ලස්සන ඇස්…


අපි ලියන සමහර කවි අහේතුකයි.. සමහර ඒවා සහේතුකයි..  මාතෘකාවේ ඉදන්ම මේක සහේතුක කවියක්.. මම කෙනෙක් වෙනුවෙන් කාලෙකට කලින් ලියපු එකක්.. පොතක් අස්සේ දාලා තිබිලා හම්බවුනා.. තවත් එක පෙම් කවියක් විතරයි..

නමක් දන්නෙ නැති හීනෙක හිතක් ආයෙ පැටලේවිද..?

ඉමක් කොනක් නොදන්න හිත නොදැනම තව දුර යාවිද..?

පෙමක් දැනෙන ලැමක් තියෙන නුඹ වත් ලග නවතීවිද..?

මමත් දන්නේ නෑ නුඹ මට තවත් හීනයක් විතරද..?

 

 “ලස්සන ඇස්” පස්සෙම යන ගැස්සෙන හිත ඇරන් යන්න

තිස්සෙම ඇවිදින් රෑ මැද ඇස් පිය යට නතර වෙන්න

වැස්සෙම ඇවිදින් කොපුලේ සීතල පිණි කැට උරන්න

අවසර දෙනවද නුඹ ලග එක පාරක් නතර වෙන්න

 

 නොදන්න තරමින් උපන්න හැඟුමක් ගිය දුර බලන්න

කියන්න හිතමින් මේ පෙම තව කොතරම් මල බලන්න

සීතරල රෑ මැද තනියම ඔය සුසුමක සුව විඳින්න

ලංවෙන්නම බැරිතරම්ද.? මං දන්නෑ මට කියන්න

 

 අදුර ඇවිත් කෙටි පණිවිඩ හීන වලට දොර ඇරුනම

සොදුර නුඹත් ඇවිදින් ඒ හීන වලම සැතපුනාම

නමත් නොදත් මල් සුවදට හිත ආයෙත් නැවතුනාම

මමත් නොදත් පෙමක් හෙමින් හිත අස්සේ ඇරඹුනාම

 

 මෙරක් තරම් පෙම් පිරුවත්  නුඹ ලග තාමත් නිහඩයි

දුරක් යන්න බැරි තරමට නුඹ සිත මට දුර ඈතයි

ඇවිත් යන්න වත් දවසක එනවානම් හිත ආසයි

තවත් ඉන්න බැරි තරමට මගේ හදවත් නුඹ ඉල්ලයි

 

 අහම්බෙන් වගේ ඇවිදින් හිතට ඉඟිකර

මියැදෙන්නම ගිය හිතකට හුස්ම මුහු කර

හිත අස්සේ දාහක් මාලිගා ඉදිකර

සුවඳ තියා යාවිද මට දුක ඉතිරි කර

8 thoughts on “ලස්සන ඇස්…

සචිත් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න