පොලේ යාම


සුවහසක් සාදාචාර සම්පන්න ජනතාව මට සමාවන සේක්වා.. මිනිසා වනාහි සාමජීය දේශපාලනික සහ ලිංගික ජීවියෙකි.. එම නිසා සාමාජීය පැත්තෙන් පටන් ඇරන් ලිංගික පැත්තෙන් මේ පොලේ යාම නැවතීම එක්තරා ආකාරයක විකාරක් වනු ඇත.. එයටද මට සමාවන සේක්වා..

ඔබ පොලේ ගොස් තිබේද..? නැත්තම් මේ පෝස්ට් එක කියවා පලක් තිබේදැයි සැකයක් පැන නගී.. ආතල් එකට වාගේ කියවුවාට කම් නැත.. මක් නිසා යත් සමහර විට ඔබට අනාගතයේදී පොලේ යාමට සිදුවන බැවිනි.. මමද ඉද හිට හෝ පොලේ යමි.. එසේ පොලේ යාමේදී මාර සිද්ධි සිදුවේ.. මේ එලෙස පොලේ යාම නිසා ඉගෙනගත් දේ දුටු දේවල් වලින් ස්වල්පයකි..

අංක එකටම ඔබ පොලේ යන්නේ පට්ට වාහනයකින් නම් ( පට්ට වාහන යනු  මොනා දැයි නොඅසන්න,පට්ට පෙනුමක් ඇති සෑම වාහනයක්ම වෙලෙන්දන්ට පට්ට වාහනයකි) වාහනය පොලට මදක් ඈතින් නවතා පොලට යාමට පුරුදු විය යුතුය.. මක් නිසාද යත් ඔබ පට්ට වාහනයකින් දොට්ට බහින විට කට්ට වෙලෙන්දන් දුටුවහොත් උන් වාහනයටත් අමතර ටැක්ස් එලවලු පලතුරු ආදී හැම එකටම එකතු කරනවාය…

අංක දෙක ඔබේ ඇඳුම.. සාමාන්‍යයෙන් කෙල්ලෙක් බලන්න යන ලෙස පොලේ යාමද කොල්ලෙක් වන ඔබට අවාසිදායක විය හැකිය.. සමහර විට ඔබ ගෙදරට පොලේ යන බව කියා ඇත්තටම යන්නේ කෙල්ලක්  බලන්නට නම් එය අවුලක් නැත.. එනමුත් ඔබ සිරාවටම යන්නේ පොලේ නම් ඇති පරණම ඇදුමක් දාගෙන යාමෙන් ඇදුමට එකතු වෙන වැට් අඩු කරගත හැකිය… රබර් සෙරෙප්පු පලදින්න.. බ්‍රේස්ලට් දමා ඇත්නම් ගලවා දමන්න..  පට්ට නෝමල් ලෙස යන්න..

අංක තුන සන්ග්ලාස් දමා පොලේ ‍නෙයන්න.. එවිට ඔබට සුදුලූණු බී ලුණු ලෙසද රාබු බීට්රූට් ලෙසද දර්ශනය විය හැකිය.. එවිට අවසානයේ ගෙදර විත් සන්ග්ලාස් ගලවා බැලූ විට ගෙනැවිත් තිබෙන්නේ වෙන වෙන මගුල් බව ඔබට දැකගත හැකිවනු ඇත.. එනිසා සන්ග්ලාස් අවශම නම් ගලවා කොලර් එකේ එල්ලා ගන්න..

අංක හතර..  මම අද දින දුටු ලෙසට කාන්තාවන් හෝ කෙල්ලන් වශයෙන් ඔබ පොලේ යන්නේ නම් හැකි තරම් කොට සායක් හා කර පලල් බ්ලවුස් එකක් දමාගෙන යාමෙන් ඔබට වාසි රැසක්  අත් කර ගත හැකිය.. සාමාන්‍යයෙන් ඔබ දෙකට නෑමී කුමක් හෝ තෝරන අවස්ථාවේදී ඔබේ කර පලල් බ්ලවුසය නිසා ඔබේ ඉදිරියේ සිටින වෙලෙන්දාට මිල ගනන් අමතක කරවීම ඉතාම පහසු ක්‍රියාවකි.. එවිය ලාභය ඔබටමය.. ( බඩු ගන්න අපිටත් මෙහෙම පෙනුනා නම් බිම වාඩීවී සිටින වෙලෙන්දාට කොහොම දර්ශනය වන්නට ඇද්ද..?)

එලෙසම ඔබ දෙකට නැමී සිටින විට ඔබට පිටුපසින් සිටින වෙලෙන්දාටද හදිසියේම මිල ගනන් අමතක විම මගින් එම වෙලෙන්දාගෙන් බඩු ගන්න අයටද සහනයක් සලසා දීමට ඔබට හැකිවේ.. එය අමතර පුන්‍ය කර්මයකි..

එයට අමතරව පාලුවේ තනිකමේ පොලේ යන අපි වැනි කොල්ලන්ටද යන්තමින් හෝ ආතල් එකක්ද ලැබේ..  ඉතින් මේ සියල්ල සලකා බැලූ විට කොට සායක් හෝ කර පලල් බ්ලවුස් එකක් ඇදගෙන පොලේ යාම රටටම සේවයකි…

අදට පොලේ යාම අවසානයි.. ස්තූතියි

ප.ලි

නිකම් ලැබෙන ආතල් නොවිඳින දෑස කුමටද නුඹේ.. වින්දාට කම් නැත ඇල්ලිමට හෝ එව්වා මෙව්වා කිරීමට යාහ අතුරු ආබාධ ඇතිකරයි.. සමහර අතුරු ආභාද මරණිය විය හැක

26 thoughts on “පොලේ යාම

  1. කුමක් ඇඳගෙන ගියත් වෙළෙන්දෝ ගැනුම් කරුවන් ක්‍ෂණයකින් අඳුනා ගනිති. මක්නිසාද යත් පිටස්තරයා මෙන්ම අනෙක් බොහෝ දෙනාද කබ්බ ඇඳුමක් ඇඳගෙන සන්ග්ලාස් එල්ලාගෙන යන බැවිනි. 😀
    වෙනත් ලෙසකින් කියුවහොත් ගැනුම් කරුවන්ව අඳුනා ගැනීම දිනකට බර ගානක් හා ගනුදෙනු කරන (හා නොකරන) වෙළෙන්ඳන් හට කිරි කජු කනවාටත් වැඩිය පහසු ය, ටොයිස් යැ.

    කිසිවක් නොව ඇවැසි කටම හා කටම පමණකි

Naleen Dilruksha වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න