ප්‍රතිචාර 14

අතරම‍‍‍ඟ


හැබෑ ‍ ලෝකෙන්  එපිටට අඩිය තියලා මේ කතාව ලිවිම සම්බන්ධ‍ෙයන් දහසක් යථාර්තවාදීන් මට සමාවන සේක්වා.. හැබැයි මේක තවත් එක මල් කතාවක්ම විතරක් නෙවේ.. මට එහෙම කරගන්න ඕනිත් නෑ.. දැන්ම නෙවේ මේ පිවිසිම පමණයි..තව කොටස් දෙක තුනක් බලලාම කියන්න මං හිතපු වෙනස මට කරන්න පුලවන් උනාද කියලා… ඒත් මේ කෑල්ල නම් පට්ටම පට්ට ෆැන්ටසියක්ම පමණි.. 

_____________________________________________________________

සිහිනයක  කටහඩ 4වෙනි කොටස

____________________________________________________________

එදා රෑ පුරාවට මම හිටියේ උදේ  වෙන තුරු නොයිවසිල්ලෙන්.. එයාට මේක කියන කම් මට ඉවසිල්ලක් තිබුනේ නෑ.. කොහොමින් හරි පැය ගානක් නින්ද නැතුව හිටපු මට යන්තම් පැය බාගයක් නින්ද යන්න ඇති…. ෆෝන් එකේ මම තියලා තිබ්බ එලාම් එකට මම ඇහැරුනා.. වෙනදා නම් ඉරිදට මොන එලාම්ද..? ඒ උනාට අද මම උදේම නැගිටලා දත් මැදලා මූණ හෝදලා සේරම කරලා ලැස්ති වෙලා හිටියා….. දෛවය කියලා එකක් තියේනම් මට මගේ දෛවය නපුරු කමක් නොකරනම් කරපු එකම අවස්ථාව මේක වෙන්න ඇති…

අන්තිමේ ලා කහ පාට උදෑසන මැද්දෙන් ම‍ගේ අලුත් හීන කුමාරි පාවෙලා ආවා… ඒ ඇස් මං දිහා බැලුවෙවත් නැහැ.. ඇත්ත කොහොම බලන්නද..? එයාට ගොඩක් දුක ඇති.. ඊයේ රෑ මගේ හදවත වෙනස් උනා කියලා එයා දන්නේ නෑනේ….

මට දැන්ම කතා කරනවද..? නැත්තම් තව ටිකකින්… නෑ මට තවත් ඉවසන් ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ.. මේකිට කොහොම තිබුනද මන්දා පුලුවන්කමක්… මේතරම් කල් ඉවසන් ඉන්න..

“නෙතු”

“හ්ම්………………..”

එයා ඕනවට එපාවට වගේ උත්තර දුන්නේ මගේ දිහාවවත් බලන් නැතුව…එයාගේ පැත්තෙන් එක සාධාරණයි.. මම එයත් එක්ක ඊයේ රෑ ලොකු සෙල්ලමක් කලේ… කෝම හරි තවත් ඒක කරන්න මට පුලුවන් කමක් නොතිබුන තැනට මෙයා මාව වෙනස් කලා…

“ඔයාට මට කියන්න තියෙනවා ලොකු දෙයක්….”

“මොනාද තවත් තියෙන්නේ….”

“ඔයාට හිතාගන්නවත් බැරි දෙයක්.. සමහර විට ඊයේ රෑ මගේ හිත වෙනස් වුනා වෙන්න පුලුවන්”

ඒ තරම් වෙලාවක් මං දිහා නොබලපු ඇස් දෙක ඒතකොටයි මං දිහා බැලුවේ… ඒ ඇස් රතු වෙලා තිබුනේ නිදි මරපු නිසා නම් නොවෙන බව මට දැනුනා…

“ඒ කියන්නේ.. තවත් මාත් එක්ක සෙල්ලම් කරන්න ඕනිද …?”

“නෑ.. තවත් මේක සෙල්ලමක් නෙවෙයි.. මම ඔයාට කැමතියි”

“කැමැත්ත නම් ඉස්සරත් තිබුනනේ…”

“එහෙම නෙවෙයි මේක වෙනස්.. අද රෑට එනවනම් මම ඔයාව එක්කන් යන්නම් ලස්සන තැනකට.. මට ඔයාව දැනෙන විදිහ එක රෑකින් වෙනස් උනා නංගා.. මම දැන් ඔයාව බලාපොරොත්තු වෙනවා… මං කියන දේ තේරෙනවා නේද..?”

“ම්ම්………………….”

එයා එහෙම කියලා යන්න ගියා.. අනේ මන්දා මට මේ පාර ලැබුනේ හිතපු තරම් උනුහුම් ප්‍රතිචාරයක් නෙවේ.. ඒකත් සාධාරණයි ඉතිං.. මං ඊයේ රෑ කරපු දේවල් වල හැටියට එයා මට මෙහෙම සලකන එක ගැන මට එයාට කිසිම දෙයක් කියන්න බෑ… ඊට පස්සේ මම එයාට කතා කරන්න හදන හැම වතාවකම එයා මාව මග ඇරලා යනවා කියලා මට දැනුනා..  හදවතක් බිදින්න ලේසියි ඒත් ආපහු හදන එක ලේසි නෑ කියන එක ඇත්ත වෙන්න ඇති..

මම එයාට කතා කරන්න හැදුවත් ඒකට මට එයාගෙන් ඉඩක් ලැබුනේ නෑ දවස පුරාම.. සමහර විට දැන් එයා අදහස වෙනස් කරගෙන වෙන්න ඇති… දවස පුරාවට මට එයාට කියගන්න පුලුවන් උනේ එකම එක දෙයක් විතරයි…

“අද රෑට මං බලන් ඉන්නවා ඔයා එනකම්”

ඉතිං මං බලාන උන්නා… ඒ රැය එනකම් දවස පුරාම….

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

අහසේ එකම වලාකුලක්වත් නෑ.. ඊයේ නම් වැස්සකුත් තිබුනා.. ඒ උනාට අද අහසම හිස්.. හඳ විතරක් තනියෙම.. ගස් අස්සෙන් හඳ මිදුලට ඇවිත් බලන් හිටියා අපි එනකම්.. හැම දේම වෙනදට වඩා අමුතු වෙලා මට පෙනුනා.. ඇත්තටම මෙහෙම වෙලාවට හිතෙනවා ලස්සන කියන එක තියෙන්නේ අපි දකින දේ ඇතුලේ නෙවෙයි අපේම ඇස්වල කියලා….

කොහොමින් හරි අද මං මගේ වෙනස් වුන හදවත මෙයා ඉස්සරහා දිග අරිනවා.. මම දැන් ඉන්නේ ඒ බලාපොරොත්තු පිරුණ මොහොතක දොර ගාව..  ඒත් මට තවත් බලන් ඉන්න වෙයි..

තප්පරෙන් තප්පරේ මම වයසට යමින් උන්නා.. හඳට තනි මකන්න වලාකුලු දෙක තුනකුත් අහසට එමින් හිටියේ.. ඒත් වැස්සක් එවන්න තරම් ඒ වලාකුලු අපිට නපුරු වෙන එකක් නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කලා.. තව ටිකකින් එයා ඒවි.. සමහර විට නොඒවිදෝ කියලා සැකේකුත් මට නොතිබුනා නෙවේ.. ඒත් ඉතිං මොනා කරන්නද නාවොත්.. මගේ තමා වැරැද්ද..
ඇයි මේක මට කලින් හිතුනේ නැත්තේ… මට මාවම තේරෙන්නෑ.. දවසකට කලින් මට මේකි ගැන කිසිම හැගිමක් නොතිබුන ගානයි.. ඒ උනාට අද.. මට එයා එනකම් බලන් ඉන්නවත් බැරි තරම්.. හිතක් වෙනස් වන ඉක්මන.. ගෙවෙන හැම තත්පරේකටම මං සිය දහස් ගුණයක් වයසට ගියා…

කොහොමින් හරි… කල්ප ගානක් දිග පැය බාගෙකට විතර පස්සේ එයා තද නිල්පාට රාත්‍රිය අස්සෙන් පාවෙලා ආවා ඕනවට එපාවට වගේ.. කොහොම හරි දැන් එයා මෙතෙන.. මං ඉස්සරහා… හදවත ටිකක් ඉවසපන්…

“ම්… තවත් මොනාද කියන්න තියෙන්නේ……”

“මං ඔයා කියපු දේට කැමතියි…. මං ඔයාට ආදරෙයි….”

එක පාරම මේ තරම් ලොකු  අකුණක් ගහයි කියලා එයා හිත්ත නැතුව ඇති කොහොමවත්.. ඒ දැස් ආයෙමත් දිලිසෙන් පටන් ගත්තා… හිතපු නැති දෙයක් එක පාරම තමන් ඉස්සරහා පහල උනාම එහෙම තමා…එයා මොකුත්ම නොකියා මං දිහා බලන් හිටියා.. හිතාගන්න බැරුව ඇති මං කියපු දේ

“දැන් ඔයා එන්න ඕනි මාත් එක්ක යන්න… පොඩි ගමනක්..”

“කොහෙද…..?”

“එනවද කියන්න….”

“කොහෙද යන්නේ..?”

“අපායට….”

“අපායට…?”

“ඔව් අපායට… එනවද..?”

කිසිම කතාවක් නෑ.. ඒ පාරනම් මෙයා හිරවෙලා වගේ..

“එන්න බැරිද..?”

“එ………..න්……….න……….ම්”

“එන්නම ඕනි….”

“කොහෙද යන්නේ කියන්නකෝ…”

“ඔයාට ඇවිත්ම බලන්න වෙනවා…”

“ගොඩක් දුරද..?”

“ම්…ම්… ටිකක් දුරයි.. ලගම නෙවේ… එනවා නේද..?”

“ම්… එන්නම්..”

එයා ඒ වෙලාවේ හිටියේ අර අර ‍මේ අර (හලේ මන්දා ඒකට කියන නම මොකක්ද කියලා) අර රෑට අදින්නේ මෙව්ව එක අන්න ඒක පිටින්…හත්ඉලව්වේ මෙහෙම මේකිව එක්කන් ගිහින් මගේ කෙල්ල ලවා අනික් එවුන්ට ආතල් සපයන්නේ ඇයි..?

“ඔහොම…?”

“කොහොමද..?”

“ඔය ඇදුමෙන් යන්න බෑනේ කෙල්ලේ.. ”

“දැන් ඇත්තටමද යන්නේ අපි…”

ඔය ඉතිං බලහල්ලකෝ.. මම මෙච්චර වෙලාවක් කියපුවා බොරු කියලද මේකි හිතලා තියෙනෙත් එතකොට…

“ඇත්තටම තමයි.. එනව නේ.. ගිහින් ඇදුමක් දාගෙන එන්න…”

නොයත් බෑ.. ගිහිනුත් බෑ වගේ මූඩ් එකක් තමා ඒ වෙලාවේ  එයාට තිබුනේ… එයා කොහොමින් හරි මගේ කාමරෙන් එලියට ගියා.. ඇදුමක් දාගෙන එන්න වෙන්න ඇති….

එයා ගියා විතරයි මට පොඩි බයකුත් දැනෙන්න ගත්තා.. අපි ගියාට පස්සේ කවුරු හරි ඇහැරුනොත්.. අනේ අදනම් කාටවත් ඇහැරෙන්න නම් එපා.. අද රෑට විතරක් හැමෝටම මලා වගේ නින්ද යත්වා.. අද රෑට විතරක්.. අනික් හැමදාම ඇහැරලා හිටියත් කමක් නෑ.. අද නම් එපා…

මේ අතරේ එයා ආයෙමත් ආවා පාවෙලා.. බලන්න එපැයි දැන් කෙල්ලගේ ලස්සන.. හරියට හනීමූන් යන්න සෙට් උන මනාලියක් වගේ.. මට පේන තරමට භෞතිකව හැමදේම පරිපූර්ණයි.. Lovely and Sexy… මට එයාව ඒ විදිහට පෙනුන පලවෙනි වතාව මේ… දැන් ඉතිං මෙයා දිහා ආසාවෙන් බලන එකේ ඒ තරම් වැරැද්දකුත් නෑනේ ඉතිං… තමන්ගේ කෙල්ලගේ ඒවා නොවිද කාගේ එවා විදින්නද..? මගේ ආදරේ චූට්ටක් විතර වල් ඇති.. රාගයෙන් වියුක්ත ප්‍රේමයක් ගැන බොරු කියවට වඩා ඒක හොදයිනේ..

“මොකද ඔහොම බලන් ඉන්නේ…?”

ඒකෙන් තමා මම ආයෙත් ‍හැබෑ ලෝකෙට අඩියක් තිබ්බේ.. එතකම් මම හිටියේ අද මට පෙනුන එයාගේ අමුතු ලස්සනේ අතරමං වෙලා…

“ල…ස්…ස..න…යි”

මම ටිකක් විතර ඇදලා පැදලා හැඩ කරලා කිව්වා.. එහාට ඒකට ලැජ්ජා හිතුනද නැත්තම් ආඩම්බර හිතුනද … මං දන්නෑ..

10.30ට අපි දෙන්නා ගෙදරින් එලියට පැනලා හිටියා..කාටත් හොරෙන්..

10.32ට මං එයාගේ අතකින් අල්ල ගත්තා.. එයා මොකුත් කිව්වේ නෑ.. ඉතිං මම අතඇරියත් නෑ…

10.40ට එයා තවත් පාරක් අපි යන දිහාව ගැන ප්‍රශ්න කරන්න ගත්තා… ‘ඇත්තටම අපායටද යන්නේ’ මොන පිස්සුද සුරංගනාවියක් එක්කරගෙන අපායට යන්න පුලුවන්ද..? මට එහෙම අහන්න හිතුනත් මං ඇහුවේ නෑ.. එයා ආඩම්බර උනොත් එහෙම ඒක අහලා…

අපි කතාවක් නැතුවම ඔහේ ඇවිදන් ගියා..අපි තියන පියවර ගාන මගේ ආදරේට අනුලෝමව සමානුපාතික උනා..එයත් මොකුත් කියන්නේ නෑ.. මමත් මොකුත් කිව්වේ නෑ.. සමහරක් වෙලාවට නිහඩතාවය කියන්නේ සමහර හැගීම් වලට හොද උත්ප්‍රේරකයක්…

ටික වෙලාවකින් ආයෙමත් එයා ආපහු මගෙන් පුරුදු ප්‍රශ්නේ ඇහුවා..

“කොහෙද අපි යන්නේ..”

“මං දන්නෑ….”

“දන්නෑ…..?”

“ම්… දන්නෑ ඔහේ යනවා… ගිහින්ම බලන්න වෙනවා..”

“හ්ම්………….”

“ඇවිත් බලන්න.. ඔයාට පුදුම හිතෙයි…”

“ඒ උනාට මට බයයි..”

“ගොඩක් බයද..?”

“ඔව්… ”

“එහෙනම් අපි යමු ආයෙමත්…”

“එතකොට ඔයා තරහා වෙයි මාත් එක්ක”

“නෑ මං තරහා වෙන්නෑ.. ඔයා කැමති නැත්තම් අපි ආයෙමත් යමු”

“නෑ.. කමක් නෑ.. මං එන්නම් අයියත් එක්ක.. ”

“කෙල්ලේ… මං ඔයාට නරකක් කරන්නෑ.. ඒ නිසා බය වෙන්න එපා..”

“එහෙම හිතෙන තමයි අයියේ මමත් එන්නේ…”

ඉතිං ඊට පස්සේ ආයෙමත් හැමදේම පුරුදු විදිහට සිද්ධ වුනා… හෝ හෝ.. පුරුදු විදිහ..? මට මේ වගේ ගමන් ගිහින් පුරුදු නෑනේ.. ඒක නෙවෙයි හරියනම වචනේ.. ඊට පස්සේ ආයෙමත් කිසිම විශේෂ දෙයක් සිද්ධ වුනේ නෑ.. සාමාන්‍ය විදිහට අපි දෙන්නා ඇවිදන් ගියා..

ඇතින් ඇහෙන්න ගත්ත සිංදුව ටික ටික ලංවුනා..  අන්තිමේ අපි ලගටම ඇවිත්

Advertisements

14 comments on “අතරම‍‍‍ඟ

  1. හරි දැන් උඹ මට කියහන්
    මෙතන මොකද්ද උනේ යකෝ
    මට නම් හිතුනේ තේරුමක් නැතුව උඹ පෝස්ට් එකක් එහෙම්මම නාස්ති කරලා අපරාදේ

  2. දැන් ඉතිං කඩුව ගිලල ලබන සතිය වෙනකම් හිටපංකො එලියට ගන්න

  3. හ්ම්… ෆැන්ටසියක්ම විතරක් නිසාත්… යථාර්ථවාදී ජනතාවාදිකම මගෙ හිතේ තියෙන නිසාත්…
    හොඳයි ප්‍රේමය කරන් යන්න.. රාගය ටිකක් තිබුනට කමක් නෑ තියෙන්න ඕනනේ…. ඒත් ෆැන්ටසියෙදි ගරුත්වය රැකේවි කියල හිතනව….

  4. ෆැන්ටසියක් වුනත් මේකට මම ආසයි..අමුතු හැඟීමක් දැනෙනවා කියවන යනකොට.
    මේ වගේ ෆැන්ටසි අපේ හිත් ඇතුලෙත් තියෙන නිසා වෙන්න ඇති ඒ..

  5. හ්ම්ම් “ඉතිං මං බලාන උන්ඉතිං මං බලාන උන්නා… ඒ රැය එනකම් දවස පුරාම….”

    ඒක තමා මං කැමතිම කොටස.

  6. mama hithannea malaya dannawa mama kauda kiyala. kohoma hari kathawa maru. fantasiyak kiyannea hariyata samaanthara lokayak kiyalai mama hithannea. ethakota thamange fantasiya athule wal wenna damarika wenna kisima badawak na. digatama liyamu kolu.. danata patta pata pata (y)

  7. වෙලාවට අනික් එක එනකම් මේක නොකියවා හිටියේ…. අනික කිවන්න යනෝ
    ජය වේවා!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: