ප්‍රතිචාර 6

සඳට කියමි ( රමණිය මරණය හෙවත් සයනයිඩ්)


_________________________________

සිහිනයක කටහඬ 8

__________________________________

lonely_fellow_of_the_moon_RMWP_by_loige

අහස යටම කොතැන හරී – රහස දන්න කෙනෙක් ඇතී
පාට පාට දේදුනු යට – අන්සතුවූ පෙමක් ඇතී

ගැස්සෙනහිතවස්සනකොට ‍- දෑස්අගින්සුසුම්රැලී
කලුවරරෑසඳවතවෙත – මගෙහදවතදිගහරිමි

අහන්නත්කෙනෙක්නැතිකොට – ඇහැව්වත්කියන්නැතිකොට

මටකන්දෙනසීතඳෙන් -නුඹකොහෙදැයිමමඅසමී

ඉඩලැබුනොත්මතුදවසක – සුදුසඳඇවිදින්හෙමිහිට
නුඹසැඟවූමගේරහස් – ඔයසවනටමුමුනාවී

මගේහීනසරසන්නට – සඳේරහස්අහුලාගෙන
නුඹනොඑනාවගදැනදැන – එනතුරුදැඟිලිගනිමී

සඳත්නැතිවනුඹත්නැතිව – පෙමක්හිතටතුරුලුකරන්
අහසඅමාවකවුනුදා – මමමටමුමුනාගනිමි

අහසයටමකොතැනහරී
රහසදන්නකෙනෙක්ඇතී

* * * * * * * * * * * * * * * * * * * * *

 

ම්ම්… ග්ලාස් එක ගනින්… කෝ මෙහෙ බලපන්… උඹ පොරොන්දු වුනා මම කියන ඒවා අහන් ඉන්නවා කියලා….

ම්ම්.. ඇත්ත බං වැරදියි තමයි… දන්නවා.. දැන් මොනා කරන්නද බං… නැත්තටම නැති වෙලා ඉවරයි… මම හිතුවේ නෑ බං ඒකිත් කඩදාසි බෝනික්කියක් වෙයි කියලා…..

ම්ම්.. උඹ දැකලා නැද්ද ඇත්තටම…කඩදාසි වලින් හදලා යන්තම් අටවලා තියෙන්නේ… ෂෝ කේස් වල…

අන්න එවා තමයි.. පොඩි ළමයින්ව රවට්ටන්න තියලා තියෙන ඒවා වගේ… උඹ කවදාවත් ට්‍රයි කරලා නැද්ද..?

නෑ.. නෑ ට්‍රයි කරන්න එපා.. උඹ එහෙම කරොත් ඒක තවදුරටත් බෝනික්කෙක් නෙවේ බන්… උඹට කඩදාසි කෑලි ටිකක් ලැබෙයි..

ම්ම්… කඩදාසි බෝනික්කෝ ගැන කිව්වෙද..? සමනලීත් ඒ වගේ බං.. මම බලන් හිටයනම් මැරෙනකම් උනත් ඒ බැඳිම මට ඒ වගේම තියා ගන්න තිබුනා.. ඒත් මම එයාව අතට ගන්න ට්‍රයි කලා බන් අපරාදේ… මට එක් නොකර ඉන්න තිබුනා.. එහෙම අඩු තරමින් එයා අදටත් මා එක්ක කතා කරලාවත් ඉන්නවා….

කොහෙද හු** යන්නේ වලාකුලු අස්සේ  රිංගන්න.. මම තාම කතාව කියන්න පටන් ගත්තා විතරයි…

සැන්ඩිනැතුවඅමාරුයි.. මංතාමපොඩිඑකා

ඇයි බන්.. එක්කෝ මට නෙතුව කලින් හම්බ වුනා නම්… ඇයි මං වෙන කෙනෙක්ට ආදරේ කරන් පටන් ගත්තට පස්සේ මට ඒකිව හම්බවුනේ…  සමනලීට කලින් මට ඒකිව හම්බුනා නම්.. ඒහෙම නම් මේ කිසිම අවුලක් නෑ.. රෙද්ද.. හැමදේම මිස් ටයිම්..  ඇයි බන් මේ කිට බැරි වුනේ කලින් එන්න.. සමනලීට කලින්… මම ඒකි වැරිදියි කියනවා නෙවේ බං.. මම තමයි වැරදි.. මට මැරීගෙන ලව් කරපු කෙල්ල දාලා වෙන කෙල්ලෙක් පස්සෙන් ගියේ මම… මම තමයි වැරදි..

ආ.. ගහපන් සිංදුවක්..

පමාවැඩියිඔබපමාවැඩියි

ඔබමුනගැසුනේමටපසුවී

පෙරහමුවීනම්ඇයනොපතාමා

ඔබටමහිතපුදමී  – ඔබටමහිතපුදමී

හරි උඹ කියහන්.. මම අසරණ වෙන් නැද්ද… මම දෙන්නටම ආදරෙයි.. කොහොමද කියපන් මම එක්කෙන්ව තෝරගන්නේ… උම කියපන් මට විදිහක්.. බෑ මචං.. විදිහක් නෑ.. මම අන් දෙන්ටම එක විදිහට ලව් කරා… ඒකයි අවුල.. අනික උම හිතනවද මම නෙතුට බොරු කිව්වා කියලා.. නැ යකෝ ඒකි දැනන හිටියා සමනලි ගැන… හැම දෙයක්ම.. දැන දැන ම හිටියා.. මහ පුදුම කෙල්ලක්…

මට මැරෙන්න  ඕනි බං..

කෙල්ලෙක් හින්දා මැරෙන්න හදන එක මෝඩ කමක් වෙන් ඇති බං.. ඒත මට මැරෙන්න ඕනි යකෝ.. මට බෑ මේහෙම ඉන්න..

සමහරි විට උඹට මම දොඩවන විකාර තේරෙන්නෙත් නැතුව ඇති බං… අර බලහන්.. අර මේසේ කොනේ ඇවිත් කලු සමනලයෙක් වහලා.. කලු සමණලයෙක්ගෙන් මෙව්වා කරන්නේ මරනයලු.. ඒ කියන්නේ මම මැරෙයිද බං… අනේ මැරෙනවනම් කොච්චර හොඳද බං.. මේ එක්කොම ඉවරයි එතකොට…

ඇත්තට බං මට කියහන් මැරෙන්න විදිහක්… ලේසි විදිහක්…

මොන රෙද්දෙද  යන්නේ තෝ.. හරි හරි බැරි නම පලයන්.. මමත් මේ සිතලේ මදුරවෝ තල තලා එලියට වෙලා උඩ බලාගෙන තොට කතා කරන්න ආවනේ අමාරුවට… පල පල.. මමත් යනවා ඇතුලට.. නෑ නැ මචා අවුලක් නැ පලයන් පලයන්.. උම එනකම් කොච්චර එව්වෝ බලන් ඉන්නවද ඈ.. පව්නේ.. මම ගියා…  ආයෙත් පෝය දාක හරියට සෙට් වෙමු ඈ.. 

හඳත් යන්න ගියා ඉතිං දැන් මම තනියෙන්... බෝතලේ ඉතුරු ටික තනියෙම හිස්කලාමං කොයිතරම් හින දැක්කද කෙල්ලේ උඹගැන.. ඇයි උඹත් මට මෙහෙම කලේ..

 ආදරේ..

ලොතු රස්සාවක්.

ලස්සන ගෙයක්..

යාව සදහටම මගේ කරගන්න..

වෙඩින් එක දවසේ දාන සිංදු….

ගෙදර බිත්ති වල ගාන පාටවල්

කොටින්ම අපේ ළමයින්ට දානනම්

හැම රෙද්ද ගැනම..

මං මහ වල්ද..?කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ  කරන්නත් කලින්.. එකිව බැදලා  හදන ළමයි ගැනත් හීන දකිනවාඑත් මං හිතුවේ කෙල්ලෙක්ට තුරුල් වෙලා විදින ජරා  ආශ්වාදයක් නෙවෙයි.. ජීවිතේ ජීවත් කරවන පැතුමක්ආදරයක්

 

මගේම කියලා මට හිටියේ එයාම විතරයි.. මගේ හිනවල හරි එයා මගේ වෙලා හිටියා.. දැන් එයත් නෑ ඒ හීනත් නෑ..මට ඔනේ මැරෙන්න..

මෙන්න කෙල්ලෙක් නිසා මැරෙන්නහදන මොඩයෙක්.. මේසේ කොනක වහාලා හිටපු කලු සමනලායා එහෙම කියලා මට හිනාවුනා..

එව ඇතිවෙනකම් හිනාවෙයල්ලා.. මගේ ජිවිතේ මට ඕනි නම් මම මැරෙනවා..

එත් ඒක ලේසි නෑ මට ලෝබයි මැරෙන්න.. වැරදිලා හරි එයා ආපහු ආවොත්.. කවදා හරි මට ආදරේ කලොත්… රෙද්දත් තමයි ඒකි ආයේ එන්නෑ…

මැරෙන එක ලේසිය මේකඅමාරුයි.. මෙහෙම ජීවත් වෙන එක ඇත්තටම ඒක ආමාරුයි

 මරණය.. ඒක කොහොම එකක් වේවිද?

වේදනාව

මරනීය වේදනාව..

මට බයයි 

ගොඩක්

එත් මට මැරෙන්න ඕනි

 

මට ඕනේ ක්ෂනික මරණයක්.. වේදනාවෙන් තොර කාටහරි පුලුවන්ද මාව මරලා දාන්න

 මං කෑ ගැහුවා

 අනේ මරලා දාන්න කවුරැ හරි මාව

අනේ මරන්නකෝ……….

 මාව මරලා දාන්න……….

 මාව මරලා දාපල්ලා………..

 මාව මරලා දාපං

 මාව මරලා දාපල්ලා යකෝ………….

 

මං පිස්සුවෙන් කෑ ගැහුවා.. මාව මරලා දාන්නවත් කාටවත් ඕනේ කමක් නැද්ද..?

 

ම්ම්ම්… එහෙනම් මටපුලුවන්සියදිවිනසාගන්න

 

වහබොන්න..

බෑ ඒක වේදනාකාරී වැඩියි.. මැරෙන්නේ හෙමින් ටිකෙන් ටික.. මං මැරෙන්නේ ජීවිතය වේදනාවක් නිසාඒ නිසා මරණයත් වේදනාවක් කරගන්න මට බෑ

 එහෙනම් බෙල්ලේ වැල දාගන්න

නෑ මං දැකලා තියෙනවා බෙල්ල හිරවුනාම මිනිස්සු කෑ ගහලා දගලලා මැරෙන හැටිමට ඕනේ රමණීය මරණයක්

 

තුවක්කුවක්වත් තිබුනා නම් ඔලුකට්ට කුඩු වෙන්න වෙඩි තියාගන්න තිබුනාඒත්බැ.. මැරෙන්නේ විරෑපී වෙලා

 කෝච්චියට පනිමුද..? බෑ කෑලි කෑලි වෙලා යාවි

 මං කල්පනා කලා

ම්

……….

………

……..

…….

……

…..

….

..

.

 හරි

සයනයිඩ්… 
කැවා… මලා…

අතුරු කතා නෑ

ඒත් කෝමද…

හොයාගන්නේ.. අනික දැන්..

දැන් නම් හොයන්න බැරි වෙයි… ඒත් මම හොයාගන්නවා වැඩි දවසක් යන්න කලින්…

 මම තිරනේ කලා තව දවසක් දෙකක් ජිවත් වෙන්න.. රමණිය මරණයක මාවත වන සයනයිඩ් ලැබෙනකම්..   ම්ම්.. මට දැන් ඇත්ටම ඕනි සයනයිඩ් ටිකක් විතරමයි

 ඇත්තටම මට පිස්සු.. මරණය අස්සෙත් සැපක් හොයන්නේ.. මැරෙනවානම් මැරියන්කෝ… ඒකත් සැපට මැරෙන්න…


ගොඩක් රෑ වෙලා..  මම නිදාගත්තා… එකම එක ප්‍රාර්ථනාවත් හිතේ තියාගෙන.. 

”අනේ හෙට උදේ වෙනකොට මම මැරිලා හිටපං…”

 

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: