ප්‍රතිචාර 13

ත්‍රිමාණයෙන් එහාට… Beyond the 3D සිව්වෙනි මානයක් පවතීද…?


ත්‍රිමාණ, 3D යන්න අපි නිතරම හාවිතා කරමු.. ඇත්තෙන්ම මෙහි  ත්‍රි+මාණ යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇත්තේ දිශාව  මිස  තේ‍රුම් ගත නොහැකි අන් යමක් නොවේ.. අපි ජීවත් වන්නේ ත්‍රිමාණ විශ්වයක. නමුත් තිබිය හැක්කේ මේ දිශාවන් තුනම පමණක්ද..? මෙය සලකා බැලීමට පෙර අපි ත්‍රිමාණය ගැන අවධානය යොමු

කල යුතුය.

මුලින්ම දිශාව යන්න ගැන අවධානය යොමු කරමු.. දිශාව යනු කුමක් දැයි අපි දනිමු.. ඉහල -පහල, වම – දකුණ,නැගෙනහිර – බටහිර ලෙස සරලව මෙම දිශාවන් තමන්ට සාපේක්ෂව නම් කල හැකිය.. නමුත් මෙලෙස දිශාවන් හැඳින්වීම සැමවිටම නිවැරදි නොවේ.. සමකාසන්නව පිහිටි රටක් වන ලංකාවේදී ඔබ උඩ යැයි හදුන්වන දිශාව ආර්ජන්ටිනාටේ  හෝ නවසීලන්තයේ සිටින්නේකුට වම හෝ දකුණ විය හැකිය.. පෘථිවියේ ඇති ගෝලාකාර බව නිසා මෙය සිදුවේ.. එනම් දිශාව යන්න සෑම විට අපේ පිහිටීමට සාපේක්ෂව අපේ ඉන්ද්‍රියන් මඟින් හඳුනා ගනු ලබයි..  මෙම දිශාවන්ගේ ඇති පුද්ගලානුරූප සාපේක්ෂ බව ගැන මම මුලින්ම සඳහන් කලේ මන්ද යන්න  ඔබට පසුවට පැහැදිලි වනු ඇත..එමනිසා ඉහල -පහල, වම – දකුණ,නැගෙනහිර – බටහිර ලෙස නොව සලකන ලද මුලයක් සමග  X,Y,Z  ලෙස එකිනෙකට ලම්භ අක්ෂ තුනකින් මෙම දිශාවන් තුන හැඳින්වීම ගණිතමය ලෙස වඩා නිවැරදි වේ.. මෙම දිශාවන් තුනෙන් කුමක් හෝ පලවෙනි දෙවෙනි තුන්වෙනි ලෙහ හැඳින්විම වරදක් නොවේ..

අපි සිටින විශ්වය අනුව හෝ අපයේ ඉන්ද්‍රියන්ට ගෝචර වන අන්දමට අපිට දැනෙනුයේ මෙම දිශා තුන පමනකි..

අපට යම් කිසි සලකන ලද මූලයක්  අනුසාරයෙන් X,Y,Z  අක්ෂ සුදුසු ලෙස පරිමානය කර ඒ අනුව එම මූලයට සාපේක්ෂව ම්නැම වස්තුවක යම් මොහොතක පිහිටිම ගැන පුර්ණ විස්තරයක් දිමට පුලවන.. කාලය පිලිබද ගැටලුව මදකට අමතක කලහොත් මෙම දිශාවන්  ගෙන් එකක දෙකක හො තුනේම යාමෙන් ලඟාවිය නොහැකි තැනක් ත්‍රිමාණ විශ්වය තුල නැත..

නමුත් විශ්වය තුල පැවතිය හැක්කේ මෙම දිශා තුනම පමනද..? සමහර විට එය එසේ විය හැකිය. නැත්නම් තවත් අමතර දිශාවක් දෙකක් තුනක් දහල් ගණනක් හෝ අනත්තයක් පැවතිය හැකිය.. එසේ තිබේනස් කිසියම් හේතුවත් කිහා එය අපේ ඉන්ද්‍රියන්ය ගෝචර නොවේ.. මෙලෙස තිබෙයැයි පිලිගැනෙන එහෙත් අපේ ඉන්ද්‍රියන්ට අසු නොවන යමකට උදාහරන අවශ්‍ය නම් ගුරුත්වාකර්ෂන ක්ෂේත්‍ර. චුම්හක ක්ෂෙත්‍ර ආදිය සැලකිය හැකිය.. මේවා පවතින බව අපිට දැකගත හැක්කේ විශේෂ උපක්‍රම යොදා නිරික්ෂනය කිරීමෙන් හෝ ඒ සම්බන්ද සංසිද්ධි ආශ්‍රයෙන් පමණි.

එම නිසා හතර වෙනි දිශාවක් ඔබේ ඉන්ද්‍රියන්ට හසු නොවූ පමනින් එවැන්නක් නොපවතින බව එකහෙලා ප්‍රකාෂ කිරිමේ කිසිම අයිතියක් කිසිවෙකුව නැත.. එය තමන්ට කිසි දිනක දත් කැක්කුම වැලඳි නැති නිසා දත් කැක්කුම යනුවෙන් යමක් ලෝකය තුල නැති බවට තර්ක කිරීමට මදක් සමාන අවස්ථාවකි..

සිව්වෙනි මානය ගැන ගැන  සිත යොමු කිරීමට පෙර මදක් අපි ත්‍රිමාණයෙන්ද පියවර දෙකක් පහලට තබමු..

ඒක මානය…

ඒක මාන විශ්වයක් ගැන සලකමු. ඇත්තෙන්ම අපේ ත්‍රිමාන චින්තනයට අනුව මෙය එක්තරා හිතලුවක් පමණි.. ඝනකමක් හො උසක් නැති දිගක් පවතින්නේ කෙසේද..? ඉතා කෙස් ගසක්ට පවා ඝනකමක් ඇත..   එය මදකට අමතක කරමු..

ඒකමාන විශ්වයක් යනු හුදෙක් සරල රේඛාවකි.. එසේනම් අපේ විශ්වයට සාපේක්ෂව සැලකූ විට මෙම ඒකමාන විශ්වය හිතාගත්නොහැකි තරමටත් වඩා සීමාන්තික වේ.. අදාල එක් දිශාව ඔස්සේ ඉදිරියට හෝ පසුපසට ගමන් කිරීම මඟින් ඉතා පහසුවෙන් (කාලය ගැටලුවක් නොවේ නම්) මෙම විශ්වගේ සිටින ජීවින්ට මෙහි කෙලවරකට ලඟාවිය හැකිය..

නමුත් අප මෙවැනිම රේඛාවකින් සාදන ලද වෘත්තක් සලකමු. මෙය වුවද ඒකමාන විශ්වයක් ලෙස සැලකිය හැකිය.. නමුත් මෙහිදී පරස්පරතාවයක් පැනනගී. මක් නිසාද යත් වෘත්තයක් නිර්මාණය කිරීමට නම් අඩුම වශයෙන් මාන දෙකක් අවශ්‍ය වන බැවිනි. එසේනම් විශ්වය ඒකමාන වුවද එය පවතින්නේ ද්වීමානයේ වේ. නමුත් එය ඇත්තටම පරස්පර වන්නේ පවතින්නේ එක මානයක් නම් පමනී.. නමුත් මාන දෙකක් පවතින බව අපි හොඳාකාරවම දනිමු..

මෙය දිශාවේ සාපේක්ශ බව මඟින් විසඳා ගත හැකිය.

ඉහත වෘත්ත‍ය සලකන්න මේහි පරිධිය මත සිටින ඕනෑම ජීවියකුට ඔහුට සාපේක්ෂව පරිධිය ඔස්සේ ඇත්තේ ඉදිරියක් හා පසුපසක් පමනකි.. එනම් මෙම විශ්වය වෘත්තාකාර වුවද ඕනැම මොහොතක  ඕනැම ජීවියෙක්ට ඇත්තේ දිශා දෙකක් පමනි.. නමුත් ඔහු ඔහුටද නොදැන තවත් දිශාවක චලනය වේ.. නමුත් ඔහුගේ ඉන්ද්‍රියන්ට එය ගෝචර නොවේ..

මෙය හාස්‍ය උත්පාදනය කරන කථාවක් වීමටද පුලවන.. නමුත් සිනහව පසෙක තබා ඔබේ මනස තවත් මොහොතකට විවෘතව තබාගන්න..

අපි දැන් මේ ආකාරයටම ද්වී මානය ගැන සලකමු.. ඝනකමක් නැති පැතලි ලෝකයක් සලකන්න.. මෙයට ඉතාම කිට්ටු උදාහරනයක් ලෙස තුනි කඩදාසියක් සැලකිය හැකිය ( නමුත් මෙයද ගැලපෙනම උදාහරනයක් ‍‍නොවේ.. තුනි කඩදාසියක ඝනකම අපිට නොපෙනෙන මුත් ක්ෂුද්‍ර ජියියෙක්ට ඉතා හොඳින් දර්ශනය වන බව සැකයක් නැත) මෙම විශ්වය වුවද ත්‍රිමානයට සාපේක්ෂව ඉකාම සීමාන්තික වේ.. එහි සීමාව බහුඅසූයක් හෝ වෘත්තයක් විය යුතුය..

නමුත් එම විශ්වයට පැවතිය හැකි තවත් විකල්ප ආකාරයක්ද තිබේ.. ඔවුන්ගේ විශ්වය ගෝලයක මතුපිටක් නම්.. මෙහිදීද පැන නගින්නේ පෙර පරස්පරතාවයම වේ.. ගෝලය ත්‍රිමාන වස්තුවකි.. එනම් ද්වීමාන දිශ්වය පවතින්නේ ත්‍රිමානයේ වේ. නමුත් මෙම ගෝලය එහි ජීවින් සාපේක්ෂව ඉතා විශාල වීම ( අපේ විශ්වයට සාපේක්ෂව අපි නොසලකා හැකි තරම් කුඩා බව සිහියට ගන්න) නිසා ඔවුන්ට ඕනැම මොහොතක ඇත්තේ දිශා දෙකක් පමණි. පෘථිවිය යනු කිසිදු භූවිෂමකාවක් නනොමැති පරිපූර්ණ ගනිතමය ගෝලයක් විනි නම් මෙවැනි  දෙයකට ඉතා සමාන යමක් අපටද අත්විඳිමට හැකියාවත් ලැබෙනු ඇත.. එසේ වීනම් ඕනැම මොහොතකදි අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වනු ඇත්තේ පෘථිවය මත දිශා දෙකක් පමනක් වනුඇත… (දැනට වුවද අපි රටකින් රටකට ගමන් කරන විට අප  වෘත්ත චාපයයක හැඩැති මාර්ගයක ගමන් කරන බව අපගේ ඉන්ද්‍රියන්ට සංජානන වේද..?)

දැන් අපි ත්‍රිමාන විශ්වය ගැන සලකමු.. මෙම විශ්වය පරිමිතද අපරිමිතද යන්න හෝ එහි හැඩයක් අපි නොදනිමු.. නමුත් ඒකමාන හා ද්වීමාන විශ්වයන් ගැන නොයෙන් පූර්ව නිගමන වලට එළඹිමය අපට හැකිවී තිබේ… ඒ අපි ත්‍රිමානයේ ජීවත් වන ජීවින් වන නිසාය.. සමහර විය අපද ද්වීමානගේ ත්‍රිමාන ජීවන් ගැන පැවසුවාත් වෙන් අපිටම නොදැක තවත් දිශාවක චලනය වෙමින් සිටිනවා වීමටද පුලුවන..

ද්වීමාන විශ්වයක් පවති නම් අපට ද්විමාන විශ්වය ඔවුන්ට සංජානනය නොවන තවත් දිශාවක සිට නිරීක්ෂනය කිරිමට පමනක් නොව යම් යම් වෙනස් කම් කිරීමට පවා හැකිවනු ඇත.. එලෙසම ද්විමානයේ ජීවත් වන ජීවින්ට ත්‍රිමානයේ අපෙන් කිසිවක් සැඟවිය නොහැක..

ත්‍රිමානයේ අපට පවා මෙය පොදු විය යුතුය.. එනම් චතුර්මානයේ ජීවත් වන ජීවියෙක්ට අවශය නම් කටුව නොකඩා බිත්තරයක් තුල ඇති දෑ පිටතට ගැනීම අගුල් දමා ඇති කාමරයකට ඇතුල් විම ආදි දේ ඉතා පහසුවෙන් කල හැකිය..සමහරක් විට චතුර්මානයේ ජීවින් මේ මොහොතේ පවා ඔබව නිරීක්ෂනය කරමින් සිටිනවා විය හැකිය.. ( කලබල විය යුතු නැත චතුර්මානයේ ජීවන් ඔබව නිරීක්ෂනය කරමින් සිටියද ඔවන්න ඔබ තවත් ඒක් සරල ත්‍රිමාන මොඩලයක් පමනකි..  ඔවුන්ට අනුව ඔබ වතුර්මානයේ සිටින ජිවියෙක්ගේ ළදරුවෙක්ගේ විත්‍රයක් මෙන් සරල හැඩතල වලින් තැනුනු ජීවියෙකි)..  ඇත්තෙන්ම එය එසේ සිදුවීම නො සිදුනොවීම ගැන අපි තවම නොදනිමු.. කල හැක්කේ මෙය මෙසේ වේයැයි..

ද්විමාන විශ්වය හෝ ඒකමාන වස්තූන් යන්නට උදාහරන ත්‍රිමාන විශ්වය තුල සොයාගැනීම ප්‍රායෝගිකව ඉතාම අපහසුය.. ද්වීමානයට ඉතාම ආසන්න උදාහරයක් ලෙස මම පෙර තුනි කඩදාසියක් යොදාගතිමි.. එය වුවඉතාම නිවැරදි නොවේ..

එහෙත් ද්විමාන වස්තුවකට(සැබැවින්ම එය වස්තුවත් ලෙව හැඳින්වීමද නිවැරදි නොවේ) වඩා හොඳ උදාහරණයක් අපිට භෞතික ලෝකයේ ඉතාම පහසුවෙන් සොයාගත හැකිය.. ඒ සෙවනැල්ලයි.. සමතල මතුපිටක් මතට වැටුනු සෙවනැල්ලකට ගනකමක් නැත.. නමුත් එය පවතින බව අපට දර්ශනය වේ.. නමුත් අපිට එය ඇල්විය නොහැක. නමුත් එය පවතී. මෙය එක්තරා ආකාරයක විකාර කතාවකි. නමුත් සැබැවින්ම ද්වීමාන යමක් පවතී නම් එයට ත්‍රිමාන ලෝකයේ සැවතිය හැකිද..?  පවතී නම් එය අප දන්නා කිසිම පදාර්ථයක් නොවිය යුතුය.. ඒ අනුව ද්වීමාන  වස්තුවකට ත්‍රිමාන කිසිවකට බලපෑමක් සිදුකල හැකිද..? සිව්වෙනි මානයක් පවතී නම් අපය එයට කිසියම් බලපෑමක් කල හැකිද..? මේවැනි නොවිසඳුනු ගැටලු රාශියක් මේ ඔස්සේ පැන නගී

මෙහ හුදදෙක්ම විකාරයක් ලෙස සලකන්නේ නම් ඔබට තවමත් මෙය තේරුම් ගත නොහැකිව සිටිනවා හෝ ඔබ හොඳින්ම මා කියන දෙය තේරුම් ගෙන සිටිනවා විය හැකිය..

නමුත් මෙය හොදින් පහදා ගත හැකි ආකාරයේ උදාහරණයක් ආතර් සී ක්ලාක් ගේ අනාගත ආශ්චර්යයන් නැමත් ග්‍රන්ථයේ අඩංගු වේ..

සෘජුකෝනාස්‍රයක් විකර්ණ හරහා දෙකට කපන ලද්දේ යැයි සිතමු..

එවිට අපට සර්ව සම සෘජුකෝණි ත්‍රිකෝණ දෙකක් ලැබේ.. මෙම ත්‍රිකෝණ සර්ව සම බව එකක් අනික මත සමපාත කිරිමෙන් අපට පෙන්විය හැකිය.. නමුත් ද්විමානගේ ජීවින් සලකන්න ඔවුන් මෙය කරන්නේ කෙසේද.. ඔවුන්ට ඒවා මෙසේ සමපාත කල නොහැක..

ඔවුන්ට කල හැක්කේ පහත ආකාරයට එක් ත්‍රිකෝණයක් ලකූණු කොට අනෙකද ඒ මතට ගෙන එම ඉඩ ප්‍රමානයම ගන්නා බව පෙන්වීමෙනි…

දැන් මේ ජීවින්ට ‍වෙනත් ගැටලුවක් ඉදිරිපත් කරමු.. අපි මෙම සෘජුකෝනී ත්‍රිකෝන දෙකෙන් එකක් ගෙන අනික් පසට පෙරලා නැවත එක් කලේ යැයි සිතමු..

මෙවිට අමුතු දෙයක් සිදුවේ… ඒවා තවමත් එකම ප්‍රමාණයේ වන මුත් ඒවා එක්කර දැන් පෙර ලෙස සෘජුකෝනාස්‍රයක් තැනිමට නුපුලුවන.. දේවිමාන ලෝකයේ මේවා කොගි අතර හැරෙව්වදඑකමඅවකාශ වැසෙන සේ සකස් කිරීමටද නුපුලුවන.. දැන් ඒවා එකිනෙකාගේ ප්‍රතිබිම්භ බවට පත්ව තිබේ..

ඇත්තෙන්ම මෙය ද්විමානයේ ජීවින්ට පැහැදිලි කරගත නොහැකි ගැටලුවක් වනවා ඇත මේ පිලිබඳව ඔවුන්ට පිලිගත හැකි මතය නම් මෙය ප්‍රාතිහාර්යක් බවය.. නැත්නම් මේම වස්තුව ඔවුන්ගේ විශ්වයට ලම්භක තලයක භ්‍රමණය වී ඇති බවය..

මෙවැනි දෙයක් ත්‍රිමාණ ලෝකයේද සිදුවන්නේ නම්..එනම් ඝන වස්තුන් පවා එකිනෙකාගේ ප්‍රතිබිම්භ බවට පත්වන්නේ නම් සිව්වෙනි මානයක් පවකින බවට හොඳම සාක්ෂිය එයයි..

ස්වභාවයෙන්මද යම් යම් ප්‍රතික්‍රියා වාමවර්ත හා දක්ෂිණාවර්ත යන යන දෙකටම සිදුවන බවද සොයාගෙන තිබේ..  නමුත් මෙලෙස ප්‍රතිබිම්භ බවට පත්වන අවස්ථාවක් සොයාගෙන තිබේද..? ඇත්තෙන්ම එය න්‍යෂ්ඨික විපර්යාස වලදී සිදුවී ඇත.. සමහර අවස්ථා වලදී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා මගින් සැදෙන පරමාණු  දෙකක් මෙලෙස එකිනෙකාගේ ප්‍රතිබිම්භ බවට පත්වෙන බව සොයාගෙන ඇත්තේ මිට බොහො කලකට පෙරය..

මෙයින් ඔප්පු වෙන්නේ වම් අත හා දකුණු අත අතැ වෙනසක් නැති බවද.? කොසේහෝ මෙම පරමාණු එකිනෙකාගේ ප්‍රතිබිම්භ බවට පත්වීම පැහැදිලි කල හැක්කේද චතුර් මානයෙන්ම පමණි..

දැන් මෙම චතුර්මානික ප්‍රතික්‍රයා පරමාණුක ප්‍රමාණයට සීමා වී ඇති නීසා එහි ඇති වටිනාකම කුමක්දැයි ඔබ ඇසී මට පූලු වන්.. නමුත් මිට කලකට පෙර යුරේනියම් විඛන්ඩනයද පරමාණු කීපයකට සීමාවූවක් මිස මුලු මහත් මිනිස් වර්ගයාම සම්බන්ධ ප්‍රශ්නයක් නොවින.. වැදගත් වන්නේ මූල ධර්මයයි.. පමානය පිලිබදව පසුවට සැලකිය හැකිය..

– ආතර් සී ක්ලාක් –
-ආනගත අශ්වර්යයන් –
පරිවර්තනය – එස් එම් බන්ධුසීල

ඇත්තෙන්ම සිව්වෙනි මානයක් පවතීද..? ඇත්තන්ම මෙවැන්නක් නැති වුවද එවැන්නක් ඇති කරල හැකිය.. ඒ අවකාශය නැවීම මඟිනි.. වීශාල වස්තූන් ලඟදි අවකාශය සුලු වශයෙන් නැවෙන බව අප දනිමු.. එලෙසම විද්‍යුත්, චුම්භක ක්ෂේත්‍ර ඇති කරන විටද අවකාශය නැවෙන බව සොයාගෙන ඇත.. කවදාක හො මෙම අකවාශය අංශක 90කින් නැවීමට අපිට හැකිනම්… එය චතුර්මානයේ දොරටුව විය හැකිය නමුත් ජ්‍යාමිතිකත්ව සැලකීමේදි චතුර්මානලේ ඇති සංකීර්ණත්වය කොපමණ වේද..? තල ජ්‍යාමිතියට සාපේක්ෂව ඝණ ජ්‍යාමිතය කොයිතරම් සංකිර්ණද..?එසේනම් චතුර්මානයි එය පුද්ගලයෙකුට සිතාගැනීමටත් නොහැකි තරමටත් වඩා සංකීර්න වනු ඇත

චතුර්මානයක් ප්‍රත්‍යක්ෂ ලෙසම ඇතැයි මම නොකියමි.. එලෙසම එල එකහෙලාම නැතැයි කීමටද ඔබට අයිතියක් නැත.. එවන්නක් වැදගත් වන්නේ කුමකටද..? සමහර විට එය අදෘෂ්‍යමානත්වයේ හෝ කාලතරණයේ දොරටුව වනු ඇත

සමහරුන් කාලය 4 වෙනි මානය ලෙස සලකති.. නමුත් මම මෙහිදී කථා කරන්නේ දිශාව ගැනයි.. කාලය යන්න හතරවෙනි මානය ලෙස ඔබ සලකයි නම් මම මේ කතා කරන්නේ පස්වෙනි මානය ගැන යැයි කියා සිතුවද කම් නැත

..සමහරක් විට අපි දේව යනුවෙන් හඳුන්වන ජීව කොඨ්ඨාශයද මෙම සිව්වෙනි මානයේ ජීවින් කොටසක් වීමට පුලවන..ත්‍රිමානයේදි ද්විමානය ගැන හරස් නැතුවා මෙන්ම චතුර්මානයේදි ත්‍රිමානය ගැන රහස් නැති බැවින් දිවැස්  ලෙස අප හඳුන්වන ‍හැකියාව පවා  ත්‍රිමානය දෙස සිව්වෙනි මානය ඔස්සේ බැලීමක් විය හැකිය..

කෙසේ වෙතත් චතුර්මානයය් පවතීද නැද්ද යන පැනය තවත් බොහෝකාලයන් චිදයාඥයන් කුල්මත් කරවනු ඇතැයි මමි විශ්වාස කරමි..

පසු සටහන –

මම කියුබොහෝ දේවල් පදනමක් නැති මනස්ගාත ලෙස පෙනේ නම් ඔබ 90% නිවැරදිය.. නමුත් රොකට්ටුවක් යැවීමට ‍ගොඩාඩ් ගත් අත්සහය පවා එදා සීනාවට ලක් කල අයවලුන් සිටිනා බව මතක තබා ගැනීමට තරම් හෝ එබට නිහතමානි විය හැකිනම් යෙහෙකි..

එලෙසම 4 වෙනි මානය පිලිබඳ මමද තවමත් අඳුරේ අත පත ගාන්නෙකු බැවින් මට හරි හැටි මෙය පැහැදිලි කීරිමට නොහැකී වී තිබිය හැකිය.. එය එසේ නම්.. එනම් මෙම ලිපිය ඉතා පැටලිලි සහගත නම් මම එයට සමාව ඉල්වමි..

Advertisements

13 comments on “ත්‍රිමාණයෙන් එහාට… Beyond the 3D සිව්වෙනි මානයක් පවතීද…?

  1. ටිකක් මාන්දමික නමුත් දිගටම හිතිය යුතු මාතෘකාවක්…

  2. සුපිරිම ලිපියක් බොහෝ දේවල් ඉතා හොදින් දැනගත්තා

  3. මම ආතර්.සී.ක්ලාක් මහත්මයාගේ ‘අනාගත ආශ්චර්යයන්” පොත කියෙව්වේ 1996 දි.මේකේ සඳහන් වෙනවා අපේ සෞරග්‍රහ මණ්ඩලය අධි-විශ්වයක පරමාණුවක් වෙන්නත් පුළුවන් කියා.

  4. මේක ටිකක් තෙරුම් ගන්ඩ අමාරුයි තමා.මටත් හරියට මේගැන වැටහීමක් නෑ.ආලෝකයේ වේගයට වැඩ වේගෙන් යන අංශු වගයක් මිට ටිකක් කාලෙකට කලින් හොයා ගත්තම එයාල කිව්වේ මේවා සමහර විට අපට හොයාගන්ඩ බැරි සිව්වන මානයක් හරහා යන්ද ඇති කියල.

    ඇල්බට් අයින්ස්ටයින් කාලය හරහා ගමන කරන්ඩ පුළුවන් කියපුවගේත් ඔය වගේ අදහසක් තියනවා.ඒක හොයා ගත්තොත් අපිට කාලය හරහා යන්ද පුළුවන් කියල මතයකුත් තියනවා.

    මේවා ගැන හිත්තද්දී මොන පිස්සුවක් හිතනවද කියල මටවත් හෙරෙන්නේ නෑ.ඒත් මමත් මේවා ගැන ගොඩක් උනන්දුයි.

  5. අවංකවම ඔයාට පුලුවන් මල්ලි මිනිස්සුන්ට හිතන්න දෙයක් දෙන්න.මං මල්ලිගෙ කලින් post කියෙව්වා.මේක නම් excellent..ඔයා අන්තිමට වැටුන track එක හරියටම හරී.සිව් වෙනි මානයක් ගැන විද්‍යාවෙන් හොයනවා ඇති ඒත් මේ ප්‍රශ්න හැමදේටම උත්තර බුද්ධ ධර්මයේ තියෙනවා.මල්ලි එක තැනක මෙන්න මෙහෙම කියලා තිබුනා”..සමහරක් විට අපි දේව යනුවෙන් හඳුන්වන ජීව කොඨ්ඨාශයද මෙම සිව්වෙනි මානයේ ජීවින් කොටසක් වීමට පුලවන..”
    එක සූත්‍ර දේශනාවකදි(මට හරියට මතක නැහැ මොකක්ද කියලා)බුදු හාමුදුරුවො දෙවි කෙනෙක්ද කියනවා කම්පනය අඩු කරන්න කියලා හේතුව සියලු දෙනාටම පෙනීම සඳහා.මං දන්නෙ නැහැ වෙලාවකට හරිම සංකීර්ණයි දෙවිවරු අපිට පේන්නෙ නැහැ.ඒත් ඉතාම ශක්තියකින් යුතු කොටසක්

    මල්ලි මේක දැකලා ඇති නෙ..දවිවරු කියන කොට්ඨාශය අපි බැලුවොත එයාලගෙ සංඛ්‍යාතය හුඟාක් වැඩි ඒක නිසාඅපිට පේන්නෙ නැහැ වගේම භෞතික ක්‍රීයාකරකම් අපිට පේන්න නැහැ.ඒත් බුදු හාමුදුරුවන්ගෙ සූත්‍ර දේශනා අධ්‍යනයේදි අපිට පැහැදිලි දෙවිවරු අතර භෞතික ක්‍රියා තිබූ බව.ඉතින් සිව් වන මානයක් නොමැත යැයි බැහැර කල හැකිද?
    දන්නවනේධාතු මනසිකාරය ගැන(පඨවි-quality of hardness or softness,ආපෝ-Liquidity, Binding or flowing nature,තේජෝ-Heat,වායෝ- air element. )ඉතින් ජීවීන් නිර්මාණයේදි මේ දේවල් අඩු වැඩි වශයෙන් භාවිතා වේ.සිව්වන මානය බොහෝ දුරට අදෘෂ්‍යමානයේ දොරටුව විය හැක.
    * may blog eka man kiyeuwe headset ekakth galola paadamak karanawa wage…good luck malli….

  6. සෑහෙන්න හොද ලිපියක් මම ගොඩක් අගය කරනවා

    මම මේ කියන දේවල් ඔයාට ප්යොජනවත් වෙයි මම මේ ලිපියේ ගොඩක් පරස්පර දැක්කා
    සමහර විට මම වරදවා තෙරැම් ගත්තා වෙන්නත් පුලුවන්.

    දිමාන තලයක් හිතින් මවා ගන්නවා හෝ (ගණිතමය සූත්රයකින් හො වෙනයම් ක්රමයකින් දැක්වීම හෝ) ඇරෙන්න ත්රිමාන අවකාශයකින් පිට හිතන්න(තේරැම් ගන්න) අපිට ක්රමයක් නැහැ.

    ‘ද්වීමාන විශ්වයක් පවති නම් අපට ද්විමාන විශ්වය ඔවුන්ට සංජානනය නොවන තවත් දිශාවක සිට නිරීක්ෂනය කිරිමට පමනක් නොව යම් යම් වෙනස් කම් කිරීමට පවා හැකිවනු ඇත.. එලෙසම ද්විමානයේ ජීවත් වන ජීවින්ට ත්‍රිමානයේ අපෙන් කිසිවක් සැඟවිය නොහැක.’

    අපිට දිමාන තලයක් ගැන කිසිම ප්රත්‍යශ්‍යයක්(සංජානනයක්) නැතුව අපි කොහොමද දිවිමාන තලයක් නිරීක්ශනය කරනනෙ? අනික දිවිමාන තලයක ඉන්නේ දිවිමාන සතුන් කියන එක අමතක කරනන් එපා. දිවිමාන සතුන්ට ත්රිමාන ලොකයේ (තලයේ) උවද සිටිය හැකියි.

    අපි දිමානය ප්රත්‍යශ්‍ය((සමාවෙන්න ඔනේ මේ වචනය හරියට වදිනනේ නෑ)-සංජානනය) නොකර දිමාන ජාමිතියක් ගැන සූත්ර ගොඩනගනවා ඒ වගේම තමයි චතුර්මානය ගැනත් වෙනත් ඔනෑම මානයක් ගැනත්. සංකීර්නත්වය නිසා තේරැම් ගැනීම තමයි ප්රශනය වන්නේ

    තව ගොඩක් දෙවල් කියන්නනම් තියෙනවා කොහොම උනත්
    අවසාන වශයෙන් කියන්න ඔනේ දිමාන තලයන් ගැන කොපමන විශ්වාසයක් තිබේද පෙමන විශ්වාසයක් අනෙනත් ඹනෑම මානයක් ගැන තිබීමට බාදාවන කිසිවක් නෑ
    එවගේම මම හිතන විධියට කාලය යන්න මානයක් නොවන වගත් ප්රකාශකරන්වා(කියනවා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: