ප්‍රතිචාර 2

WAITING හෙවත් මඟ බැලීම


අහසේ නෑ එකම එක වලාකුලක්වත්… එහෙම කියමකොටම කොහෙන්ද වගේ පාවෙලා ආපු වලාකුලක් මට කින්ඩියට වගේ හිනා වෙවී අහනවා… ඇත්තටම මොකක්ද මේකේ තේරුම….?????

මම දන්නේ නෑ තේරුමක්… ඇත්තටම මම මෙතුවක් කල් කරපු දේවල් වලට තිබුනද තේරුමක්…??? නෑනේ ඉතින් මොකටද බොරුවට වගේ මේකට විතරක් තේරුමක් හොයන්නේ..  මම යනවා ආයෙමත් අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බුන තැනට… ඔව්… පාර අයිනේ… අර මොකක්ද නම් නොදන්න ගහ යට…. බංකුවේ

මට හිතෙනවා මෙතෙන් කෑම්ප් එකක් වගේ එකක් ගහල මෙතනම නවතින්න… 

ඇත්තටම එහෙම පුලුවන් උනා නම්….. ඇත්තටම මම බලා පොරොත්තුවෙනවා උඹ ආයෙමත් කවදා හරි දවසක් මෙතෙන්ට එයි කියලා… ඇත්තටම මට එහෙම උඹ එනකම් බලන් ඉන්න බැරි වෙන්න හේතුවක් තියෙනවද….????අනික් අතට මට එහෙම බලන් ඉන්නත් හේතුවක් තියෙනවද..???

කොහෙමද… ඔයා වැරදීමකින් හරි ආපහු එන දවසක් මම ඔයාගේ ෆොටෝ එකකුත් අතෙ තියගෙන ඔයා එනකම් බලන් හිටියොත්..???මම දන්නේ නෑ ඔයා දැන් කොහේ ඉන්නවද කියලවත්

මම තීර්නේ කලා බලන් ඉන්න…. මේ නමක් නොදන්න ගහ යටටම වෙලා…..  කවදා හරි ඔයා එයි කියලා බලා පොරොත්තුවෙන් බලන් ඉන්න මෙතෙනටම වෙලා….. ඒක මහ පිස්සු තීරණයක්… ඒත් මම දන්නවා… කවදා හරි දවසක් උඹේ හිත වෙනස් උනොත් උඹ ඉස්සෙල්ලම එන්නේ මෙතෙන්ට තමයි කියලා… ඒ නිසාම මම කලා බලන් ඉන්න…

ඇත්තටම මම බලන් හිටියා…

පැයක්…..

දවස් ගානක් 

සතියක් විතර හෙමින් ගෙවිලා ගියා…

ඊට පස්සේ කොයි තරම් කල් ගියාද කියලා මට මතක නෑ… කාලය මට අචේතනික දෙයක් බවට පරිවර්තනය උනා….

තවත් කාලෙකට පස්සේ ඒතනින් යන මිනිස්සු මට සල්ලි දීලා යන්න පටන් ගත්තා…..

උන් දන්නවයෑ මම මේ කෙනෙක් එනකම් බලන් ඉන්නවා කියලා….

“යකුනේ…. මට කිසිදෙයක් නැතිවෙලා නෑ…. ” කියල කෑ ගහන්නත් හිතුනා මට…

උන් එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ ඉතින්… ගෙයක් දොරක් නෑ වගේ පාර අයිනේ ඉන්නේ එහෙම උන්නේ…ඒත් මම හරි රොමැන්ටික් හිඟන්නෙක්

ඇත්ත  ඒත් මට යන්න හිතෙන්නේ නෑ 

කෙල්ලේ උඹ තවමත් ඉන්නේ හීනෙක…  උඹට කවදා හරි දවසක මම නැති පාලුව දැනෙයි.. වැරදිලා හරි එහෙම දනුනොත්….

හිතුනොත් මේකා කොහෙද ඉන්නේ කියලා බලන්න ඔනි කියලවත්….  එන්න…. මම තාම එතෙනමයි……

මට ඇහෙනවා මිනිස්සු කතා වෙවී යනවා… කෙල්ලෙක් වෙනුවෙන් බලන් ඉන්න එකෙක් ගැන….

සිරාවටම මෙහෙම ගියොත් නම් මම මාර ෆේමස් වෙයි… ලොකයේ ප්‍රසිද්දම මඟ බලා සිටින්නා…. ඒත් මොන මගුලටද මට ඒක…

සමහර විට තව ටික දවසකින් මාව නිව්ස් වලට පෙන්නයි…

එතකොට ඔයා මාව දකීවී….

දැකලා……………………………………..

“මේ අයිසේ ඔතන නිදාගන්න බෑ… ඔය මගේ තැන”

මම උඩ ගියේ කාගෙදො කෑගැහිල්ලකින්

හිඟන්නෙක්…

අම්මට හුඩු… මට අර නම් දන්නේ නැති ගහ යට බංකුව උඩ  රෑ වෙනකම් නින්ද ගිහින්නේ… ෴

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: