන්න බම්බුවක් නෑ තමා).. අඩු තරමේ මං FACRBOOK එක ඇතුලෙවත් සිංහලෙන් එකම එක අකුරක් ටයිප් කරලා නෑ.. සිංහල ටයිපිනුත් බෑ.. ඒ කාලේ ඉතිං ලියනවා.. පත්තර වලට දානවා.. සීයක් දැම්මොත් එකක් විතර යනවා.. එහෙම තමයි..  අන්තිමේ මට හිතුනා ඉතිං මේක හරි යන්නෑ.. මේකට වඩා හොද විදිහක් හොයා ගන්න වෙනවා මං ලියන ඒවා එලියට දාන්න කියලා.. එහෙමයි මේක පටන් ගත්තේ. කොහොම හරි මං මේක පටන් ගත්තා.. ලිව්වා.. ඒත හත්ඉලව්වේ කවුද මේක බලන්නේ.. මාස ගානක් යනකම් එකම එක Visitor  කෙනෙක් නෑ.. කවුරුත් බලලා නෑ.. කවුද ඉතිං දෙයියනේ දන්නේ ඒ දවල් වල බ්ලොග් වලට පබ්ලිසිටි ඕනි කියලා…  කෝම හරි පබ්ලිසිටිත් කරන්න ඉගෙනගෙන කාලයක් යද්දී ‍මේක නැගලා ආවා….( නැගලා ආවද මන්දා..???) ඔන්න ලොකු ලයින් එකට එහෙම කියනවා කියලා හිතන්න එපා මේක පටන් ගෙන අවුරුදු දෙකක් යන්න ඉස්සර මම කීප සැරයක්ම  TOP TEN  Word Press සිංහල බ්ලොග් අතරටත් කීප සැරයක්ම ආවා.. Hitz 12.000 විතර ඒ අවුරුද්ද ඉවර වෙන්න කලින් මට ලැබුනා…

ඊට සප්සේ ඉතිං නිහඩතාවයේ මාස ගානක් ගෙවුනා.. ඒකට හේතුත් තිබුනා.. අපි ඉතිං තාම ගෙදරින් යැපෙන ස්ථාවර නැති ජීවීන් නේ.. ඉගෙන ගන්නත් ඕනි.. අරවා මේවා තව තියෙනවනේ.. ඉතිං කෝම හරි.. මට ගිය අවුරුද්දේ දෙසැම්බර් වලින් පස්සේ ආපහු එන්න උනේම නෑ බ්ලොග් එක පැත්තේ.. පලවෙනි අවුරුද්ද ඉවර වෙන්න කලින් Hitz 12.000 දාගත්ත මට මේ අවුරද්ද පුරාවට Hitz 5000 විතර තමයි දාගන්න පුලුවන් උනේ..

ඊට පස්සේ කොහොම හරි (අ)වාසනාවකට වගේ මට ආයෙත් මේ පැත්තේ එන්න පුලවන් උනා.. ඒ පුනරාගමනයට තාමත් සති දෙකක් වත් නෑ.. ඒ අස්සෙම තමා ඉතිං මට මේ උපන් දිනේ සමරන්න සෙට් උනෙත්.. මං නම් හිතං හිට්යේ මේ උපන් දිනේටවත් මේ පැත්තේ එන්න ලැබෙන එකක් නෑ කියලා.. ඒත කොහොම හරි එන්න පුලුවන් උනා…

හරි දැන් සීරියස් කතාවක්…

මට පිටස්තරයෙක් විදිහට ඔයාලගේ හදවත් ස්පර්ශ කරන්න පුලුවන් උනාද කියලා නම් මම දන්නෑ.. සමහර විට නැතුව ඇති.. කොහොමත් පිටස්තරයන්ට ඉඩක් දෙන්න ගොඩක් අය කැමති නෑනේ.. ඒක මගේ ජිවිතේ පුරාම තිබුන දෙයක්.. මම කාගේ හරි හදවතක් ස්පර්ශ කරන්න හිතලා එයාලට ලං උනොත් එයාලට ඒක නොදැනෙන තරමට එයාලා හිරි වැටෙනවා.. මොකද දන්නවද මම ඒතරමට සීතලයි.. මැරිච්ච තාරකාවක් වගේ.. මං නිසා එකම එක මොහොතකට හරි ඔයාලගේ හදවත් හිරි වැටුනනම් ඉතිං මට ඉල්ලන්න පුලුවන් සමාව විතරයි..

“කියාගන්න දෙයක් නෑ, හුස්ම නැවතිලා වගේ…” සමහර අය මේක බලලා එහෙම කිව්වා..

“පට්ට බොලදයි ඈ.. මෙලො වැඩක් නෑ..” එහෙම කියලු අයත් නොහිටියා නෙවෙයි…

සමහර විට ඇත්ත… මම මේ බ්ලොග් එක පුරා වපුරන දේවල් මහා බොලද ඇති.. සමහර විට ඒවා විකාර ඇති.. හිතාගන්න බැරි තරම් අමුතු ඇති.. පිස්සු වගේ ඇති…කොහොමින් හරි ඒ හැම අකුරක්ම සම්පුර්ණයෙන්ම නම් මගේ නෙවෙයි.. එවා හැම එකක්ම මං වටේ ඉන්න හැමෝටමත් අයිතියි.. ලෝකෙට එද්දි කිසිම කෙනෙක් මේ තරම් අදහස් ඇරන් එන්නේ නෑනේ.. ඒ හැම එකක්ම කවුරු හරි ඒකාගේ ඔලුවට දාන දේවල්.. ඉතිං මමත් ඒ පොදු සත්‍යයෙන් බැහැර උන එකෙක් නෙවේ.. හැම Writer කෙනෙක්ම එහෙම තමයි.. තමන්ගේම විතරයි කියලා කිසිම දෙයක් කවදාවත් සමාජීය ජීවියෙක්ට කියන්න.. ලියන්න.. අඩු තරමින් හිතන්න වත් බෑ.. අපි කරන්නේ ලෝකෙන් අපිට ලැබෙන දේවල් එකතු කරලා හැඩයක් දීලා එලියට දැමීම විතරයි.. ඒක දැකලා සමහරු කියනවා.. අම්මට සිරි.. වාව්.. මාර ක්‍රියෙටිව් කියලා.. නැත්තම්.. අපෝ මගුල මෙලෝ රහක් නෑ කියලා..

මතක තියාගන්න හැමෝම ඇතුලේ කවියෙක් ඉන්නවා.. නිදාගෙන.. එලාම් එක වැදුනම ඇහැරෙනවා සමහර විට.. සමහර අය නම් උපදින්නෙම ඒ කවියා ඇහැරවගෙන.. සමහරු ඉතිං සදා නින්දේ තමා…

අනික් එක අවුරුදු දෙකක් ඒ කියන්‍නේ මගේ මුලු ජීවිතෙන්ම දහයෙන් එකක්.. ඒ පුංචි කාලේ ඇතුලෙදි මේ බ්ලොග් එක මගේ ජීවිතේ ලොකුම කොටසක් වෙලා.. ලොකුම දේ.. ම‍ට නම් ආසාවක් තියෙනවා තව ගොඩක් දුර යන්න.. මැරෙන කල්ම බ්ලොග් ලියන්න.. ඒ කිව්වේ ඉතිං තව අවුරුදු 30 විතර.. මොකද මං හිතන් ඉන්නේ අවුරුදු 50 කින් මැරෙන්න.. සිය දිවි නසාගන්න.. පනහක් ජීවත් උනොත් මට ඇති…

ඔය ඉතිං ආයෙමත් ට්‍රැක් එකෙන් පිට පැන්නනේ.. මේ දුර නම් මට මදි.. හොදටම මදි… බලමු ඉතිං යන දුර..

කෝම හරි මේකට ඇවිත් කමෙන්ට් දාලා යන… කමෙන්ට් නොදා යන… නිකමට හරි ඇවිත් යන.. වැරදිලා එන.. මං ලියන ඒවා උස්සලා තමන්ගේ නමින් දාන… එකී මෙකී නොකී නානාප්‍රකාර හැමදෙනාටම..මගේ මුලු හදවතින්ම ස්තූතියි.. බොක්කෙන්ම පට්ට තැන්කූ…

මොකද දන්නවද..? මේ තරම් ස්තූති කලේ…
ලියන්නේ නම් මම ඒ උනාට බලන්නේ ඔයාලනේ.. එං ලියන ඒවා කියනව එකට ස්තුති නොකර බෑනේ… ඉතිං සැමට…. ජයවේවා… මෙන්න මං ගානේ කේක්

21 thoughts on “දෙකා………..යි

  1. Posted by පිටස්තරයා දි Outsider on 2012 ඔක්තෝබර් 24 in එහෙන් මෙහෙන් , කවි ( කවිද මන්දා) , ටෙක්නිකල් , සින්දු කඩේ , සිහිනයක කටහඩ… , සීතල සිතුවිලි , SයNටිFiක් and tagged උපන්දිනේ .

ජිංජිබිරිස් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න