විජයාරාමලංකාරය


සිරිලක් පුරේ අග නගරේ කොලඹ දෙසේ

ජන්ශන් ඒකක් තියනෙවා  පට්ටයි  අයිසේ

ලස්සන කෑලි දිව රෑ හන්දියේ  ගැවසේ

විජයාරාමලංකාරය කියමි  මෙසේ

_____________________________________

මම ලොකු බෝ ගහක් හන්දිය මැද්දේ  ඇත

කීල්ස් සුපර් එක එහි පැත්තකින්  ඇත

ගිහාන් ඒකේ  රෑ වෙන තුරැ බියර්  ඇත

තව මරු සිරා දේවල් හන්දියේ  ඇත

_____________________________________

සිසිවන් උවන ටින්ටඩ් කල  කෙහෙරැල්ල

ජැස්මින් පර්ෆියුම් ලිස් ටික් ගෑ  දෙතොල

කීල්ස් සුපර් එක තුල් සිටිනා  අඟන

ඇසි පිය හෙලන පමනින් නොවෙති  දෙවඟන

_____________________________________

පාරෙන් එහා පැත්තේ ඇත තව  කඩයක්

අපි එහේ යන්නේ ගහන්න හිතුනම  අඩියක්

නවයෙන් පස්සේ වහනා ඒක හරි  කෙලියක්

මම නම් යන්නේ නෑ ඕකට වැඩි  හරියක්

_____________________________________

ජපුරය කියා කැම්පස් එකකුත්  ඇත්තේ

ඒනිසා කැකුලියෝ බෝමයි මේ  පැත්තේ

එක එක සයිස් නෙක නෙක පැහැ අය  ඇත්තේ

දෙවියනි කිමද මට තව කෙල්ලෙක්  නැත්තේ

_____________________________________

කඩයක තියේ එකොලහ වෙනකම්  කොත්තු

ඒකේ සිටී අක්කා මගේ හිත  ගත්තු

දෙන්නම් හිතෙනවා ඒ අක්කට  තොත්තු

මට බය වැඩේ අයියට වේවිද  පත්තු

_____________________________________

කොටට පලපු ඒවා ඇඳ කෙල්ලො  යතී

තදට හිරට ඇඳපු අයත් බෝම  වෙති

අනේ ඉතින් කොල්ලන්ටත් මාර  ගතී

බෙල්ලේ අමාරුව හැදුනොත් පුදුම  නැතී

_____________________________________

පාර දෙපැත්තේ  හැම තැන බත්  කඩය

අතරින් පතර ඇති කොමියුනි  කේෂන්ය

සැලූන් හතකි ඉන් හතරක්  ලේඩිස්ය

හන්දියේ කඩ වලය මාරම  බිස්නස්ය

_____________________________________

මැද මාවත තියේසෝරත පෙදස  තියේ

රබර් වත්ත තව චුට්ටක් එහා   තියේ

තව දුර ගියොත් පිරිවෙන පාරකුත්  තියේ

ඔක්කොම පහුවෙලා මගේ බෝඩිමත්  තියේ

_____________________________________

ලංකාවට එකයි  මේ හන්දිය   සොඳුරූ

බෝඩිම් ලෝකයයි හැමතැනකම  මිතුරූ

වරක් ඇවිත් බැලුවොත්  යාවිද  කවුරූ

විජයාරාමලංකාරය මේ   මහරූ

 

…පිටස්තරයා..

4 thoughts on “විජයාරාමලංකාරය

නිර්නාමික වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න