සීතල සිතුවිලි

අයියෝ සල්ලි


ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්‍රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි.. දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉන්ධනය විදිහට වෙන හොඳ ගැලපෙන මොනා හරි කියන්න […]

WAITING හෙවත් මඟ බැලීම


අහසේ නෑ එකම එක වලාකුලක්වත්… එහෙම කියමකොටම කොහෙන්ද වගේ පාවෙලා ආපු වලාකුලක් මට කින්ඩියට වගේ හිනා වෙවී අහනවා… ඇත්තටම මොකක්ද මේකේ තේරුම….????? මම දන්නේ නෑ තේරුමක්… ඇත්තටම මම මෙතුවක් කල් කරපු දේවල් වලට තිබුනද තේරුමක්…??? නෑනේ ඉතින් මොකටද බොරුවට වගේ මේකට විතරක් තේරුමක් හොයන්නේ..  මම යනවා ආයෙමත් අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බුන තැනට… ඔව්… පාර අයිනේ… […]

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?


ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා….  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි… ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි.. මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් […]

මගේ ආදරේ…………….


ඒ ඇස් සංසාරේ පුරාවටම මම හොයපු ඇස් කියලා මම කියන්නෑ… ඒ ඇස්….. අ‍නේ මන්ද…? කොහෙන්දෝ මගේ අහම්බෙන් ඇවිත්… දැන් මගේ හිතට වැඩියෙන්ම දැනෙන දෙයක් වෙලා… සීතලම සීතල රෑට දිලිහෙන පුංචිම පුංචි තරු එලියක් වගේ ඇතින්……… ඒ ඇස් දෙක මං දිහා ඉඳලා හිටලා බලනවා… මම එන්නත් ගොඩක් කාලෙකට කලින් ඉඳන්ම ඒ ඇස් දෙකට අයිති කාරයෙක් ඉන්නවා.. […]

දෙකා………..යි


දෙකයි කිව්වම මට නං ඉතිං එක එක ඒවා මතක් වෙනවා.. එක එක ඒවා දෙක දෙක තියෙනවනේ.. අත්, ඇස්,කණ්…….. සමහර අයට ගෑණු ළමයි දෙක දෙක ඉන්නවා.. සමහර අයට පිරිමි ළමයි දෙක දෙක ඉන්නවා.. හරි හරි මේ කියන්න යන්නේ එහෙම දෙකක් ගැන නෙවේ…. අවුරුදු දෙකක් ගැන.. අද ඒ කියන්නේ ඔක්තෝබර් 25.. අද තමා මගේ උපන් දිනේ… පිටස්තරයට […]

ඇමතුම


රෑ දොලහයි දහතුනයි.. මට නින්ද ගියේ නෑ.. ඒකි මට කතා කලා… “හෙලෝ…..” “හෙලෝ……..” “ඔයා කවුද..??” ” මම ලොකු හිතක් තියෙන පුංචි කොල්ලෙක්…” “හ්ම්……..” ” ඇයි හ්ම්……??” “මම පුංචි හිතක් තියන ලොකු කෙල්ලෙක්..” ” ඉතිං… මම මගේ හිතෙන් ටිකක් දෙන්නම් ඕයාට..ඔයා මට ඔයාගේ ඇගෙන් ටිකක් දෙන්න…” “ඇත්තටම දෙනවද…..” “ඇත්තමයි….” “ම්………………..මා..” එච්චරයි… ඊට පස්සේ මට නින්ද ගියා

ප්‍රේමය නම්…..????????


උදේම නැගිට්ට ගමන් රේඩියෝ  එකේ යනවා මාර සින්දුවක්.. මාව නිකම් කරකවලා අතඇරියා වගේ… “ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි… පාරිශුද්ධයි… සුරම්‍යයි…” මට හිනා ගියා.. ටිකක් හයියෙන්.. හොදවෙලාවට ගෙදර කවුරුත් හිටයේ නෑ.. හිටියනම් අනිවා අහනවා උඹට පිස්සුද කියලා… ඒ තරම් වොලාවක් මම හිනාවුනා… ඇත්තනේ අප්පා… පිස්සු හැදෙන සිංදුනක් තමා මේක… මම දන්නේ නෑ […]