ප්‍රතිචාර 4

හිස්තැනක්…….


ඊයේ කියන කරුම දවස ගෙවිලා ගිහින් තිබුනා … අද තවත් අලුත් දවසක හවසක්.. එහෙම කිව්වේ මං

ඇහැරුනේ දවල් 12.00 පහුවෙලා නිසා.. කොහොම හරි අද නම් කාසියක් හොයාගන්නවා.. ඒත් දවල් බෑ..

මං ආස නැ දවල්ට.. මං ආස රෑට.. කලුවරට.. හීතලට… අද දවල් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා

මං හිතිගත්තා.. වැරදිලාවත් මට මැරෙන්න උනොත්..

එදා ආපු ප්‍රෙන්තෝ ඉතුරු කරලා ගිය කොටේ ඇද යට.. මල් වගයක් පොත් රාක්කේ අස්සේ..

කරුම දවස ගෙවිලා ගිහින් තිබුනා … අද තවත් අලුත් දවසක හවසක්.. එහෙම කිව්වේ මං ඇහැරුනේ දවල්

12.00 පහුවෙලා නිසා.. කොහොම හරි අද නම් කාසියක් හොයාගන්නවා.. ඒත් දවල් බෑ.. මං ආස නැ

දවල්ට.. මං ආස රෑට.. කලුවරට.. හීතලට… අද දවල් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා මං

හිතිගත්තා.. වැරදිලාවත් මට මැරෙන්න උනොත්..

එදා ආපු ප්‍රෙන්තෝ ඉතුරු කරලා ගිය කොටේ ඇද යට.. මල් වගයක් පොත් රාක්කේ අස්සේ..

මට ඇල්කොහොල් වලින්  වලින් විමුක්ති මාර්ගයක් පෑදුනොත් කියලා මම කොටේ ගහන්න ගත්තා .. මම

කිව්වේ මගේම අලුත් මාර්ගයක්.. විමුක්ති මාර්ගය පුද්ගලානුරූපව සාපේක්ෂයි කියලා අපි හිතාගමු…

ඒ ඔක්කොම කරලා අද අන්තිම දවස කියලා හිතලා කාලා බීලා නාලා ඉවර වෙලා බලනකොට වෙලාව

5.57යි.. තව ටිකකින් කලුවර වැටෙයි.. ගෙදර අය නිදාගත්තම අර 2000 මාරු කරලා කාසියක්

හොයාගන්නවා…

පැය ගානක් තියෙනවා තවත්…. ම්ම්ම්

මම පටන් ගත්තා… කලපනා කරන්න

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

කොහොමින් හරි හැමදාමත් වගේ සංසාරේ මනින ඔරලෝසු කටු තමන්ගේ ගමන ගිහින් තිබුනා…

බිත්තියේ පැත්තට එල්ලිලා හිටපු ඔරලෝසුව මට වෙලාව කිව්වා…  10.47 යි.. එකොලහට විනාඩි 13යි…

දැන් වෙලාව හොදයි මරනීය කාසිය ඇරන් එන්න…

 මං හොමිහිට ජනේලේ ඇරියා… හදෙන් ¾ කටම කවුද වග කියලා.. ඉතුරු ¼ විතරක් දුකෙන් අහසේ

කොනක තනි අතින්  එල්ලිලා බලන් ඉන්නවා… මාරම සීතලයි… සෙල්සියස් 25  විතර.. පර්ස් එකේ ඇඹරෙන

දෙදාහේ කොලේ මං දිහා බලාගෙන “ අනේ මාව වියදම් කරපන්” කියලා ආයාචනාත්මක බැලුම්

හෙලනකොට ගනන් නොගෙන කොහොමද..?? මට හොදටම දුක හිතුනා ඌ ගැන… මං මේ ගමන යන්නම

ඕනි..

 මම, පවුලේ  අකීකරු පුත්‍රයා වුනත් කවුරුත් හිතලා නැද්ද කොහෙද මං හොරෙන් පැනලා රෑට රෑට රස්තියාදු

ගහන්න පටන් ගනියි කියලා…. ඒ නිසා මගේ කාමරේ ජනෙල් වල යකඩ කූරු නෑ.. වෙනදා නම් මං මොහෙම

යන්කොට  යන්නේ තනියම නෙවේ ඒත් දැන් වැඩක් නෑ ඒවා.. එයා  දැන් මුදු හතක් එහා…

මම කොහොම හරි සීතල නැතිවෙන විදිහේ කිටක් මරලා හරියට 11ට එලියට බැස්සා රස්තියාදු පාරක්

දාන්න… ටවුන් එකට ටිකක් දුරයි… ඉතින් මං ඇවිදන් ගියා හෙමින් තනියෙන්…. ¼ක හදයි දහස් ගානක

තරුවලයි එලියෙන්…

 ඉදලි හිටලා ඇහෙන නින්ද යන්නේ නැති බල්ලෙක්ගේ අඩු බුරන සද්දේයි.. පාර අයින දිගටම පදුරු අස්සේ

රැහැයියෝ පෙම් කෙලින සද්දෙයි ඇරුනම වෙන සද්දයක් නෑ කිසිම… මට පිස්සුද මන්දා… ඒක මන් දන්නෑ..

මං දන්නේ මෙච්චරයි.. එක්කෝ මට පිස්සු.. මට පිස්සු නැත්තම මුලු ලොකෙටම පිස්සු.. ලෝකයක් පිස්සු

කියලා කියනවට වඩා මට පිස්සු කියලා පිලිගන්න එක ලේසිනේ… ඒ නිසා හරි මට ිපස්සු.. දැන් හරිනේ

ලෝකෙටම සන්තෝසයි… මම මනෝ පාරෙන්ම ටවුන් එක බලා ඇවිත්….

 දවල් වරුවට නම් ඉතින් මෙතනින් පාර පනින්න නම් අඩුම ගානේ විනාඩි 10 වත් ඉන්න ඕනි… ඒත දැන්..

පාර මැද නිදාගෙන හිටියත් යටකරන් යන්න වාහනයක් නෑ… ඔරලෝසු කනුවේ සිය ගානක්  LED රටා

හුදකලා නගරටනට වෙලාව කියනවා..මට හිතුනා ඔරලෝසු කනුව උඩට නැගලා කෑ ගහන්න… අර හින්දි ‍‍

ෆිල්ම් වල වගේ..

 I…… … L…O…V…E………. …YOU………………

 පිස්සු ඕවත් කරන්න පුලුවන්ද..??/

 ඒවාගෙන් වැඩක් නෑ.. දැන් මං හොයාගන්න ඕනි වහලා නැති කඩයක්… කාසියක් ලබාගැනිම සදහා… මම

පාර දෙපැත්ත බල බලා ඇවිදන් ගියා… හ්ම් තව දුර යන්න වෙයි…

  එනපාරටම මෙන්න ඉන්නවා පාර අයියේ කෙල්ලක්… එය කිව්වේ මට පිස්සු… විකාර පේනවා…

  පෙනුමට නම්  ලස්සන  වගේ…. නෑ මෝහිනි වෙන්න බැ.. අතේ ළමයෙකුත් නෑ.. අනිත් අතට ඇදලා

ඉන්නේත් සුදු සාරියක් නෙවේ.. ඩෙනිමක්..

 මම කිසිම මත්ද්‍රවයක් භාවිතා කලේ නෑනේ.. මට නම් එහෙම මතකයක් නෑ.. එහෙමනම් මට මේ විකාර

පේන්නේ ඇයි… ඒත් කියන්න බෑ හිටපු ගමන් කිසිම හේතුවක් නැතුවත් මනෝ විකාර පේනවලු..

 රෑ එකොලහ හමාරට විතර පාර අයි‍නේ ලස්සන පුංචි ( පුංචි කිව්වේ හුරුබුහුටි) කෙල්ලෙක්.. මං ඇස් දෙක

පිහිදාලා බැලුවා ඒ කෙල්ල අතුරුදහන් වෙලා ඇති කියලා හිතාගෙන….

 අපොයි.. අතුරුදහන් වෙලා නෑ…

 ඒ කියන්නේ ඇත්ත කෙල්ලක්…..

 මොනා කරනවද මන්දා මේ මහ රෑ… මට හිතුනා ලගට ගිහින් කතා කරන්න.. අඩ අදුරේ නිසා මූණ පැහැදිලි

නෑ.. එත් ලස්සන ඇති.. ඇඟ නම් හැඩයි… ආදරේ හිතෙනවා… නෑ නෑ ආසා හිතෙනවා…

මං හිමිහිට ලං කරලා කතා කරන්න හැදුවා…

නංගී කියනවද..??? අක්කා කියනවද..??/ නංගි කියමු…

“  නංගි මොකෝ මේ රෑ.. තනියම….? ”

 එයා නෝ කතා.. ඒත් පෑවා සිනා..  අමුතු බැල්මක් එක්ක  හදවත සිතලේ හිරිවැටිලා යන විදිහේ හිනාවක් දැම්මා… එත් මං අහපු දේට උත්තරයක් නෑ.. මම

 වටපිට බැලුවා… කවුරුත් නෑ… තව ටිකක් ලං වුනාට මොකද..??

 ඒ කෙල්ල මං දිහා මාර බැල්මක් දැම්මා… Sexy බැල්මක්… මට යමක් හිතුනා.. ඒත් කවුද දන්නේ ඕවා..

අනික එයාගෙන් අහන්න පුලුවන්ද..?? වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්… පෙනුමෙන් නම් පොඩු

කෙල්ලක් වගේ ඒ නිසා එහෙම වෙන්න බැ… අනික් අතට එහෙම නම් මේකි පව්

 ” මොනාද ඔය තරමට බලන්නේ.. මං  හොද නැද්ද..??”

 මං කල් පනා කරලා තියෙන්නෙත් එයා දිහා බලාගෙනමයි… මං හිතපු දේ හරිද..?? .. ඔව් උපකල්පනය

සාර්ථකයි මෙයා රෑ මනමාලි කෙනෙක්..

 “ නෑ.. නෑ හොද නැතුව නෙවේ ගොඩක්  හොදයි..”

 ” එහෙමනම් මොනාද ඔය තරම් බල බලා ඉන්නේ”

 ඇත්තටම ැරෙන්න ඉන්න එකේ මේකත්…..

එහෙම  හිතන්නවත් උනේ නෑ.. මගේම හෘද සාක්ෂිය මට අහලාවත් නැති කුනුහරප දහස් ගානක් කියලා

බනින්න ගත්තා…

 මට ආසා නොහිතුනා නෙවේ.. ඒත් ඊට වාඩා දුක හිතුනා.. පේන තරමට මේකි මගේම වයසේ වගේ පෙනුමක්

තියෙන්නේ… මම තීරනේ කලා අර පර්ස් එකේ ඇඹරි ඇඹරි හටපු දෙද‍ාහේ කොලේ දෙන්න. නිකම්ම

පිනට…

 ” නංගි… ටිකක් ලගට එන්න”

 එයා මට ලංවුනා… ඒ උනුසුම් හුස්ම මගේ උරහිසට දැනුනා..

 ” අත දෙන්න…”

  ඒ අත් මාර සිනුදුයි ආසාවේ බෑ….

 මම ඒ ඇස් වලට එබුනා…

 ” මේක තියාගන්න”

 මං ඒ රුපියල් දෙදාහේ කෙලේට සුසිනිදු ස්ත්‍රී දෑතය පහස ලබලා දුන්නා…

 ” කලින්ම සල්ලි දෙන්නේ ඇයි..??”

 එයාට ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත එයා එහෙම ඇහුවේ නෑ..

 ” යමු.. කැමති තැනකට..”

 එයා හිතලා තියෙන්නේ මං එයාව සල්ලි දීලා අද රෑට කුලියට ගත්තා කියලා.. මට තියන්නේ මේකි ගෙදර

එක්කන් යන්න තමයි .. මං වෙන කොහේ එක්කරන් යන්නද මම..

” ඔයා යන්න ගෙදර..”

 ” එතකොට සල්ලි දුන්නේ..”

 මම මොකුත්ම කිව්වේ නෑ.. ආපහු යන්න හැරුනා… අඩි දෙකක් යන්න හම්බවුනේ නැ..

” අයියා..”

හ්ම් කටහඩත් ලස්සනයි..

මම ආපහු හැරුනා.. එයා ගේ කම්මුල් වලි දිය සීරාවක් දිලිසෙන වග මම දැක්කා.. කදුලු එන්න තරම් දෙයක්

මම කලේ නෑනේ…

 ”මේ මහ රෑ රස්තියාදු ගහන්න එපා ගෙදර යන්න..”

මට හිනා ගියා … මං ගැන දුක හිතිලා මෙයාට.. අනුකම්පා කරන්නාට පෙරලා අනුකම්පාව ලැබේ ලු… හිහ්..

 ” ඉතින් මට කියන්නේ.. ඔයත් ගෙදර ගියානම් හොදයිනේ… තනියම ඇවිදින්නේ.”

ඒ ඇස් දෙක හිනාවුනා ලැජ්ජාවෙන් ගොඩක් ලැජ්ජාවෙන්… ඒත් ඒ ඇස් ඇතුලේ පුදුමාකාර ලෙංගතු කමක් මං

දැක්කා… ඒ බැල්ම මට තාම්ත මතකයි… එයා මොකුත් කිව්වේ නෑ… ආපහු හැරිලා යන්න ගියා.. ඒනිම

උපාසක හිතක සිල් බිදෙන තාලෙකට… මට හිතුනා මේකිට ආදරේ කරලා බලන්න.. ඕනේ නෑ එක්කෝ..

මේකි මට හිනාවෙයි…

හරි දැන් ඉතින් දානපතියා වගේ දුන්නනේ.. කාසියක් හොයාගෙන්නේ කොහොමද…?? මල මංගල්ලේ..

දැන් කාසිත් නෑ.. මැරෙන්නත් බෑ.. අනික් අනිද්දා කිලාස් ර්කට දෙනනත් සල්ලි නෑ.. උඹ බම්බු ගහ ගනින්..

 සල්ලිත් නෑ.. මරන්න විදිහකුත් නෑ.. මැරෙන්නත් බෑ.. අනේ මන් දන්නෑ.. මොනා කරන්නද හිතාගන්න බෑ

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: