අන්තර්ගතයට පනින්න

_________________________________________________
සිහිනයක කටහඩ 4 වෙනි කොටස
_________________________________________________
හීනකොදෙව්වට සාදරයෙන් පිලිගනිමු
මගේ ඔලුවට උඩින් ලොකුවට ඉංග්‍රීසියෙන් එහෙම ගහලා තිබුන තොරණ යටින් අපි දෙන්නා ඇතුල්වුනා
“WELCOME 2 FANTASY ISLAND”
ඇතුලට යනකොටම හම්බ වුනේ තවත් බෝඩ් එකක්..
“කරෑණාකර ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමට කාරුණික වන්න”
කාරුණිකවෙන්න නම් බැරියෑ.. ඒ උනාට මේකේ මොකෙක්වත් ඉන්න එපැයි .. කෝ කවුරුත් නෑනේ.. කනා චාන්ස් මගින් අපි දෙන්න නොමිලේම ඇතුලේ
අපි දෙන්නා කිව්වේ මමයි මගෙ අලුත් හීනෙ නෙතුයි….එක අතකට මට හිතෙනවා මම ඩබල් ගේම් ගහනව වගේ කියලා… සමනලීට මගේ හිතේ තිබුන ඉඩ තාමත් එහෙමයි.. ඒත් මෙයා තවත් ලොකු ඉඩක් හොයාගෙන.. නොතිබුනු තැනක් මවලා…අනේ මන්ද කොහෙන් හොයාගත්තද කියලා..? මට තිබුනා ලොකු ප්රශ්නයක්මම මේ දෙන්නටම ආදරේද..?
ඔව්…
නෑ…
ඔව් නෑ දෙකම…
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදිනකොට ඉඩ නැති හිත් වලත් ඉඩ මැවෙනවා…
කොහොම හරි අන්තිමේ අපි ආවා ඒකට. දැන් තවත් ප්‍රශ්නයක් මොකක්ද මේ FANTASY ISLAND.. මේක අපි වගේම පිස්සු ප්‍රේමවන්තයෝ පිරුණ කානිවල් එකක්.. සුපිරි වල් බූරු නිදහසක් තියෙන සැනකෙලියක්. ඒ උනාට ඉතිං ඒක එහෙමමත් නෑ.. අනික් එකාගේ දේවල් හෙවිමේ කුප්ප මානව ආසාව නිසා නිදහස යම් තරමකට වගේ සීමාවෙලා තිබුනේ,යම් තරමකට…
සැනකෙලිය පුරාවටම එක තාලෙට HD sound වලින් සිංදුවක් යනවා. දෙවනත් වෙන්න….
She makes the hairs on the back of my neck stand up
Just one touch
And I errupt like a volcano and cover her with my love
Babygirl you make me say
And I just can’t think of anything else I’d rather do
Than to hear you sing sing my name the way you do
When we do our thing when we do the things we do
Babygirl you make me say
Sexy love girl the things you do
Oh baby baby
Keep me sprung, keep running back to you
Oh I love making love to you
Babygirl you know you’re my
sexy love…
අම්මලාට තාත්තලාට හැමෝටම හොරෙන් අපි ආවා ඒකට…. මම නම් කමක් නෑ කියමුකෝ
පවුලේ අකීකරු පුත්‍රයානේ මම..ඒ උනාට මෙයා, මෙයා අම්මට නොකියා බාත් රූම් එකටවත් නොයන කෙල්ල.. දැන් මාත් එක්ක ඉඳලා දැන් එයත් එයාගේ කෙහෙරැල් වගේ අකීකරැ වෙලා
ඇතුල්වෙන තැනම තිබ්බේ කඩයක්.. හීලියම් (හීලියම් වෙන්න ඇති) පුරවපු පාට පාට බැලුන් ගොඩක්. එක එක හැඩේ ඒවා. එකේ කොනක හදවතේ හැඩේ තියෙන තද රතුපාට බැලුන් රොත්තක් එල්ලලා තිබ්බා.. එක දැක්ක ගමන් හදවත මේකෙන් එකක් ඇරන් මගේ අලුත් හීනේට දීපන් දීපන් කියලා කෑ ගහන්න ගත්තා.. අතේ ඒ තරමට සල්ලි තිබුනේ නැති උනත් ඒ කෑහැගිල්ලට කන් නොදී ඉන්න නම් මට පුලුවන් කමක් තිබුනේ නෑ..
ඉතිං මං හදවතේහැඩේ බැලුමක් අරන් එයාට දුන්නා. ඒක මැද ලොකුවට “ මං ඔයාට ආදරෙයි”කියලා රත්තරං පාටින් ඉංග්‍රීසියෙන් ගහලා තිබ්බා… මං ඒක අතටට ඇරන් නෙතුගේ ඇස් වලට එබුනා.. ඒ ඇස්වල ආයෙමත් ලියවිලා තිබුනේ අමුතු බැල්මක්.. මං ඒක එයාට දේවි කියලා බලාපොරොත්තුවකුත් එක්ක තව මොනාදෝ නොදන්න ඒවා ගොඩක් එතෙන තිබුනා…. දැන් ඉතිං මේක අතේ තියන් මම මොකක් කරන්නද../
මං ඒක ඇරගෙන එයාගෙ අතට දුන්නා…
“නෙතූ………………”
එයා ගල් වුනා මොහොතකට.. ඊට පස්සේ මං දිහා බැලුවා.. හීනා වුනා.. ඊටත් පස්සේ එක ගත්තා.. මොහොතක් ගත වුනා
…. “මට ආදරේද….?”
“ඔව් ගොඩා………………”
මට ඒක සම්පූර්න කරන්න ලැබුනේ නෑ..
ඔක්කොම
slow motion උනා.. එයාගේ ඒ රෝසපාට තොල් මෙග් කම්මුල් වල ගෑවුනා.මගේ සුෂුම්නාව සීතල වෙලා ගියා.. කෙල්ලෙක්ගෙන් ලැබුන පලවෙනි හාදුව..
දෙවනත් වෙන්න දාලා තිබුන සිංදුව පවා මූඩ් එක වෙනස් කරලා මට විහිලුවක් කලා..
“ඔබේ තොල් පෙති වැදී
මගෙ නලලේ කොනක
කේෂ නාලිකාවක් පිපිරැනා”
මම බය වුනා …නෑ කව්රුවත් දකී කියලාත් නෙවේ.. මගේ කේෂ නාලිකා පිපිරෙන එකටත් නෙවේ…මං බය වුනේ එයාගේ තොල් තුවාල වෙයි කියලා බයට… ඇත්තමයිඒ තොල් ඒ තරමට සියුම්, සියුමැලියි….. මට දැනුනෙත් යන්තමට වගේ… ඉඹින්න හිතුන වෙලාවට ඉතිං කලු ගලක් උනත් සියුමැලි විදිහට දැනෙනවලුනේ.. කොහොම හරි එයා මට කිස් එකක් දුන්නා.. මට ඒක පට්ට රහයි…දොනෝදාහක් ගැවසෙන සැණකෙලියක් මැද කෙල්ලෙක් කොල්ලෙක්ට කිස් එකක් දීම සාදාචාර විරෝධිද කියන්න මං දන්නෑ.. ඒත් ආදරේට තැනක් වෙලාවක් විදිහක් තියෙන්න ඕනිද..?
මේක විකාරයි මං කී දෙනෙක්ට ආදරේ කරන්න පටන් ඇරන්ද…මං ගනන් කලා.. එකයි.. දෙකයි.. තුනයි.. හතරයි.. හම්මේ එක් ඕනි නෑ… එක අතකට මම මෙයාට ආදරෙයි කියපු එක වැරදියි
ඒත් ඉතිං ලස්සන සුරංගනා හීනයක් ඇවිත් මගේ ඇස් පියන් යට බලෙන්ම නිදියගන්න හදනකොට මං යන්න කියන්නේ මොන හිතකින්ද…? ඒ හීනේ ඉන්න සුරංගනාවිට ගොඩා…..ක් දුක හිතේවි නේද…?
ඒත්
එතකොට මම තවත් කෙනෙක්ට ආදරෙයි කියලා ඒකි දැනගත්ත දවසට… මොනා හිතේවිද ඒ සුරංගනාවිට..
මන් දන්නෑ..
මෙයාගේ ලස්සන මම මටම බොරුකරගන්න තැනට මාව ඇදලා දාලා.. කොහොම හරි අපි දැන් ප්‍රේමවන්තයෝ වෙලා ඉවරයි.. මම අවංකවම එයාට ආදරෙයි.. ඒ වෙනුවෙන් මැරෙන්න උනත් බැරි කමක් මට නෑ.. අවුල තියෙන්නේ අනික් අයටත් මම ඒ තරමටම ආදරෙයිනේ..
අපි දෙන්නා කථා කරකර හිටියා පැයක්.. සමහර විට පැය දෙකක්. නැත්තම් බැය බාගයක්.. දන්නෑ කාලය පිලිබද හැගීම මගේ හිතෙන් බැහැර වෙලා තිබුනේ
එකපාරටම ලෝකෙම කලුවර උනා (ලෝකෙම කිව්වේ සැනකෙලියම).. කරන්ට් එක ගිහින්.. සුපුරුදු සීතල සිනිදු මගේ අත අල්ල ගත්තා ඒ පාර නම් ගොඩක් තදින්
“ අයියේ.. මම කලුවරට බයයි…”
අනේ හුරතලේ එතකොට පාර දිගේ කලුවරේ ඇවිදන් ආවේ.. මට ඒක හිතුනට මම ඇහුවේ නෑ..
ඇත්තට කෝ මේ කාලකන්ණි හඳ.. ඌත් යනවනේ ඕනිම වෙලාවට වලාකුලුත් එක්ක ලව් කරන්න.. කොහොම හරි පවර් කට් එකක් ආවම කානිවල් එකක තත්වේ හිතාගන්න පුලුවන්නේ.. හැමෝම කියන එවා මා විකාරයක් මැවිලා..
“දැන් මොකෝ කරන්නේ…..”“මොනා කරන්නද බලන් ඉමු… කරන්ට එක එනකම්..”“අපි දැන් ගෙදර යමු… කරන්ට් එක නෑනේ.. අපිට එලිවෙනකම් මෙහෙම ඉන්න බෑනේ..”
මම හොරෙන් වගේ මගේ ජංගමේ ඇරන් වෙලාව බැලුවා.. 2.43.. තව කොයිතරම් වෙලා තියෙනවද… ඇයි අපි දැන්ම යන්නේ
“ඔයාට දැන්ම යන්න ඕනිද..?”
“නෑ.. යන්න ඕනි නෑ.. එත් ගෙදර අය දැනගත්තතොත්”
“දැනගත්තොත් ෂෝක්… නියමයි..”
“නියමයි… මොකක්ද එකේ නියම”
“එතකොට අපි දෙන්නව ඉක්මනට බන්දලා දෙයි..”
එයා ඒ පාර නම් හිනාවෙන්න ගත්තා.. මහ හයියෙන්… හැමෝටම ඇහෙන තරම් හයියෙන්.. මං ඒ තරම් ලොකු විහිලුවන්ද කලේ
“මේ විහිලු නෙවේ අපි යමු.. කරන්ට් එකත් නෑනේ..”
“ ඒ උනාට මම නම් කැමතියි මේකට.. ”
“කරන්ට් එක නැති එකට..?”
“හ්ම්… මං ආසයි… කරන්ට් එක ගියේ නැත්තම් ඔයා මෙහෙම මට තුරුල් වෙලා ඉන්නේ නෑනේ”
“අයියා ආසනම් මම හැමදාම උනත් තුරුල් වෙලා ඉන්නම්”
“එපා… හැමදාම නම් එපා..”
“ඇයි.. ඔයාට මාව හැමදාටම එපාද..?”
“නෑ.. එතකොට මට ඔයාගේ උණුහුම එපාවෙයි.. එපාම වෙලා යයි.. උණුහුම වැඩි උනාම මිනිස්සු සීතලටක් ආදරේ කරන්න පටන් ගන්නවා.. මට එහෙම වෙන්න ඕනි නෑ.. මට ඕනි හැමදාම ඔය උණුහුමට ආදරේ කරන්න”
“ඔයත් අයියේ…………..”
එයා ඒක කයපු තාලෙට මට එයාව ඉඹින්න හිතුනා.. එයාටත් එහෙම හිතිලද කොහෙද මං ලඟට ලං වුනා.. එයාගේ හුස්ම මගේ තොල් වලට දැනුනා.. ඒ දැස් දිලිසෙනවා මං දැක්කා.. මොන බොරුද මේ කට්ට කරුවලේ ඇස් දිලිසෙනවා දකින්නේ කොහොමද..? මට දැනුනේ එකම දෙයයි එයාගේ හුස්ම.. එවායේ උණුහුම එන්න එන්නම වැඩිවුණා..මං එයාව ඉඹින්න තොල් ලං කරමින් හිටියේ….එයාගේ තොල් මගේ තොල් අතර මිල් මීටර් බාගයක පරතරයක් තියෙද්දී දෛවය අපිට නපුරු කමක් කලා.. හුඟාක් ලැජ්ජා හිතෙන එකක්…
එකපාරටම කරන්ට් එක ආවා…
මට විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ…. එයාටත් එහෙම වෙන්න ඇති
“දුවමු”
අපි දෙන්නම දුවලා ගිහින් වෙස් මූනූ දෙකක් අරන් දා ගත්තා… දෙන්නටම හිනා….
“ මාර වැඩේ නේ උනේ”
“ ලැජ්ජාවේ බෑ අනේ”
“ හරි ඉතිං… දැන් කවුරුත් අඳුර ගන්නේ නෑ නේ…”
අපි දෙන්නා පොඩි උන් දෙන්නෙක් වගේ හිනාවුනා.. මං හේත්තු වෙලා හිටපු කණුව වියරුවෙන් දඟලමින් ඒ හිනාව නවත්තන්න කියලා ආයාචනා කලා
“ මේ මේ…”
“දැන් අපි මොනාද කරන්නේ”
“ඔයාට ඕනි දෙයක්”
“මට වෙන කිසි දෙයක් ඕනේ නෑ ඔයා ඔහොම මගේ අතේ එල්ලිලා ඉන්නවනම්”
“ ආ…..ඒකටද මාව එක්කන් ආවේ…. අතේ එල්ලගෙන යන්න”
“ඔව්… ඇයි කැමත් නැද්ද…?”
“අකමැතිමත් නෑ…. ඒත් ඉතිං හැමදාම එහෙම ඉන්න බෑනේ”
“ඉමු”
“මෙහෙම”
“ඔව් මෙහෙමම ඉමු”
“ මැට්ටෝ… තේරෙන්නේ නැද්ද… ඔයාමනේ දැන් කිව්වේ මෙහෙමම හිටියම ඔයාට ඇතිවෙයි, එපාවෙලා යයි… ආයෙ මගේ අතින් අල්ලන එකක් නෑ ඊට පස්සේ”
“ ඇත්ත….. එහෙනම්………………..”
“ හරි දැන් කියන්න බලන්න…. මට කොචිචර ආදරේද කියලා……”
“හ්ම්…. මාර අමාරුවකනේ මාව දැම්මේ…..”
කල්පනා කලා මං
අහසේ තරු ගානට
මුහුදේ රැලි ගානට
පොලවේ වැලි ගානට
මහමෙරක් තරමට
නෑ එකක්වත් මගේ ආදරේ තරම් නෑ
Lim —–à ∞ උනාම ආදරේ අර්ථ දක්වන්නේ කොහොමද…..?
කවුරු හරි කියන්න.. පයිතගරස්, නිව්ටන්, අයින්ස්ටයින් කවුරු හරි
Somebody help me
එයා බලන් ඉන්නවා මං උත්තර දෙනකල්
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
unlimited
හා..! හා..!! ඇහැරෙන්න දැං …!
ඇහෙරන්වා.. එක වෙන මූඩ් එකක් .. මේක හීන කතාව..
හීන වල විතරනේ එහෙම පුලුවන්
සුපිරි අඩවියක්නේ අදයි ආවේ දිගටම එන්නම්.
එන්න සමකය වටේ රවුමක් යන්න
ස්තූතියි
උඹ හීනෙන් උනත් ගෙනියන දුර වැඩීද මංද.
හීනෙන් යන දුර.. වෙන මූඩ් එකක් තියෙනවා ලයන.. එක් මේ කතාවේ නැත..
මේ කොටස මට ටිකක් බෝරිං වගේ දැනුනා… හ්ම්
අයියා කියවලා තියේනේ මේක
උබ කියපන් “මන් ඔයාට මෙච්චරක් ආදරෙයි කියල…
මෙච්චර තියන්නේ කොච්චරද ඇහුවොත්
පට්ට හීනේ ….
එලයි ඈ