අන්තර්ගතයට පනින්න

ඒ ඇස් සංසාරේ පුරාවටම මම හොයපු ඇස් කියලා මම කියන්නෑ…
ඒ ඇස්….. අනේ මන්ද…?
කොහෙන්දෝ මගේ අහම්බෙන් ඇවිත්…
දැන් මගේ හිතට වැඩියෙන්ම දැනෙන දෙයක් වෙලා…
සීතලම සීතල රෑට දිලිහෙන පුංචිම පුංචි තරු එලියක් වගේ ඇතින්………
ඒ ඇස් දෙක මං දිහා ඉඳලා හිටලා බලනවා…
මම එන්නත් ගොඩක් කාලෙකට කලින් ඉඳන්ම ඒ ඇස් දෙකට අයිති කාරයෙක් ඉන්නවා..
නොහිටියත්…?????
මම කවුද එයාට….
කොහේ වත් නැති තැනකින් ආපු හරියට නොදන්න කෙනෙක්…
පරිපුර්ණ පිටස්තරයෙක්…
එයා දන්නැතුව ඇති…
එයා ගාවින් ඉන්න කාටත් වඩා මම ඒයාට ආදරෙයි කියලා………..
එයා දන්නැතුව ඇති…..
එයාට ආදරෙයි කියලා කියන කාටත් වඩා මම එයාට ආදරෙයි කියලා….
එයා දන්නැතුව ඇති….
එයාගේ එකම එක බැල්මක් එකම එක හිනාවක් වෙනුවෙන් මට මැරෙන්න උනත් පුලුවන් කියලා…
අඩු තරමෙන් එයා දන්නැතුව ඇති…
මම එයා ගැන හිතනවා කියලවත්
ඒත් එයා වෙන කෙනෙක්ට ආදරෙයි කියලා මට දැනෙන හැම වෙලාවකම මාව හිරිවැටිලා යනවා… හදගැස්ම පවා නැවතිලා මං දිහා බලන් ඉන්නවා මොහොතකට… හදවත මගෙන අහනවා… ඇයි උඹ එයාට ආදරේ…. මම දන්නෑ.. පස් මහ බැලුම් බලලා ආදරේ කරන්න පුලවන් උනානම්…. කොච්චර හොඳද…?
ඒත් මේක ඇක්සිඩන්ට් එකක්………..
මම දවසක ඒකිට කියනවා…………………………..
“ මම උඹට ඇත්තටම කියාගන්න බැරි තරම් ආදරෙයි කෙල්ලේ”
ඊට පස්සේ ආයේ කවදාවත් එයාට මාවවත් මට එයාවත් දකින්න ලැබෙන එකක් නෑ…
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
I’m an outsider now..I’m so confused malli…are you okay?
ම්ම්ම්….
99% ඕකේ… අනික් එක අවුල්